Search here...
TOP
පෝෂණ​ය

චීස් ස්ටෆ්ඩ් අනියන් රින්ග්ස් හදමුද?

පොඩි පාටියකට වගේම හවස තේ වේලකටත් අපූරු කෑමක් තමා අද අරන් ආවෙ. හවස් තේ වෙලාව කියන්නෙම පොඩ්ඩොන්ගෙ වෙලාව. අම්ම අතින් හදන රස කෑමක් කන්නයි සෙල්ලම් කරල එන මහන්සිය නිවාගන්න තේ එකක් බොන්නයි පොඩ්ඩො කවදත් ආසයිනෙ. ඔන්න එහෙනම් මේ විදියට හදල දීලා බලන්නකො ආසාවෙන් කන හැටි.

චීස් ස්ටෆ්ඩ් අනියන් රින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ප්‍රමාණයෙන් ලොකු බී ළූණු ගෙඩියක්
  2. මොසරැල්ලා චීස්
  3. බිත්තරයක්
  4. පාන් කුඩු

 

  • ළූණු ගෙඩිය අඟල් භාගයක් පමණ මහත රවුම් කපාගන්න. ප්‍රමාණයෙන් ලොකු ළූණු රවුමක් සහ පොඩි ළූණු රවුමක් ගෙන ඒ රවුම් දෙක අතරට චීස් පුරවා ගන්න.
  • බිත්තර සාරු දවටා, පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

«

»