ඔබේ ගර්භණී සමය තුල ඔබගේ සහකරු තුල ඇතිවිය හැකි බිරිසැරිය සින්ඩ්‍රෝම තත්ත්වය

ඇතැම් විට ඔබ මෙම තත්ත්වය ගැන අත්දැක ඇති නැතිනම් අසා ඇති. එනම් ඇතැම් කාන්තාවන් ගැබ් ගැනීමෙන් පසු ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් තුළ මානසික වශයෙන් යම් වෙනස්වීම් ස්වභාවයක් ඇතිවන බව

 

කුමක්ද මේ බිරිසැරිය සින්ඩ්රෝමය නැතිනම් කුවෙඩ් සින්ඩ්රෝමය?

කුවෙඩ් සින්ඩ්රෝමය ලෙස හඳුන්වනු ලබන්නේ කාන්තාවක් ගර්භණී වීමෙන් පසුව ඇයගේ සහකරු තුල ඇතිවන සමාන සහ එකම ආකාරයේ ගර්භණී ලක්ෂණ අත්විඳීමයි. මෙය sympathy pregnancy සහ pregnant dad syndrome ලෙසද හඳුන්වනු ලබනවා

 

දැකිය හැකි සංකූලතා 

 

බොහෝ විට මෙම රෝග ලක්ෂණ ගර්භණී සමයේ පළමු ත්රෛමාසිකය තුළදී හෝ ගර්භණී වීමෙන් තුන්වන මස පමණ වන විට දැකිය හැකියි

 

ආහාර රුචියේ සැලකිය යුතු වෙනස් වීම් ඇතිවීම

බර වැඩිවීම හෝ අඩුවීම

අධික වෙහෙස 

ඔක්කාරය

මස්පිඬු පෙරළීම හෝ කොඳු ඇටපෙළ වේදනාව

මානසික අවපීඩනය හා කාන්සිය

 

කුවේඩ් සින්ඩ්රෝමය ඇතිවීමට හේතුව කුමක්ද?

කුවේඩ් සින්ඩ්රෝම තත්වය ඇතිවීමට බලපා හැකි විවිධ හේතුන් තිබුණද එය ඇතැම් පිරිමින්ට පමණක් ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතූන් මෙතෙක් සොයාගෙන නැහැ. නමුත් මෙය ඇතිවීමට පහත කාරණා බලපාන බව පැවසෙනවා

 

හෝමෝන මට්ටම වෙනස් වීමගර්භණී සමයේ මුල් සහ තුන්වන ත්රෛමාසිකය තුල ඊස්ට්රජන් සහ ප්රොකැලැක්ටින් හෝමෝන මට්ටම ඉහල යාම සහ ආතතිය ඇතිවීමට බලපාන කොටිසෝල් හෝමෝනය සහ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝන මට්ටම අඩුවීම

 

රුවා සමග වන බැඳීමතම බිරිද තමාගේ දරුවකු කුස තබා සිටිනවා සහ දරුවා ක්රමක්රමයෙන් ඒ තුළ වැඩෙන බව සහ දරුවා ගැන ඉගෙන ගන්නා විට මෙම සින්ඩ්‍රෝම තත්ත්වය ඇතිවිය හැකියි

 

මානසික හේතුන්මෙම සින්ඩ්‍රෝමය බොහෝ විට දැඩි හැඟීම් නොමැති මෘදු හැඟීම් ඇති පුරුෂයන්ට, එසේ නොමැතිනම් තම සහකාරිය ගර්භණී සමයේ විඳින අපහසුතා වේදනාවන් ආදිය ගැන වඩාත් සංවේදි පුරුෂයන් හට මෙය ඇතිවීමේ ප්රවණතාවයක් තිබෙනවා

 

මෙය පිරිමින් අතර සුලභ තත්ත්වයක්ද?

 

බොහෝ පිරිමින් ඔවුන් තුළ වන මෙම පීඩාකාරි රෝග ලක්ෂණ ගැන හෙළිදරව් නොකරත් මෙය බහුතරයක් අතර සුලබ රෝගි තත්ත්වයක්. විවිධ අධ්යනයන් මගින් ලොව පුරා සෑම ප්රදේශයකම සිටින පුද්ගලයින් අතරින් අනුපාත සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ගර්භණී කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන්ගෙන් සියයට 25 සිට 52 දක්වා (25% සිට 52%) ක් පමණ තුළ මෙම සින්ඩ්රෝම තත්ත්වය ඇතිබවට සොයාගෙන තිබෙනවා

 

මෙම කුවෙඩ් සින්ඩ්රෝමය ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?

 

මෙම කුවෙඩ් සින්ඩ්රෝම තත්ත්වය තාවකාලික රෝග තත්ත්වයක් ලෙසයි වෛද්යවරුන් හඳුන්වනු ලබන්නේ. නමුත් රෝග ලක්ෂණවල බලපෑම අවම කිරීමවිවිධ ක්රම අනුගමනය සඳහා උපදෙස් ලබාදෙනවා. උදාහරණ ලෙස මානසික පීඩනය සහ කාංසියෙන් පෙළෙන්නන්භාවනා, යෝගි අභ්යාස වැනි චිකිත්සක ක්රම වලට උපදෙස් ලබාදෙන අතර ඇතැම්විට ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා

 

වඩාත් වැදගත් වන්නේ සෑමවිටම කාන්තා ඔබ මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීමයි. ඔබ පෙළනු ලබන හැඟීම් ඔහු හා බෙදා ගන්නඔබ සිදුකරන භාවනා, යෝග, ඇවිදීම වැනි ක්රියා වලට ඔබගේ සහකරුවද සම්බන්ධ කරගන්න. එවිට යම්හෙයකින් ඔබගේ සහකරු ඔබට නොපවසා මෙම සින්ඩ්රෝමයෙන් පෙළෙනවා නම් ඔහුට ඉන් මිදීමට ඔබට උදවු කරන්න පුළුවන්.