Search here...
TOP
පෝෂණ​ය

පොඩ්ඩන්ට රසවත්ම චීසි ෆ්ලැට් බ්‍රෙඩ් හදල දෙමු

මේක පොඩ්ඩන්ට ඉස්කෝලෙ අරන් යන්න වගේම උදේකට කන්න නම් කියාපු කෑමක්. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. වැඩි මහන්සියක් නැතුවම පොඩ්ඩො ආස රසට හදල දෙන්න පුළුවන්.

 

චීසි ෆ්ලැට්බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන් පිටි කප් 2
  2. බේකින් පව්ඩර් තේ හැඳි 1
  3. චීස් වෙජස් හතරක්
  4. ලුණු පින්ච් දෙකක්
  5. යෝගට් (ඩෝ එක අනාගැනීමට අවශ්‍ය පමණ)

 

 

  • චීස් හැර අනිත් සේරම එකට දාල හොඳට අනාගන්න. සොෆ්ට් ඩෝ එකක් එනකම් අවශ්‍ය ප්‍රමාණයට යෝගට් එකතු කරමින් අනාගන්න. තෙත මිරික ගත්ත පිරිසිදු රෙද්දකින් ඩෝ එක දාපු භාජනය කවර් කරල විනාඩි 15ක් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩල බෝල හදන්, ඒ එක බෝලයක් යන්තම් පැතලි කරගෙන චීස් වෙජ් එකක් මැදට තියල හොඳින් ඔතාගන්න.
  • බටර් තවරපු පැතලි පිඟානක මේ බෝලය තියල පරිස්සමෙන් තුනී කරන් නන්ස්ටික් පෑන් එකක දෙපැත්ත පුච්චගන්න.

 

«

»