දරුවන්ගේ වර්ධනය සහ විටමින් ගැන මවක ලෙස ඔබ දැනගතයුතුම දේ

ඔබ කුඩා දරුවන් සිටින මවක් ලෙස දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වෙනවා ඇති. දරුවාගේ දෛනික පෝෂණ අවශ්යතාවයට සරිලන පරිදි ආහාර ලබාදීමට ඔබ කෙතරම් උත්සාහ කළත් ඇතැම් විට කුඩා දරුවන්ගේ ආහාර රටාව අක්රමවත් වෙනවා. නිතර කෙළි සෙල්ලම් ප්රිය කරන දරුවන් ආහාර ප්රතික්ෂේප කරන නිසාවෙන් දරුවාට දෛනිකව අවශ් විටමින් සහ ඛණිජ ලවණ ලබාදීම මවකට ඇති ප්රධාන අභියෝගයක් බවට පත්ව තිබෙනවා

 

දරුවන්ගේ වර්ධනය සම්බන්ධව විටමින්

දරුවකුගේ සෞඛ් සම්පන්න වර්ධනයවිටමින් වර්ග 13ක් අවශ්යවන අතර ඒවා නම් විටමින් A, B ( වර්ග 8ක් ඇත) ,C, D, E සහ K . හිරුඑළියට නිරාවරණය වීමෙන් සමමත විටමින් D නිපද වුවත් අනිකුත් සියළුම විටමින් වර්ග ආහාර පාන ආශ්රයෙන් ලබාගත යුතු වෙනවා. 

 

දරුවන්ගේ වර්ධනය සම්බන්ධව ඛණිජ

දරුවාගේ යහපත් සෞඛ්ඛණිජ ලවණ අත්යවශ් වන අතර සමබර ආහාර වේලක් තුළින් ඒවා පහසුවෙන් ලබාගත හැකියි. එයට පහත පරිදි දරුවාට ආහාර ලබාදිය යුතුයි

 

පළමු මාස 12   – මවුකිරි හෝ පිටිකිරි

මාස 6 ක් පමණ  – ඝණ ආහාර හඳුන්වාදීම

මාස 12 කට පසුසාමාන් පවුලේ ආහාර

අවුරුදු 2 දක්වා  – සාමාන් පවුලේ ආහාර සමග මේද සහිත කිරි

 

නමුත් දරුවාට ඝන ආහාර හඳුන්වාදීමෙන් පසු දරුවා ප්රමාණවත් පරිදි ආහාර ලබාගන්නවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. ඊට අමතරව පහත ආහාර ලබාදීමද වැදගත් වෙනවා. 

 

කැල්සියම් සඳහාකිරි, චීස්, යෝගට්, මුහුදු ආහාර, ආමන්ඩ් සහ සෝයා වැනි ආහාර

යකඩ සඳහා  – මස් වර්ග, කුකුළු මස්, මාළු, රනිල කුලයට අයත් බෝග, ටෝෆු, සම්පූර්ණ ධාන්ය ධාන්ය වර්ග, යකඩ පොහොසත් ධාන්ය වර්ග, එළවළු සහ බිත්තර කහ මද

සින්ක් සඳහා රතු මස්, මුහුදු ආහාර, කුකුළු මස්, රනිල, ඇට, කිරි නිෂ්පාදන සහ සම්පූර්ණ ධාන් ආහාර

අයඩින් සඳහා  – මුහුදු ආහාර, කිරි සහ අයඩීකරණය කළ ලුණු වලින්

 

දරුවාට මූලික පෝෂණ අවශ්යතාවය සපුරාලන්නේ කෙසේද?

දරුවාඔබ ලබාදෙන ප්රධාන ආහාරවේල් 3ත් අමතර කෙටි ආහාර වේල් 2ත් මගින් දරුවාට විවිධ වූ ආහාර ලබාදීම මගින් දරුවාගේ දෛනික පෝෂණ අවශ්යතාවය සපුරාලිය හැකියි. එක් එක් ලබාදිය යුතු ප්රමාණය දරුවාගේ වයස, ශාරිරික ක්රියාකාරක, ස්ත්රී පුරුෂභාවය යන හේතූන් රඳාපවතිනවා. සෑම සමබර ආහාර වේලක් තුළින්ම දරුවාට අවශ් ප්රෝටීන්, තන්තු, අත්යවශ් මේද ඇතුලු අනිකුත් විටමින් සහ ඛණිජ ලවණ ලබාගත හැකියි

 

නිර්මාංශ හෝ වීගන් ආහාර පමණක් ලබාගන්නා දරුවන්

  • ඔබේ දරුවා නිර්මාංශ නමුත් කිරි සහ බිත්තර ආහාරයට ගන්නේ නම් දරුවාට අවශ් විටමින් සහ ඛණිජ ලවණ ලැබීම සිදුවනවා
  • ඔබේ දරුවා සම්පූර්ණයෙන්ම නිර්මාංශ නම් දරුවාගේ පෝෂණය සම්බන්ධව ඔබ ඉතා සැලකිලිමත් වීම වැදගත් වෙනවා. දරුවාගේ ආහාර වේල් ඉතා සැලකිල්ලෙන් සැලසුම් කළ යුතුයි. දරුවා ගනු ලබන ආහාරමගින් ඔහුට හෝ ඇයට අවශ් දෛනික පෝෂණය ලැබෙනවා යන්න පෝෂණවේදියකුගෙන් උපදෙස් ලබාගත යුතුයි. විශේෂයෙන් මවුකිරි ලබාදීම අවසන් වීමත් සමග ඇතිවන පෝෂණ ඌණතාවයන් පියවීමට ඇතැම් විට අතිරේක විටමින් ලබාදීම සිදුකළ හැකියි
  • නිර්මාංශ ආහාර පමණක් ලබාගන්නා දරුවන්ට විටමින් B12 අඩංගු විටමින් අතිරේක බොහෝ විට වෛද්යවරුන් නිර්දේශ කරනු ලබනවා. මන්දයත් විටමින් B12 අඩංගු වන්නේ සත්ව ආහාර වල පමණක් වීම හේතුවෙන්. එයට කිරි ,මස්, කුකුළු මස්, මාළු සහ බිත්තර, සෝයා ආශ්රිත ආහාර ලබාදිය යුතුයි
  • එමෙන්ම නිර්මාංශ ආහාර ගන්නා දරුවන්ට රනිල කුලයට අයත් බෝග, ටෝෆු, ඇට වර්ග, බීජ, කැල්සියම් බහුල සෝයා සහ වෙනත් ශාකසාර පාන වලින් ලැබෙන පෝෂණය ප්රමාණවත් නොවන්නේ නම් යකඩ, සින්ක් හෝ කැල්සියම් අතිරේකයන් ලබාදීමටද සිදුවනවා

 

විටමින් හෝ ඛණිජ අතිරේක ලබාදීමෙන් ඇතිවිය හැකි හානි

  • දරුවාට විටමින් සහ ඛණිජ ලවණ ප්රමාණය ඉක්මවා ලබාදීම අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා
  • විටමින් අම්ලයක් වන බැවින් හැපීමට හැකි විටමින් සී පෙති මගින් දත්වල එනමලයට හානි සිදුවිය හැකි බවට දන්ත වෛද්යවරුන් අනතුරු අඟවනවා
  • නියමිත සමබර ආහාර වේලක් මගින් දරුවාට අවශ් පෝෂණය ලැබෙන අතර එය අතිරේකයන් මගින් ලබාදීමටයාමෙන් දරුවා තුළ ආහාර රුචිය අවම විය හැකියි
  • දරුවන් ක්ෂණික ආහාර වර්ග ඉතා ප්රිය කරන අතර ඒවාවිටමින් අතිරේක දැමීම නුසුදුසු වෙනවා. 

 

දරුවකුගේ නිරෝගි වර්ධනයට ආහාර පාන, ව්‍යායාම , මානසික තත්ත්වය ඇතුළු බොහෝ කාරණා බලපානු ලබනවා. එමනිසා ඔබටත් දරුවාගේ වර්ධනය සහ පෝෂණය සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් පවතිනවා නම් ළමාරෝග වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි.