Search here...
TOP
පෝෂණ​ය

පොඩ්ඩගෙ බර්ත්ඩේ පාටි එකට චීස් ඇන්ඩ් අනියන් පෆ් හදමු

පොඩි අයගෙ බර්ත්ඩේ පාටි වලට ෆින්ගර් ෆුඩ්ස් හදන එක අම්මල හරිම ආස වැඩක්නෙ. තමන්ම හදපු කෑමක් පොඩ්ඩො රස කර කර කන කොට සතුටු නැත්තෙ කාටද? ඔන්න අද ගෙනාවෙ බර්ත්ඩේ පාටි එකකට ලේසියෙන් හදන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක්. චීස් ඇන්ඩ් අනියන් පෆ්ස්. 

 

චීස් ඇන්ඩ් අනියන් පෆ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. ක්‍රීම් චීස්
  3. චොප් කරගත් ළූණු
  4. චොප් කරගත් පාස්ලි
  5. ගම්මිරිස් කුඩු

 

  • පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ තියෙන විදියට තුනී කරගන්න. මේක පොඩි පොඩි සෘජුකෝණාශ්‍ර කොටු කපාගන්න.
  • ඉතිරි සේරම ජාති එකට මිශ්‍ර කරගෙන පේස්ට් එකක් හදාගන්න.
  • මේකෙන් ටිකක් එක කොටුවක් මැදට තියල වටේට එග් බ්‍රශ් කරලා දෙකට නවාගන්න. 
  • තෙල් කඩදාසියක් දමාගත් තැටියක තියලා උඩින් එග් බ්‍රශ් කරගෙන සෙල්සියස් 170ට ප්‍රී හීට් කළ අවන් එකක විනාඩි 20ක් විතර බේක් කරගන්න.

 

«

»