Search here...
TOP
පෝෂණ​ය

උදේ කෑමට පොඩ්ඩොන්ට රසම රස චොකලට් පෑන්කේක්

පෑන්කේක් වලට පොඩ්ඩො හරිම ආසයි. හැබැයි ඉතින් හැමදාම එකම විදිය පෑන්කේක් හදල දුන්නොත් නම් පොඩ්ඩන්ටත් එපා වේවි. ඒ හින්දා අද අපි අරන් ආවෙ චොකලට් පෑන්කේක් හදන හැටි. 

 

චොකලට් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

  1. බිත්තර කහමද 3
  2. බිත්තර සුදුමද 3
  3. සීනි මේස හැඳි 3
  4. කිරි කෝප්ප 1/2
  5. වැනිලා ටිකක්
  6. මෙල්ටඩ් බටර් මේස හැඳි 4
  7. පාන් පිටි කෝප්ප 1 1/2
  8. චොකලට් පව්ඩර් ග්‍රෑම් 30
  9. බේකින් පව්ඩර් පින්ච් එකක්
  10. ග්‍රේට් කරගත් චොකලට් ග්‍රෑම් 100
  11. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  12. ඩාක් චොකලට් ග්‍රෑම් 150

 

  • බිත්තර කහමද වලට සීනි දාලා හොඳට විස්ක් කරගන්න. ඊළඟට කිරි හා වැනිලා ටික එකතු කරලා කලවම් කරගන්න.
  • බිත්තර සුදුමද ටික හිම වෙනකල් බීට් කරලා එයට එකතු කරගන්න. මේකටම මෙල්ට් කරගත් බටර් ටික දාගන්න.
  • වෙනම බෝල් එකකට චොකලට් පව්ඩර්, බේකින් පව්ඩර් හා පිටි දාල එකට කලවම් කරගන්න.
  • මේ පිටි එකට බිත්තර මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
  • ග්‍රේට් කරගත් චොකලට් ටිකත් එකතු කරගන්න.
  • ෆ්‍රෙශ් ක්‍රීම් ටික ටිකක් රත් කරලා ඒකට  ඩාක් චොකලට් ටික දාලා දියකරගෙන වෙනම තියාගන්න.
  • නන්ස්ටික් පෑන් එක ලිපේ තියලා බටර් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න.
  • මේකට උඩින් හදාගත්තු චොකලට් සෝස් එක වක්කරගෙන පිළිගන්වන්න.

 

«

»