බ්‍රෙක්ෆස්ට් එකට රසම රස චීස් ඔම්ලට් එකක්

චීසුයි බිත්තරයි කියන්නෙ ඉතින් ඕනම වෙලාවක ඕනම කෑමකට ගලපල ගන්න පුළුවන් ජාති දෙකක්නෙ. ඉතින් මේ අපූරුවට ගැලපෙන ජෝඩුව එකතු කරගෙන අද මේ හදන්නෙ රසම රස චීස් ඔම්ලට් එකක්. ලේසියෙන්ම හදන්න පුළුවන් මේ ඔම්ලට් එක සම්පූර්ණ උදේ කෑම වේලකට උනත් ගන්න පුළුවන්. 

 

චීස් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර දෙකක්
  2. ලුණු
  3. ගම්මිරිස් කුඩු
  4. ග්‍රේට් කරගත් චීස් අවශ්‍ය ප්‍රමාණයට
  5. බටර් 

 

  • මුලින්ම බිත්තර, ලුණු, ගම්මිරිස් ටික භාජනේකට දාල හොඳට විස්ක් එකකින් ගසාගන්න.
  • පෑන් එකකට බටර් ටිකක් දාල රත් වෙනකොට පෑන් එකේ හොඳින් තවරාගෙන ගසාගත්ත බිත්තර මිශ්‍රණය ඒකට දාන්න.
  • බිත්තර මිශ්‍රණය තැම්බීගෙන ඇවිත් උඩ තෙත ගතිය තරමක් තියෙන මට්ටමේදී ග්‍රේට් කරගත්ත චීස් ටික ඒකට උඩින් හොඳට පැතිරෙන්න දාලා පැතලි හැන්දකින් බිත්තරය දෙකට නවාගෙන තවත් පොඩි වෙලාවක් තියෙන්න ඇරල බිත්තරය ලිපෙන් බාගන්න.