දරුවන්ට ගිලෙන්න පුළුවන් භයානක දේවල් කීපයක්

දරුවන් පුංචි කාලයේදී දකින දකින දේ මුඛය තුළට දමන පුරුද්ද දෙමවුපියන්ට විශාල හිසරදයක්. නමුත් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. හැම දරුවෙක්ම එහෙම තමයි. සමහර දේවල් භයානක විය හැකි නමුත් බොහෝ අවස්ථාවල එය බරපතල ගැටළුවක් නොවේ. මාස 6 සිට අවුරුදු 3 දක්වා ළමයින් බොහෝ විට විවිධ දේවල් ගිල දැමීමට උත්සහ කරනවා. මේ දැනුවත් කිරීම ඒ ගැනයි.

 

ගිල දමන්නේ කුමක් ද?

ළමයින් බොහෝ විට කාසි ගිලින්න ඉඩ ඇති අතර, ආහාර ගනිද්දී මාළු කටු පවා ගිලෙන්න පුළුවන්. වෛද්‍යවරුන් සොයා ගන්නා අනෙකුත් ද්‍රව්‍ය අතර සෙල්ලම් බඩු කෑලි, බොත්තම්, කරාබු, මුදු, කඩදාසි ක්ලිප්, ඉඳිකටු, අල්පෙනති, දන්තාලේප මූඩි, ඉස්කුරුප්පු ඇණ සහ නියපොතු ඇතුළත් වේ. කරුණු තුනක් විශේෂයෙන් භයානකයි. ඒ බොත්තම්, බැටරි හෝ චුම්බකයි.

 

අනතුරු සංඥා

බාහිර අමුතු ද්‍රව්‍යයක් ගිල දැමීමෙන් පසු ඔබේ දරුවා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. නමුත් යම්කිසි වැරැද්දක් සිදු වී ඇති බවට හෝඩුවාවන් ලෙස දරුවන් තුළින් කැස්ස, ලේ පිටවීම, රළුබව, උණ, ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ වමනය වැනි ලක්ෂණ ඔබට පෙනෙන්න පුලුවන්. ඔවුන්ගේ බෙල්ලේ, පපුවේ හෝ උගුරේ වේදනාව තවත් ලකුණක් විය හැකියි. ඔබේ දරුවාට මේ කිසිවක් තිබේ නම් වහාම ක්‍රියාත්මක වන්න. ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, හුස්ම ගැනීමේදී හුස්ම හිරවීම හෝ වෙනත් අමුතු ශබ්දයක් ඇත්නම් හෝ ඔවුන්ට කතා කිරීමට, කහින්න හෝ අඬන්නට නොහැකි නම් වෛද්‍යවරයා අමතන්න.

 

චුම්බක

දරුවා සෙල්ලම් බඩු සඳහා භාවිතා කරන චුම්බක වර්ගයන් විශේෂයෙන් අනතුරුදායක විය හැකියි. ඔබේ දරුවා චුම්බක එකකට වඩා ගිල දැමුවහොත්, ඔවුන්ගේ ශරීරය තුළදී ඒවා බඩට හෝ බඩවැල් වලට හානි කළ හැකියි. රුධිරය විෂ වීමත් විය හැකි බරපතල ගැටළුවකි. ඔබේ දරුවා චුම්බකයක් ගිල ඇතැයි ඔබට සිතුනොත් වහාම වෛද්‍යවරයා  අමතන්න.

 

බොත්තම් බැටරි

මේවා දරුවන්ට බරපතල අනතුරකි. යමක් ඔවුන්ගේ මුඛය සහ ආමාශය අතර ඇති නාලය තුළ සිරවී ඇත්නම් (esophagus), එය පැය කිහිපයක් ඇතුළත ඉවත් කර දැමිය හැකියි. ඔබේ දරුවා මෙයින් එකක් ගිල දැමුවහොත්, වහාම ක්‍රියාත්මක වන්න. ඔබේ දරුවා අවුරුදු 1 ට වඩා වයසින් වැඩි නම්, ඔබ රෝහලට යන තෙක් සෑම විනාඩි 10 කට වරක් දරුවාට මී පැණි තේ හැඳි 2 ක් ලබා දෙන්න. ගිලපු ද්‍රව්‍යය දරුවගේ බඩට ගිය පසු අපහසු තත්ත්වය ටිකක් අඩු වෙයි.

 

බලහත්කාරයන් එපා!

දරුවා ගිලපු ද්‍රව්‍යය තියුණු හෝ විශාල නම් වහාම හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරයෙක් වෙතට යන්න. අඟල් 1 ක් හෝ ඊට වඩා විශාල ද්‍රව්‍යයක් නම් දරුවගේ හුස්ම ගැනීම අවහිර වෙන්න පුළුවන්. නමුත් එය බලෙන් ගැනීමට යාමෙන් හෝ බලහත්කාරයෙන් වමනය කරවීමට උත්සාහ නොකරන්න. ඉන් වැඩි හානියක් සිදුවිය හැකියි.