පොඩ්ඩො ආසම, රසම රස බිස්කට් පුඩින් එකක් හදන්නෙ මෙහෙමයි

බිස්කට් පුඩින් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ ගෙවල් වල ලේසියෙන්ම හදාගන්න ඩෙසර්ට් එකක්. වැඩියෙන්ම මේ පුඩින් එකට ආස පොඩ්ඩො. ඉතින් ඔන්න අද අරන් ආවෙ පොඩ්ඩොත් හවුල් කරන් රසට හදාගන්න පුළුවන් බිස්කට් පුඩින් රෙසිපි එකක්. 

 

බිස්කට් චොකලට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මාරි බිස්කට් 200g පැකට් එකක්
  2. කිරි ටිකක්
  3. බටර් 50g
  4. අයිසින් ෂුගර් 200g
  5. චොක්ලට් පව්ඩර් මේස හැඳි 2 ක් 

 

 

  • මුලින්ම බෝල් එකක් ගන්න. බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න.
  • ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න.
  • ඊටපස්සෙ අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් දාගන්න.
  • ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න.
  • ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න.
  • අන්තිමට උඩින් චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න.
  • කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රාස්නෙ වතුර භාජනේක තප්පර පහක් විතර දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න. උඩින් චොකලට් සෝස් ටිකක් හරි මෙල්ට් කරගත්ත කුකින් චොකලට් දාල හරි සරසගන්න.