දරුවාට ඇතිවෙන භීතිකාවන් ගැන දැනගන්න

දරුවන්ගේ සිත් වල ඇති කරදර සහ බිය පහව යන තෙක් ගැටළු සැරින් සැරේ ඇති වෙනවා. ඔයාගේ දරුවා වැඩෙද්දී එයින් මිදෙනු ඇතැයි ඔයා විශ්වාස කරත් සමහර විට ඊට ප්‍රතිවිරුද්ධව කාංසාව සහ බිය වැඩියෙන් දැනෙන්න පුළුවන්. කාංසාව භීතිකාවක් බවට පත්විය හැක. එය කිසියම් තත්ත්වයක් හෝ දෙයක් පිළිබඳ නිරන්තර ඇති වන බියක්. දරුවාට දැනෙන භීතිය හා භීතිය යන හැඟීම් තර්ජනයන්ට සමාන වෙන්නේ නැහැ. අද baby and me අපි ඔයාට දරුවාට ඇතිවෙන භීතිකාවන් ගැන තමයි කියන්න හිතුවේ.

 

පාටියක්, ප්‍රසංගයක් වැනි සමාජය සමග ගැවසීම්, ගිගුරුම් සහිත වැසි හෝ මකුළුවන් වැනි නිරන්තර මුහුණ දෙන්න වෙන දේවල් වලට භීතිකාව ඇතිවීම භීතිකාවෙන් බලපෑමට ලක්වූ දරුවන්ට සහ ඔවුන් අවට ඉන්න පිරිසට අසහනකාරී වෙන්න පුළුවන්. 

 

භීතිකාවන් යනු කුමක්ද?

භීතිකාව කියන්නේ දේවල් හෝ තත්ත්වයන් පිළිබඳ දැනෙන අතිශය බිය. බොහෝ විට බල්ලන්, මකුළුවන්, අඳුර, කුණාටු, ජෝකර්ස්, උස් ස්ථාන, රුධිරය හෝ එන්නත් නිසා ළමුන් තුළ භීතිකාවන් ඇති වෙන්න පුළුවන්. දරුවන් වයසටයත්ම, ඔවුන්ගේ භීතිකාව නිසා දරුවන්ට ශාරීරික රෝග ලක්ෂණ ඇති වෙනවා. වේගයෙන් ගැහෙන හදවතක්, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව හිරවීම, දහඩිය දැමීම සහ හිසරදය මෙයට ඇතුළත්ය. භීතිකාව දරුවන්ට ඉතා කරදරකාරී වෙනවා. මේ ගැන කණස්සල්ලට පත්ව සිටී නම්, මනෝ විද්‍යාඥයෙකු හෝ ළමා සෞඛ්‍ය හෙදියක්ගෙන් වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත්ය.

 

වෘත්තීය සහාය ලබා ගත යුත්තේ කවදාද?

දරුවන්ගේ එදිනෙදා ජීවිතයට භීතිකාව බාධා ඇති කරයි නම් 

මාස 6 කට වඩා දිගු කාලයක් තිස්සේ කණස්සල්ලෙන් සිටි නම් 

දරුවා එම තත්ත්වයෙන් මිදිය යුතුමයැයි ඔයා සිතන්නේ නම්

 

ඉහත සඳහන් කළා වැනි හේතු පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න මැලි නොවන්න. 

 

ඔයාගේ දරුවාගේ බිය සහ ඒ හා සම්බන්ධ හැසිරීම දරුවාගේ වයසට සාමාන්‍ය දෙයක්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුර ඔව් නම්, බරපතල හේතුවක් බවට පත්වීමට පෙර දරුවාගේ බිය විසඳන්න ඕනේ. කාංසාව අඩු කළ යුතු හෝ නොසලකා හැරිය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට, එය දරුවාගේ සාමාන්‍ය වර්ධනයේ සාධකයක් ලෙස සලකන්න ඕනේ. බොහෝ ළමයින් අන්ධකාරයට බිය වීම වැනි වයසට ගැළපෙන භීතීන් අත්විඳිනවා. බොහෝ දෙනා, රාත්‍රීයෙදී ආලෝකයක් දැල්වීමෙන් එමගින් ජය ගැනීමට හැකි වෙනවා. කොහොම වුණත් දරුවන්ට දිගින් දිගටම කරදර ඇති වුවහොත් සහ බිය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බාධා කරන්නේ නම් වෘත්තීය සහාය අවශ්‍ය වෙනවා.

 

බියෙන් මිදීමට දරුවාට උදව් කරන්න 

 

බියෙන් මිදීමට දරුවන්ට හැකියාව සහ විශ්වාසය වර්ධනය කර ගැනීමට දෙමාපියන්ගේ සහය අවශ්‍ය වන අතර එමඟින් ඔවුන්ගේ බිය භීතිකාවක් බවට පත් නොවී යටපත් වෙනවා. සාමාන්‍ය භීතීන් හා කරදර සමඟ කටයුතු කිරීමට දරුවාට උපකාර කළ හැකි සරල ක්‍රම කිහිපයක් මෙන්න.

 

දරුවාට බිය සැබෑවක් බව කියන්න

 

බියක් තරම් සුළු දෙයක් ලෙස පෙනෙන්නට තිබුණත්, එය ඔයාගේ දරුවාට සැබෑවක් ලෙස හැඟෙන අතර එමගින් දැරුවන්ට කණස්සල්ල හා බිය ඇති කරනවා. බිය ගැන දරුවා සමග කතා කරන්න. වචන බොහෝ විට ඍණාත්මක හැඟීම් අඩු කිරීමට උපකාර වෙනව.

 

දරුවන්ගේ බිය ඔයා ගණන් නොගන්න බව පෙන්වන්න එපා

 

‘විහිළුවක් වෙන්න එපා! ඔයාගේ කාමරයේ රාක්ෂයන් නෑ!’ වැනි දේ පවසා දරුවා නින්දට යාමට ඉඩ හැරීමෙන් ඔවුන් නිදාගන්න ඇඳට ගියත් එමගින් ඔවුන්ගේ බිය දුරු කරන්නේ නැහැ. ‘මම අල්මාරියේ පරීක්ෂා කරන්නම්, මේ බලන්න ඒකෙ යක්ෂයින් නෑ… එන්න ඇඳ යට මං එක්කම බලමු ඒකෙ යටත් යක්ෂයන් නෑ’ වැනි කරුණු දැක්වීම් මගින් ඔවුන්ට බිය වීමට දෙයක් නැති බව තහවුරු කරන්න. 

 

දරුවන් බිය ගන්වන දේවල් ගැන ඉගෙන ගැනීමට ඔවුන්ට උදව් කරන්න

උදාහරණයක් විදිහට ඔයාගේ දරුවා බල්ලන්ට බිය වන්නේ නම්, ඔවුන් සමගම එකට හිඳ බල්ලන් හුරතල් කරන්න දරුවා පොළඹවා ගන්න. දරුවන් සුනඛයන්ට බිය ගැන්වෙන අතර ඒවා වළක්වා ගන්න ඕනේ. ඔයා දරුවා සමඟ බියට පත් වස්තුවකට ළඟා වීමෙන් බියෙන් මිදීමට සහයෝගය ලබා දෙන්න.

 

බිය තක්සේරු කරන්නේ කෙසේදැයි දරුවන්ට උගන්වන්න.

1 සිට 10 දක්වා පරිමාණයකින් භීතියේ තීව්‍රතාවය ශ්‍රේණිගත කිරීමට දරුවාගෙන් ඉල්ලා සිටින්න. එමගින් දරුවන් භීතිය ගැන මුලින් සිතුවාට වඩා අඩු තීව්‍රතාවයකින් දරුවන්ට දැක ගත හැකිය.

 

දරුවන්ට මුහුණ දීමේ උපාය මාර්ග උගන්වන්න

 

ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න. ඔයා ‘පදනම’ ලෙස භාවිතා කරමින්, දරුවාට බිය වූ වස්තුව දෙසට ගමන් කළ හැකි අතර, නැවත පිටතට යාමට පෙර ආරක්ෂාව සඳහා ඔයා වෙත පැමිණෙන්න අවසර දෙන්න. ‘මට මෙය කළ හැකිය’ සහ ‘මට නිර්භීත විය හැකිය’ වැනි ධනාත්මක ස්වයං ප්‍රකාශයන් දරුවාට උගන්වන්න.