බබාට එන මළබද්ධය ගැන දැනුවත්ද?

මළබද්ධය  කියන්නේ ළදරුවෙක් දිනපතා නිතිපතා මළපහ නිසි ආකාරයෙන් පිට නොකිරීම හෝ මළපහ හෝ මූත්‍ර පිට කිරීම අමාරු වීමේ තත්ත්වයටයි. සමහර ළදරුවන්ට නිතරම මළපහ ලිහිල් ආකාරයෙන් ද පිට වෙනවා. ඒ විදිහට ඇති වෙන තත්ත්වයට ද මළබද්ධය  කියන්න පුළුවන්. අද අපි මේ ලිපියෙන් ඔබට විස්තර කරන්නේ ඒ ගැනයි…

 

මළබද්ධයට හේතු

 

වඩාත්ම සුලභ හේතුව වන්නේ දරුවා මළපහ පිට කිරීමට උත්සහ කළත් ඒක කරගන්න බැරි වුණාම ඇති වෙන වේදනාව නිසා වැසිකිළි යාමට දරුවා ප්‍රමාද කිරීමයි. ඒකෙන් ගැටලුව තවත් උග්‍ර වෙනවා.

 

ළදරුවෙකු තුළ මළබද්ධය ඇති වෙන්න බොහෝ විට බලපාන්නේ ඔවුන්ට ප්‍රමාණවත් දියර නොලැබීමයි.

 

මව්කිරි පමණක් ලබා දෙන ළදරුවන් තුළ මළබද්ධය හට ගැනීම තරමක් දුර්ලභයි. නමුත් ඝන ආහාර ද්‍රව්‍ය හා සමහර විට කිරි ෆෝර්මියුලා හඳුන්වා දී ඇති ළදරුවන් තුළ බහුලව මළබද්ධය දකින්නට ලැබෙනවා.

 

සති 6 ට අඩු ළදරුවෙක් මළබද්ධයෙන් පෙළෙනවා නම් ඔබට ඒ සඳහා වෛද්‍යවරයාගේ උපදෙස් අවශ්‍ය වෙයි.

 

සාමාන්‍ය තත්ත්වය කුමක්ද?

ඔබේ දරුවාගේ මළපහ වල ස්වභාවය (ඝන හෝ මෘදු බව) රඳා පවතින්නේ ඔහු හෝ ඇයව ඔබ විසින් පෝෂණය කරන ආහාර මතයි. දරුවාගේ ආහාරයට ඝන ද්‍රව්‍ය හඳුන්වා දීමත්, ඔබේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් පරිණත වීමත් සමඟ කාලයත් සමඟ එය වෙනස් වෙනවා.

 

මව්කිරි වලින් පෝෂණය වන ළදරුවන්ට ආරම්භයේදී තරමක් ලිහිල් මළපහ ඇති වෙන්න පුළුවන්. කාලයත් සමඟ ඔවුන්ගේ මළපහ තරමක් තදින් හා අඩු වාර ගණනකින් පිට වෙන්න පටන් ගන්නවා. 

 

කිරි ෆෝර්මියුලා වලින් පෝෂණය වන ළදරුවන්ට මව්කිරි බොන ළදරුවන්ට වඩා තරමක් ඝන මළපහ ඇති වෙන අතර ඔවුන්ගේ බඩවැල්වල චලනයන් අඩුයි.

 

ඝන ද්‍රව්‍ය හඳුන්වා දුන්නාට පස්සේ (වයස මාස 6 දී පමණ) දරුවන්ගේ මළ නැවත තරමක් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා.

 

මෙම වෙනස්කම් සියල්ලම ඔබේ දරුවාගේ සාමාන්‍ය වර්ධනයේ කොටසක්. නිරෝගී මළපහ කියන්නේ ලිහිල් හා ඉක්මණින් පහ වෙන, මෘදු නමුත් ස්ථාවර ස්වභාවයෙන් පිටවෙන දෙයක්.

 

මළබද්ධයේ සංඥා

මළබද්ධයේ වැදගත්ම සංඥාව නම් දරුවාගේ මළපහ දැඩි හා වියලි වීමත්, ගල් කැට ස්වභාවයක් ගැනීමත්‍.

 

ළදරුවන් තුළ ඇතිවෙන මළබද්ධයේ වෙනත් සලකුණු:

 

ඔබේ දරුවා මළපහ පිට කිරීමට පෙර අපහසුතාවයට පත් වෙලා අඬන්න පටන් ගන්නවා. (ළදරුවන් සාමාන්‍ය ආකාරයට මළපහ පිට කරද්දිත් මේ වගේ ප්‍රතිචාර දක්වනවා ; ඒකෙන් කියවෙන්නේ නෑ දරුවාට මළබද්ධය වැළඳිලා කියලා)

මළපහ වලින් නරක ගන්ධයක් දැනීම.

ඔබේ දරුවා එතරම් කෑමට ප්‍රියතාවයක් නොදැක්වීම.

ඔබේ දරුවාගේ බඩ තද වීම.

 

මළපහ පිට කිරීම ඉතා දුෂ්කර නම්, එය සමහර විට ඔබේ දරුවාගේ ගුදය වටා කුඩා ඉරිතැලීම් සෑදීම නිසා සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙම කුඩා ඉරි තැලීම් නිසා ලේ ගැලීම හෝ ඔබේ දරුවාට වැඩි වේදනාවක් හා අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.

 

ඔබට කළ හැකි දේ

ඔබේ දරුවාගේ මළබද්ධය  සඳහා නියමිත ඖෂධ වෛද්‍යවරයා විසින් නියම කිරීමෙන් මිස වෙනත් ඖෂධ ඔබේ හිතුමතයට ලබා දෙන්න එපා.

 

ඔබේ දරුවාට මව්කිරි ලබා දෙන්නේ නම්:

 

ඔබට බොහෝ විට නිතරම ඔබේ දරුවාව පෝෂණය කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් අමතන්න.

 

ඔබේ දරුවාව කිරි ෆෝර්මියුලා එකකින් පෝෂණය කරනවා නම්:

 

සමහර විට දරුවාගේ ෆෝමියුලා එක නිවැරදිව සකස් කර නොමැති නිසා ප්‍රමාණවත් තරම් ජලය එහි අඩංගු වෙන්නෙ නෑ.

ෆෝමියුලා ටින් එකේ ඇති උපදෙස් ඔබ නිවැරදිව අනුගමනය කරනවාද යන්න දෙවරක් පරීක්ෂා කරන්න.

ඔබ භාවිතා කරන ෆෝමියුලා ටින් එක සමඟ සපයා ඇති ස්කූප් එක භාවිතා කරන්න වග බලා ගන්න – විවිධ වෙළඳ නාමවලට විවිධ ප්‍රමාණයේ හැඳි තිබෙන්න පුළුවන්.

ස්කූප් එකට පමණට වඩා පිටි තද නොකිරීමට වග බලාගන්න. සාමාන්‍ය ලිහිල් බවකින් ස්කූප් එක පුරවාගන්න. 

ඔබ මුලින්ම බෝතලයට ජලය එකතු කරන්න. ඉන්පසුව කිරි පිටි එකතු කරන්න. ඔබ මුලින් කිරිපිටි එකතු කළොත් ඔබ බෝතලයට එකතු කරන්නේ ජලය අවශ්‍ය ප්‍රමාණයට නොවෙන්න පුළුවන්.

 

ඔබේ දරුවා ඝන ආහාර අනුභව කරනවා නම් (වයස මාස 6 සිට):

 

ඔවුන්ගේ සාමාන්‍ය ආහාර වේලට හෝ මිශ්‍ර කළ පළතුරු යුෂ සමඟ අමතර ජලය ද ලබා දෙන්න. ජලය කොටස් 3 කට පළතුරු කොටස් 1ක් දෙන්න.

 

පිරිසිදු කළ පලතුරු, එළවළු හෝ අතිරේක ආහාර අනුභව කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න (හපන්නට ඇති හැකියාව අනුව). ඒවාට තම්බපු එළවළු සහ ෆයිබර් සහිත පළතුරු ඇතුළත් කරන්න.

 

උත්සාහ කළ යුතු වෙනත් දේවල්:

ඔබේ දරුවාගේ කකුල් පාපැදි චලිතයකින් මෘදු ලෙස චලනය කරන්න – මෙය ඔවුන්ගේ බඩවැල් උත්තේජනය කිරීමට උපකාරී වෙනවා.

ඔබේ දරුවාගේ බඩ මෘදු ලෙස සම්බාහනය කරන්න.

දරුවන්ව උණුසුම් වතුරෙන් නෑවීම මාංශ පේශි ලිහිල් කිරීමට උපකාරී වෙනවා (ඔබේ දරුවා ස්නානය කරද්දී මළපහ පිට වෙන්න පුළුවන්, ඒ නිසා සූදානම් වන්න).

 

උපකාර පැතිය යුත්තේ කාගෙන්ද?

ඉතා කලාතුරකින් මළබද්ධය වෙනත් ඊට යටින් පවතින සෞඛ්‍ය ගැටලුවක ලකුණක් වෙන්නත් පුළුවන්. 

 

ඔබේ දරුවා වයස මාස 8 ට අඩු නම් දින 2-3 ක් තිස්සේ මළපහ පිට කරලා නැත්නම් ඔවුන්ගේ බර ඉතා සෙමින් වැඩි වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ඔබේ දරුවා කාලයක් තිස්සේ මළබද්ධය ට ගොදුරු වෙලා ඇත්නම් දරුවා දැඩි පීඩාවකින් ඉන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ මළපහ එක්ක රුධිරය පිට වීම හෝ වෙනත් රෝග ලක්ෂණයක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ලබාගන්න.