Search here...
TOP
පෝෂණ​ය

උදෑසනට පොඩ්ඩොන්ට දෙන්න චොකලට් වොෆල්ස් හදමු

මේ වොෆල් එක හදන්නෙ වෙනදට හදන විදියට ටිකක් වෙනස් තාලෙට. වෙනදට ගන්න ප්ලේන් කිරි වෙනුවට අපි අද පාවිච්චි කරන්නෙ චොකලට් කිරි. බලන්නකො හදල දීලා පොඩ්ඩො ආසාවෙන් කන හැටි.

 

Chocolate Milk Waffles 

අවශ්‍ය ද්‍රව්‍ය  

 

  1. චොක්ලට් මිල්ක් කෝප්ප 1 1/2
  2. බිත්තර 2
  3. වෙජිටබල් ඔයිල් කෝප්ප 1/2
  4. වැනිලා ටිකක් 
  5. පාන්පිටි කෝප්ප 2
  6. සීනි මේස හැඳි  1
  7. බේකින් පව්ඩර් තේ හැඳි  4
  8. කුරුඳු කුඩු පින්ච් එකක්
  9. ලුණු පින්ච් එකක්

 

 

  • බෝල් එකකට බිත්තර, චොක්ලට් මිල්ක්, ඔයිල් හා වැනිලා දාලා මික්ස් කරගන්න. 
  • මේකට පාන්පිටි, බේකින් පව්ඩර්, ලුණු හා කුරුඳු කුඩු දාලා සීනි ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න. වොෆල් අයන් එක ප්‍රීහීට් කරලා මිශ්‍රණය දාලා වොෆල්ස් හදාගන්න.

 

«

»