ඕට්ස් කියන්නෙ හදවතට ගුණදායක කෑමක්නෙ. හැබැයි ඉතින් කොච්චර ගුණ වුණත් අපේ පොඩිත්තොන්ට නම් ඕට්ස් කවන්න ලේසි නෑ. ඉතින් ගුණදායක ඕට්ස්, රසවත් විදියට හදන්නයි අද කියල දෙන්න හදන්නෙ. මෙහෙම රසට හදලා දුන්නොත් නම් පොඩ්ඩො එපා නොකියා ඕට්ස් කයි.
Chocolate Milk with Banana Oats
අවශ්‍ය ද්‍රව්‍ය
- රෝල්ඩ් ඕට්ස් කෝප්ප 1 1/2
- චොක්ලට් මිල්ක් කෝප්ප 1
- යෝගට් කෝප්ප 1/2
- චියා සීඩ්ස් මේස හැඳි 2
- කුරුඳු කුඩු පින්ච් එකක්
- කෙසෙල් ගෙඩි 1
- චොප්කරගත් ආමන්ඩ් ටිකක්
- බෝල් එකකට කෙසෙල් ගෙඩිය හා ආමන්ඩ් ඇට හැර අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරලා රැයක් වහලා ෆ්‍රිජ් එකේ තියන්න.
- ඊළඟට මේක කප්ස් වලට දාලා උඩින් කපාගත් කෙසෙල් හා ආමන්ඩ් දාලා කෑමට ගන්න. කැමති නම් තව යෝගට් ටිකකුත් උඩින් දාගන්න.