චොකලට් බෝල වලට පොඩ්ඩො විතරක් නෙවෙයි අපිත් හරිම කැමතියිනෙ. පොඩි කාලෙ අපි හැමෝම ආසාවෙන් කාපු කෑමක් තමයි මේ. ඔන්න එහෙනම් ගෙදරදීම චොකලට් බෝල හදන හැටියි මේ.
චොකලට් බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්දකරගත් රටකජු ඇට ස්වල්පයක්
- කිරිපිටි කෝප්ප 1/4
- අයිසින් ෂුගර් කෝප්ප 1/2
- චොකලට් පව්ඩර් මේස හැඳි 1
- ලා රස්නෙ වතුර ස්වල්පයක්
- කිරිපිටි, අයිසින් ෂුගර්, චොකලට් පව්ඩර් එකට හලාගන්න. දැන් මේකට ලා රස්නෙ වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- දැන් මේකෙන් පොඩි බෝල හදලා මැදට රටකජු ඇටයක් තියලා බෝල හදාගන්න. දැන් මේක ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න.