Search here...
TOP
පෝෂණ​ය

ගුණදායක කඩල වලින් රසම රස සුප් එකක් හදමු

පොඩ්ඩොන්ට ගොඩක් ගුණදෙන ධාන්‍යක් තමා කඩල කියන්නෙ. ඉතින් මේ ගුණදායක කඩල හැමදාම වගේ කන්නෙ තම්බලානෙ. අද අපි හිතුවා කඩල වලින් සුප් එකක් හදන හැටි අම්මලාට කියල දෙන්න. එහෙනම් මේ විදියට හදල බලමු නේද?

 

කඩල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කඩල
  2. කැරට් අලයක්
  3. අල ගෙඩියක්
  4. ගම්මිරිස් හා ලුණු

 

 

  • මුලින්ම රැයක් පෙඟෙන්නට දැමූ කඩල වතුර දමා තැම්බෙන්න තියන්න. කඩල බාගෙට තැම්බෙනකොට පොත්ත සුද්ද කර ගත් අල හා කැරට් දමා අවශ්‍ය පරිදි ලුණු දමා හොඳින් තම්බා ගන්න.
  • ඉන්පසු කැරට් සහ අල ගෙඩි දෙක මේ වතුරෙන් බේරල ඉවතට ගන්න. කඩල ටික වෙනම බේරල අරන් බ්ලෙන්ඩ් කරගන්න.
  • අඹරාගත් කඩල ටික කඩල තැම්බූ වතුර එකටම දමා මිශ්‍ර කරන්න.
  • ඉවත් කරගත් අල හා කැරට් කෑලි කුඩා කෑලි වලට කපා ගෙන කඩල සුප් එකට දාගන්න. ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න.

 

«

»