Search here...
TOP
පෝෂණ​ය මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේදි අජිනමොටෝ ආහාරයට ගැනීමට සුදුසුද?

ගර්භණී කාලය තුළ මවුවරුට විවිධ ආහාර වර්ග රසබැලීමේ ආසාවන් මතුවනවා. නමුත් රසවත් සියල්ල ඔබට සහ ඔබගේ කුසතුළ සිටින දරුවාට සෞඛ් සම්පන්න නොවන බව ඔබ දන්නවා. ඒ නිසා ගර්භණී සමයේ ආහාර තෝරාගැනීමේදී බෙහෙවින් සැලකිලිමත්වීම වැදගත්. විශේෂයෙන් ඔබ විවිධ රටවල ආහාර වර්ග රසබැලීමට තෝරාගන්නා රෙස්ටුරන්ට් ආදීයේ ආහාර පිළියෙල කිරීමට රසකාරක යොදාගන්නවාදැයි විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් Ajinomoto රසකාරකයක් ලෙස බහුලව භාවිතා වන අතර එමගින් ආහාරයේ රස ඉස්මතු කරන අතරම ශරීරයට අහිතකර බලපෑම් එල්ල කළ හැකියි

 

Ajinomoto හෝ MSG යනු කුමක්ද?

 

අජිනමොටෝ යනු කුළු බඩුවක් නොවන අතර Ajinomoto Corp යනු MSG හෙවත් Monosodium Glutamate නිෂ්පාදනය කරන ජපන් සමාගමේ නාමයයි. වෛද්යවරුන්ට අනුව MSG දිගුකාලයක් පුරා ආහාරයට ගැනීමෙන් විවිධ සෞඛ් ගැටළු ඇතිවිය හැකි අතර ඇතැමුන් පවසන ආකාරයට අප ශරීරයේ ස්වභාවිකව ග්ලූටමේට් නිපදවන බැවින් MSG ආහාරයට ගැනීම සුදුසු බවයි. නමුත් ඔබ ගර්භණී කාන්තාවක් නම් MSG අඩංගු ආහාර වර්ග ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වන අතර ආහාරයට ගැනීමට අවශ්යනම් පෝෂණවේදියකුගේ අදහස් ලබාගැනීම වඩාත් සුදුසුයි. 

 

ආහාර නිපදවන ක්ෂේත්‍රයේ ආකලනයක් (රසකාරකයක්) ලෙස MSG භාවිතය

ආහාර නිපදවන ක්ෂේත්‍රයට විශාල අමුද්රව් ප්රමාණයක් අවශ් වන බැවින් රසකාරකයක් ලෙස අඩුමිලට පහසුවෙන් ඇති MSG ආහාර රසගැන්වීමට භාවිතා කිරීමට බොහෝ අවන්හල් හිමියන් සහ ආහාර නිෂ්පාදකයින් පෙළඹෙනවා. වැඩිවශයෙන් ආහාරයට ගැනීමෙන් සිරුරේ ඉන්සියුලින් නිපදවීම කෙරෙහි බලපෑම් එල්ලකරන අතර රුධිරයේ සීනි මට්ටම පහත වැටීමට හේතුවිය හැකි අතර වැඩි වශයෙන් කුසගිනි දැනීම සහ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹිය හැකියි

 

ගර්භණී සමයේදී අජිනොමොටෝ ආහාරයට ගැනීම සුදුසුද?

 

දරුවාගේ සෞඛ්යයට අහිතකර බලපෑම් එල්ල කරන බැවින් ගර්භණී සමයේදි අජිනමොටෝ ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. අජිනමොටෝ ආහාරයට ගැනීමෙන් දරුවාට වැදෑමහ හරහා සිදුවන ආහාර සැපයුම අඩාල කර සියලු වර්ගවල විෂබීජ හා රෝග සහ ආමාශයේ ඇති ඕනෑම ආම්ලික ආහාරයකට නිරාවරණය වීමට ඇති අවදානම ඉහළ යා හැකියි

 

ගර්භණී සමයේ අජිනමොටෝ ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

  1. වැදෑමහට බලපෑම් එල්ලවී දරුවා කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීම
  2. හිසරදය සමග ඉරුවාරදය ඇතිවීමේ අවදානම ඉහළ නැංවීම
  3. MSG ආහාරයට ගැනීමෙන් මොළයේ සෛල උත්තේජන වන අතර ඒ නිසා නින්ද නොයෑම වැනි ගැටළු ඇතිවීම
  4. හෘද ස්පන්දන වේගය ඉහළ යාම, පපුවේ වේදනාව සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම
  5. ගර්භණී සමයේ ප්රතිශක්තිය අඩු බැවින් MSG අඩංගු ආහාර ගැනීමෙන් ඔක්කාරය ඇතිවීම
  6. අග්න්යාශය උත්තේජනය කර ආහාර රුචිකත්වය වැඩිකරන බැවින් අධිකව ආහාර ගැනීමට පෙළඹීමෙන් තරබාරුවීමේ අවදානම
  7. MSG ශරීරගත වු පසු GABA බවට පරිවර්තනය වන අතර එහි බලපෑමක් ලෙස සිරුරෙ හිරිවැටීම, දුර්වලතාවය, තයිරොයිඩ් ගැටළු වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි

 

අජිනොමොටෝ අඩංගු ආහාර හඳුනා ගන්නේ කෙසේද?

 

සැකසූ, ටින් කළ හෝ ඇසුරුම් කළ ආහාර මිලදී ගැනීමේදි එහි ලේබලය හොඳින් කියවන්න. ‘MSG-Free’ ලෙස හඳුන්වා ඇත්නම් එය ඔබට ආහාරයට ගැනීමට හැකියි

– MSG බහුලව ආහාර නිෂ්පාදනයේදී යොදාගන්නා වර්ණක, රසකාරක, ස්ටොක්ස්, සුප්වර්ග, කුළුබඩු වැනි බොහෝ දේහි අන්තර්ගත වන බැවින් ගර්භණී සමයේ ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. 

 

ගර්භණී සමයේදි ඔබ විසින් ගනු ලබන ඇතැම් ආහාර මගින් ඔබට යම් ආසාත්මිකතාද ඇතිවීමේ අවදානම ඉහළ නංවන බැවින් ඔබට ආහාරයට ගත හැකි ආහාර ගැන වෛද්යවරයාගෙන් හෝ පෝෂණවේදියකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්

 

«

»