චොකලට් දාපු ඕනම දෙයක් පොඩ්ඩො ආසාවෙන් කනවනෙ. උදේ කෑම කන්න හොර පොඩිත්තොන්ට මේ විදියට වොෆල්ස් හදල දුන්නොත් නම් උදේ කෑම ආසාවෙන් කයි. බලන්න මේක හදන්නත් හරිම ලේසියි.
Chocolate Chip Waffles
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- මෙල්ටඩ් බටර් ග්‍රෑම් 100
- වැනිලා ටිකක්
- සීනි ග්‍රෑම් 150
- ලුණු පින්ච් එකක්
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- පාන්පිටි ග්‍රෑම් 250
- චොක්ලට් චිප්ස් ග්‍රෑම් 100
- බිත්තරය හොඳට විස්ක් කරගන්න. මේකට මෙල්ටඩ් බටර් ටික එකතු කරන්න. ඊළඟට වැනිලා හා සීනි දාලා විස්ක් කරගන්න. ලුණු එකතු කරන්න.
- බේකින් පඩ්ඩර් හා පාන්පිටි ටිකත් දාලා ඩෝ එකක් අනාගන්න. මේකට චොක්ලට් චිප්ස් ටිකත් දාලා කලවම් කරන්න. ඔයිල් බ්‍රෂ් කරපු වොෆල් අයන් එකට මේ ඩෝ එකෙන් ටික ටික දාලා වොෆල්ස් හදාගන්න.