නත්තල කියන්නෙම පොඩිත්තොන්ගෙ සතුටුදායකම උත්සවයක්. ඉතින් නත්තලට ගෙදරට එන පොඩ්ඩොන්ට දෙන්න රස ස්නැක් එකක් හදන හැටියි මේ අරන් ආවෙ.
චොකලට් ෆිල්ඩ් ක්‍රීම් චීස් පේස්ට්‍රි
අවශ්‍ය ද්‍රව්‍ය
- පේස්ට්‍රි එකට
- ක්‍රීම් චීස් 100g
- මෘදු බටර් කප් 1
- සීනි කප් 1/2
- පිටි කප් 3 1/2
- ෆිලින්ග් එකට
- කුකින්ග් චොකලට් 150g
- ෆ්‍රෙශ් මිල්ක් කප් ¼
- කැබලි කපාගත් කුකින් චොකලට් ටිකක්
- චීස් බටර් සහ සීනි හොඳින් ක්‍රීම් වන තුරු බීට් කරගන්න.
- ඒකට පිටි ටිකෙන් ටික එකතු කරමින් මෘදු ඩෝ එකක් හදාගන්න. හදාගත් ඩෝ එකෙන් කුඩා කප් ආකාරයට හදාගෙන පැයක් ශීතකරණයේ තියාගන්න.
- ඒ අතරතුර කුකින් චොකලට් 150ට ෆ්‍රෙශ් මිල්ක් එකතු කරගෙන ඩබල් බොයිල් කර හෝ මයික්‍රොවේව් කර චොකලට් ටික දියකරගන්න. නිවෙන්නට හැර චොකලට් කැබලි එක් කරගන්න.
- සාදාගත් චීස් කප් ටික සෙල්සියස් 200°ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 10-12ක් බේක් කරගෙන නිවා ගන්න. නිවුණු පසු චොකලට් මිශ්‍රණය පුරවා නැවත ශීතකරගන්න.