සම මත ඇතිවන දොඩම් ලෙල්ලක ස්වභාවයේ සිදුරු (Orange peel) සහ ඒ සඳහා ප්‍රතිකාර

ඇතැම් කාන්තාවන්ගේ සම මත දොඩම් ලෙල්ලක ස්වභාවයේ සිදුරු නැතිනම් වලවල් දක්නට ලැබෙනවා. මේවා සමෙහි ඕනෑම තැනක දැකිය හැකියි. මේ ආකාරයට සිදුරු ඇති වීමට බලපාන ගොඩක් හේතු තියෙනවා. ඉන් සමහරක් හානිදායක වන අතර සමහරක් හානිදායක නැහැ. උදාහරණයක් විදියට පියයුරු මත මෙවැනි තිත් ඇතිවීම පියයුරු පිළිකාවක ආරම්භය වන්න පුළුවන්. එම නිසා ඔබගේ පියයුර මත සිදුරු වැනි යමක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙක් හමු වීමයි ඔබ කළ යුත්තේ.

 

සම මත මෙවැනි සිදුරු ඇති වීමට බලපාන හේතු

1. වයසට යාම – Aging

සම මත සිදුරු ඇති වීමට මූලිකම හේතුව වන්නේ වයසට යාමයි. වයසට යාමත් සමඟ සමෙහි ඇදෙන සුළු ස්වභාවය (elasticity ) නැති වෙනවා. එවිට සමෙහි ස්ථාවර බව අඩු වෙලා සිදුරු සහිත ස්වභාවය වැඩි වී පෙනෙනවා. ක්රම ක්රමයෙන් මෙම සිදුරු විශාල වී පෙනෙන අතර එය දොඩම් ගෙඩියක මතුපිට වැනි ස්වභාවයක් ගන්නවා. ජානමය බලපෑම් මත මෙම සිදුරුවල ප්රමාණය වෙනස් වෙනවා. මෙම තත්ත්වයට ඔබට කිරීමට කිසි දෙයක් නොමැති නමුත් සමෙහි ඇදෙන සුළු ස්වභාවය පවත්වා ගැනීමට යම් යම් ප්රතිකර්ම කිරීමට පුළුවන්.

 

2. කෙරටෝසිස් පිලාරිස් – (Keratosis pilaris)

සමේ රෝගයක් වන මෙහිදී  කුඩා කුරුලෑ වැනි තත්ත්වයක් සම මත ඇතිවීම දක්නට ලැබෙනවා. කළවා වල සහ අත්වල උඩ කොටසේත් කුඩා ලමුන්ගේ නම් කම්මුල්වලත් දැකිය හැකි වෙනවා. මෙහිදී ගැටිති විදියට දකින්න ලැබෙන්නේ මියගිය සෛලවල ශේෂයන් . මේවා හානිදායක නැති නමුත් සමේ කැසීම් සහ වියළි බව දැනෙන්න පුළුවන්

 

3. සෙලියුලයිට් – Cellulite 

මෙම තත්ත්වය මාංශ පේශීන් මත ඇති වන අතර කලවා, ඉණ සහ කකුල් මත දකින්න පුළුවන්. වයසට යන විට කාන්තාවන් අතර බහුලව දැකිය හැකි අතර මෙයට හේතුවක් මෙතෙක් හඳුනාගෙන නැහැ. මේවා ඉතා සුලබ වන අතර හානිදායක නොවේ. බොහෝමයක් ප්රතිකාර එතරම් ඵලදායි නැහැ. නමුත් ව්‍යායාම සහ සම තද කිරීමේ (skin tightening) ප්‍රතිකාර මගින් යම්තාක් දුරට පාලනය කරගන්න පුළුවන්.

 

4. ලිම්ෆෙඩෙමා – Lymphedema

මෙම තත්ත්වයේදී අත් හෝ කකුලෙහි මාංශ පේෂීන් ඉදිමීම දක්නට ලැබෙනවා. වසා ගැටිති ඉවත් කිරීම හෝ අවහිරතාවයක් සිදුවීම මත මෙම තත්ත්වය ඇති වන්න පුළුවන්.මෙහිදී රෝග ලක්ෂණ විදියට අත් හෝ කකුල් ඉදිමීම, කැක්කුම් සහ යම් අසහන අසහනකාරී තත්ත්වයක් ඇතිවීම, මාංශ පේශීන් තද වී ඇති ස්වභාවයක් දැනීම, චලනයන් සිදු කිරීමේ අපහසුව දකින්න පුළුවන්. මෙයට නිශ්චිත ප්රතිකාර ක්රමයක් නොමැති අතර වෛද්යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීම ඔබට කිරීමට පුළුවන්.

 

5. පියයුරු පිළිකා

 ඔබේ පියයුරෙහි සම මත දොඩම් ලෙල්ලක ස්වභාවයෙන් සිදුරු ඇතිවීම හෝ ගැටිත්තක් දක්නට ලැබීම පියයුරු පිළිකාවක ආරම්භය වෙන්න පුළුවන්. අපට මෙවැනි තත්ත්වයක් පිළිබඳ අවදානමක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වීම ඉතාමත් වැදගත්. පියයුරු පිළිකාවක ලක්ෂණ විදියට පියයුරු රතු වීම, තන පුඬුව ඇතුළට ගිලීම, ඉදිමීම  සහ ගැටිත්තක් දක්නට ලැබීම සහ පියයුරු සාමාන්යයෙන් විශාල වී බරක් දැනීම හඳුන්වා දෙන්න පුළුවන්.

 

සම මත ඇතිවන මෙම තත්ත්වය මගහරවා ගන්න කළ හැකි දේ

වයසට යාම, සෙලියුලයිට් සහ කෙරටෝසිස් පිලාරිස් වැනි සම මත සිදුරු සහිත තත්ත්වයන්ට නිවසේදීම කළ හැකි ප්රතිකාර කිහිපයක් තිබෙනවා.

  • Glycolic අම්ලය මගින් සමේ මියගිය  සෛල ඉවත් කරනවා.
  • Retinol නම් වූ ඖෂධය මගින් සෙලියුලයිට් කෙරෙහි බලපෑමක් ඇති කරන අතර සමෙහි නැවත නිරෝගී සෛල වර්ධනය කරන්න උදව් කර සිදුරු කුඩා කරනවා
  • විටමින් සී ලබා ගැනීම මගින් සම වයසට යාම වළක්වා සමෙහි තෙතමනය ආරක්ෂා කරනවා
  • හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට ආලේප කරන ආලේපන (Sunscreen) මගින් සම මත ඇති වයසට යාමෙ සලකුණු අඩු කිරීම සිදු වෙනවා.
  • Microdermabrasion ක්රමය මගින් සමේ පැහැය වඩාත් පැහැදිලි සහ දීප්තිමත් කිරීමට ඔබ උපකාරී වනවා
  • Dermal filler or Botox වැනි එන්නත් මගින් මුහුනේ රැලි සහිත පෙනුමත් වලවල් අඩු කිරීමත් සිද්ධ කරනවා

 

පියයුරු පිළිකා සහ ආසාදන වලට ඇති ප්රතිකාර

 

සම මත මෙම සිදුරු සහිතව ඇතිවන පියයුරු පිළිකා සහ ආසාදන වැනි රෝග සඳහා නිරන්තරයෙන් වෛද්‍යවරයෙකුගෙන් ප්රතිකාර ගැනීම අවශ්යයි. පිළිකා සෛල විනාශ කිරීම සඳහා රසායනික චිකිත්සාව භාවිත කර ගන්නා අතර පසුව විකිරණශීලී ප්රතිකාර සහ ශල්යකර්ම වැනි දේ සිදුකරනවා

 

ඔබ වෛද්යවරයෙකු හමුවීමට තීරණය කළ යුත්තේ කවදාද?

 

විශේෂයෙන් කාන්තා අපි රෝගයක් සෑදුණු විට වෛද්‍යවරයකු හමුවීමට යන්නේ බොහොමත් කලාතුරකින්. අපිට නිවසේ ඇති වැඩ රාජකාරි නිසා අපි එයට දක්වන්නේ ඉතා අඩු උනන්දුවක්. නමුත් පියයුරු මත මෙවැනි සිදුරු සහිත තත්ත්වයක් ඇති වීම පියයුරු පිළිකා වැනි භයානක රෝග ඇති කිරීමක් වන්න පුළුවන්. විශේෂයෙන් පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට ඇති නම් හැකි ඉක්මණින් වෛද්යවරයෙකු වෙත යාම තමයි ඉතාමත්ම සුදුසුම වන්නේ.

  •  හදිසියේ පියයුර ප්රමාණයෙන් විශාල වීම.
  • ඔබට උණ, සෙම්ප්රතිශ්යාව සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ඇතිවිට
  • ඔබ මින් පෙර දී පිළිකා රෝග තත්ත්වයන්යක් සඳහා ප්රතිකාර ගෙන ඇතිවිට

 

අපි ටිකෙන් ටික වයසට යන විට මෙවැනි සිදුරු සහිත තත්ත්වයන් සම මත ඇති වීම සාමාන්‍ය වුණත් වෛද්‍ය්වරයකු හමු වී උපදෙස් ලබා ගැනීම අවදානමක් ගැනීමට වඩා සුදුසු බව Baby and Me අපේ මතයයි. එවැනි තත්ත්වයන් කල්තබා හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර සඳහා ඉක්මණින් යොමු වීමේ හැකියාව අපට ලැබෙනවා.