අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් කඩල කෝප්ප 3
කඩල තැම්බූ වතුර කෝප්ප 1
තෙම්පරාදුවට තෙල් මේසහැඳි 1
සූදුරු තේ හැඳි 3
සිහින්ව කපාගත් ලූණු ගෙඩි 1
සිහින්ව තලා ගත් ඉඟුරු තේහැඳි 1
සින්හින්ව තලා ගත් සුදු ලූණු බික් 4
තුනපහ තේ හැඳි 2
පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 3
චොප් කරගත් කොත්තමල්ලි කොල කෝප්ප 1/2
රස අනුව ලුණු සහ ගම්මිරිස්
අවශ්‍ය නම් තව වතුර කෝප්ප 1-2
- පෑන් එකක තෙල් රත් වෙන්න තියලා එයට ලූණු ටික එකතු කරගන්න.
- අඩු ගින්දරේ යන්තම් දුඹුරු පැහැ වෙනකම් පිසගන්න.
- එයට සූදුරු, ඉඟුරු, සුදුලූණු සහ තුනපහ කුඩු ටික එකතු කරන්න.
- හැඳි ගාමින් සූදුරු වල සුවඳ එනකම් විනාඩියක් පමණ පිසගන්න.
- එයට කඩල ටික, කඩල තැම්බූ වතුර, තක්කාලි, කොත්තමල්ලි කොල, ලුණු සහ ගම්මිරිස් එකතු කර අඩු ගින්දරේ පිසගන්න.
- තෙත ගතිය මදි වගේ නම් තව වතුර ටිකක් එකතු කරන්න.
- තක්කාලි ටික සම්පූර්ණයෙන් ඉදෙනකම් පිසගන්න.