Search here...
TOP
එදිනෙදා ජීවිත​ය මව සහ ගර්භනී සම​ය

ගර්භණී කාලයේදි මිදි ආහාරයට ගැනීමේ ප්‍රතිලාභ සහ අතුරු ආබාධ

ගර්භණී සමය තුළදී සමබර ආහාර වේලක් ගැනීම ඔබගේ සහ දරුවාගේ සෞඛ්යය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට අප සාමාන්යයෙන් වෙනදා ආහාරයට ගත් ආහාර ගර්භණී සමය තුළ ආහාරයට ගැනීම සුදුසුද යන්න බොහෝ අලුත් මවුවරුන්ට ඇතිවන ගැටළුවක්. ඔබ ගර්භණී සමයේ පසුවන කාන්තාවක් හෝ මවක වීමබලාපොරොත්තුවෙන් පසුවන කාන්තාවක නම් ඔබගේ ආහාරවේලෙහි අඩංගු වන්නේ මොනවාද සහ එමගින් ඔබට සහ කුස තුළ සිටින දරුවාට යම් අහිතකර බලපෑමක් වෙනවා යන්න ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන් ඇතැම් එළවලු සහ පළතුරු වර්ග ආහාරයට ගැනීම සම්බන්ධයෙන් විවිධ මතයන් සමාජයේ වෙනවා. 

 

බොහෝ කාන්තාවන් ගර්භණී සමය තුළ, විශේෂයෙන් මුල් ත්රෛමාසිකය තුළ ඇතිවන අප්රිය තත්ත්වයන් වළක්වා ගැනීමට මිදි වැනි ඇඹුල් රසකින් යුතු පළතුරු තෝරාගනු ලබනවා. ඒ නිසා ගර්භණී සමය තුළ මිදි පරිභෝජනය සුදුසුද සහ එමගින් යම් අහිතකර බලපෑමක් එල්ල වෙනවා යන්න ගැන මෙම ලිපිය මගින් අපි ඔබ වෙත වැදගත් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 

 

ගර්භණී සමය තුළ මිදි ආහාරයට ගැනීම ආරක්ෂිතද

මෙය බොහෝ දෙනෙකු වෛද්යවරුන්ගෙන් අසන ගැටළුවක් වන අතර පිළිතුර බොහෝ විටඔව්යන්නයි. මිදි යනු ඛණිජ ලවණ, විටමින් සහ අනෙකුත් ප්රධාන පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන ස්වභාවික ප්රභවයක්. නමුත් ඕනෑම ආහාරයක් මෙන්ම මිදිද අධික ලෙස පරිභෝජනය ශරීරයට අහිතකර බලපෑම් ගෙන එනු ලබනවා

 

මිදි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්රතිලාභ 

ගර්භණී සමය තුළ සීමිත මිදි ප්රමාණයක් දිනකට රිභෝජනය මගින් මවට සහ දරුවාට දෛනිකව අවශ් වන පෝෂණ අවශ්යතා සපුරා ගැනීමට හැකි අතර මිදිවල ඇති බොහෝ සංඝටක ශරීරයට ඇතුළු වන රෝගකාරක සමග සටන් කරමින් රෝගවලින් ආරක්ෂාව ලබාදෙනවා

 

මිදි පරිභෝජනයෙන් මවට ලැබෙන ප්රයෝජන

  • මිදිවල අඩංගු මැග්නීසියම් මස්පිඬු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවීම පාලනය කරනු ලබනවා
  • යකඩ අඩංගු වීම නිසා රක්තහීනතාවයෙන් වළකන අතර ශරීරයේ හිමොග්ලොබින් මට්ටම සමතුළිතව තබාගැනීමට උපකාරි වෙනවා. 
  • ගර්භණී කාන්තාවන්ගේ ප්රතිශක්තිය ගර්භණී සමය තුළ දුර්වල වන අතර මිදිවල අඩංගු ප්රති ඔක්සිකාරක මගින් සිරුරේ ප්රතිශක්තිය වර්ධනය කරනු ලබනවා
  • සන්ධි ඉදිමීම (arthritis) සහ හතිය (asthma) යන රෝග වැළැක්වීම සදහා මිදිවල අඩංගු ජලය සහ anti-inflammatory කාරකයන් හේතුවනවා
  • මිදි සජලනකාරකයක් ලෙස ක්රියා කරන අතර පෙණහලුවල තෙතමනය නියමිත පරිදි පවත්වාගෙන යාමඋපකාරි වෙනවා. 
  • අධික තන්තු ප්රමාණයක් සහිත වීම නිසා ගර්භණී සමයේ මළබද්ධය ඇතිවීම පාලනය කරනු ලබනවා
  • ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමය තුළ හෘද රෝග ඇතිවීමේ අවධානමක් සහිත වන අතර මිදිවල අඩංගු polyphenol නමැතු සංඝටකය හෘද රෝග ඇතිවීම පාලනයට උපකාරි වෙනවා. 

 

කුස තුළ සිටින දරුවාට අත්වන ප්රයෝජන 

  • මිදිවල අඩංගු ස්වාභාවික සෝඩියම් දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනයට උපකාරි වෙනවා. 
  • ෆ්ලේවනෝල් සහ විටමින් මගින් දරුවාගේ පෙනීම වැඩිදියුණු කරනවා
  • මිදිවල අඩංගු විටමින් B මගින් මවගේ පරිවෘත්තීය ක්රියාවලිය වේගවත් කරන අතර එමගින් දරුවාට වැඩිපුර පෝෂණය ලැබේ
  • අඩංගු resveratrol නමැති ඛණිජ ලවණය මගින් මවගේ සිරුරේ කොලෙස්ට්රෝල් මට්ටම ස්ථායි කරන අතර එමගින් කුස තුළ සිටින දරුවාට නීරෝගි හදවතක් තහවුරු කරනවා

 

මිදිවල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ

  • කැල්සියම්
  • යකඩ
  • මැග්නීසියම්
  • පොටෑසියම්
  • තන්තු
  • ෆෘක්ටෝස්
  • මැංගනීස්
  • කොබෝල්ට්
  • රෙස්වෙටරෝල්
  • පෙක්ටින්

ස්වාභාවික අම්ල වර්ග

  • ෆෝලික්
  • සිට්රික්
  • මැලික්
  • ටාටරික්

විටමින් වර්ග

  • විටමින් K, E
  • B කාණ්ඩයට අයත් විටමින් වර්ග බොහෝමයක් මිදිවල අඩංගු වෙනවා. 

 

ගර්භණී ඔබ මිදි ආහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ කවර අවස්ථාවලදීද?

  • ඔබ මිදි ආහාරයට ගැනීමෙන් යම් යම් ආසාත්මිකතා ඇතිවන කාන්තාවක් නම් මිදි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි
  • ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාවෙන් පීඩා විඳිනවා නම් වෛද් උපදෙස් මත මිදි ආහාරයට ගැනීමෙන් වැළකීම හෝ සීමා කිරීම කළ යුතුයි
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ගැටළු සහ වණ වැනි සමේ රෝග ඇතිවිට ඉන් සුවය ලැබෙන තුරු මිදි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය
  • රුධිරයේ අධික සීනි සංයුතියක් සහිත නම් මිදි ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැත

 

ගර්භණී සමයේ මිදි ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

ගර්භණී සමයේදි වරකට වැඩි ප්රමාණයක් මිදි ආහාරයට ගැනීමෙන් පහත අතුරු ආබාධ තත්ත්වයන් ඇතිවීම සිදුවේ

රුධිරගත සීනි ප්රමාණය අසමතුළිත වීම

බර වැඩිවීම

ආමාශයේ දැවිල්ල තත්ත්වයන්

 

ගර්භණී සමය තුළ මිදි ආහාරයට ගන්නා විට සැලකිලිමත් විය යුතු කරුණු

  • මිදි සීනි බහුල වශයෙන් අඩංගු පළතුරක්. ඒ නිසා වැඩි වශයෙන් මිදි යුෂ පානය ඔබගේ රුධිරගත සීනි ප්රමාණය ඉහළ නංවනු ලබයි
  • හිස්බඩ මිදි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු අම්ලයන්ගේ බලපෑමෙන් අජීර්ණ තත්ත්ව ඇතිවිය හැකියි
  • ඔබ GERD (gastroesophageal reflux disease) තත්තවයෙන් පීඩා විඳිනවානම් එය සුවවන තුරු මිදි ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වෙනවා. 

 

මිදි ආහාරයට එක්කරගත හැකි ආකාර

පළතුරක් ලෙස ආකාරයටම ඔබට ආහාරයට ගත හැකියි. නැතිනම් පළතුරු සලාද, එළවලු සලාද නැතිනම් උදෑසන ධාන් සීරියල් සමග එක්කර හෝ ආහාරයට ගත හැකියි. නැතිනම් යෝගට් වැනි දෙයක් සමග මිශ් කර ගැනීමෙන් වඩාත් රසවත් කර ගත හැකියි. එසේත් නොමැති නම් කෙසෙල් හෝ වෙනත් පළතුරු කිහිපයක් සමග එක්කර රසවත් පළතුරු පානයක් (nutritional punch) සකසා ගත හැකියි

 

මිදි ඇට ආහාරයට ගැනීම සුදුසුද?

ඔබට යම් ආසාදන ඇතිවීමේ අවධානමක් තිබේ නම් මෙම බීජ ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ. එමනිසා මිදි බීජ සමඟ ආහාරයට ගැනීමට පෙර ඔබේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. 

 

විශේෂයෙන් ගර්භණී සමය තුළ පළතුරු ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ් ඛණිජ ලවණ හා විටමින් නිසිපරිදි ලබාගත හැකියි. මිදි ඉතා ප්රබල පෝෂ්‍ය පදාර්ථ ප්රභවයක්. නමුත් ඕනෑම ආහාරයක් අධික ලෙස ගැනීම සුදුසු නොවන අතර සෞඛ් සම්පන්නව ප්රමාණවත් පරිදි ආහාරයට ගැනීම සුදුසු වෙනවා. නමුත් ඔබට ආහාර වේල සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිනම් ඔබගේ වෛද්යවරයා සමග සාකච්ඡා කිරීම ඉතා යෝග් වෙනවා. 

«

»