කොරෝනා වෛරසය (COVID-19) සහ ඔබේ ගර්භණී බව

ඔබ ගර්භණී මවක් නම් වර්තමානයේ ලෝකයේ පවතින COVID-19 වෛරසය පැතිරීමේදී ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කොහොමද යන්න ගැන ඔබත් කණස්සල්ලට පත් වෙලා ඉන්නවා ඇති. එහෙනම් වෛරසයට නිරාවරණය වීම සීමා කිරීමට සහ ඔබට, ඔබේ පවුලේ අයට ඇති අවදානම අඩු කිරීමට ඔබට කරන්න පුළුවන් දේවල් ගැන මේ ලිපියෙන් අපි අද ඔබට කියන්නම්. වෛරසය නිසා ගර්භණී අම්මලා ගොඩ දෙනෙක්ට තියන බහුල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු අපි අද කියන්නම්.

 

COVID-19 ගැන ගර්භණී ඔබ කරදර විය යුතුද?

කොරෝනා නිසා ගර්භණී කාන්තාවන්ට බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් නොමැති බවයි ලෝකය පුරා මෙතෙක් හමු වෙලා තියන සාක්ෂි වලින් පෙනී යන්නේ. COVID-19 තාමත් වැළඳිලා තියෙන්නේ ගර්භණී කාන්තාවන්ගෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණයි. වර්තමාන සොයාගැනීම් මත පදනම් වෙමින් සෙසු සාමාන්‍ය ජනගහනයට වඩා ගර්භණී කාන්තාවන්ට ඉන් විශාල අවදානමක් නොමැති බව‍යි පෙනී ගිහින් තිබෙන්නේ.

කෙසේ වෙතත්, ඕනෑම ශ්වසන රෝගයක් (ඉන්ෆ්ලුවෙන්සා වගේ) හරහා ගර්භණී ඔබට බරපතල සංකූලතා ඇති කරන්න පුළුවන් නිසා COVID-19 වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා ගර්භණී කාන්තාවන් හොඳ සනීපාරක්ෂාවක් සහ ශාරීරික දුරස්ථභාවය අනුගමනය කළ යුතු බව වෛද්‍යවරු කියනවා.

 

COVID-19 වලින් ආරක්ෂා වීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොකක්ද?

මුලින්ම ඔබේ අත් පිරිසිදුව තබාගැනීම වැදගත් මෙන්ම කැස්ස සහ කිවිසීම සඳහා හොඳ සනීපාරක්ෂක පුහුණු ඇති කරගන්න. ඊළඟට මෑතකදී විදේශගතව ඉඳලා පැමිණි පුද්ගලයින් මග හැරීම ඔබට කරන්න පුළුවන් නම් ඒකත් COVID-19 ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන් හොඳම ක්‍රම‍යක් වෙනවා. ඔබගේ නිවසේ සහ ඔබට ආසන්න පවුලේ සියල්ලන්ම ද එසේ කිරීම වැදගත්. ඔබට වෙනත් දරුවන් සිටීනවා නම්, හොඳ සනීපාරක්ෂක පුරුදු වල වැදගත්කම සහ අත් සේදිය යුතු ආකාරය ගැන ඔවුන්ට ද උගන්වන්න.

තත්පර 20 ක් සබන් හා වතුරෙන් ඔබේ අත් නිතරම සෝදන්න (උදා: කෑමට පෙර සහ පසු, වැසිකිළියට ගිය පසු). පිටතට යද්දී ඇල්කොහොල් මත පදනම් වූ හෑන්ඩ් සැනිටයිසර් එකක් භාවිතා කරන්න.

ඔබේ කැස්ස සහ කිවිසුම් එද්දී ටිෂූ එකකින් නහය සහ මුඛය ආවරණය කරලා ඒවා වහාම ටිෂූ බැහැර කරන්න. පසුව ඔබේ අත් සෝදන්න හෝ සැනිටයිසර් යොදන්න.

කැස්ස හෝ කිවිසුම් යන්න එද්දී ඔබේ වැලමිටින් නහය සහ මුඛය ආවරණය කරගන්න.

කහිද්දී අනෙක් අයගෙන් ඈත් වෙලා ඉන්න. කහින අයගෙන් ඔබත් ඈත් වෙලා ඉන්න.

පුළුවන් නම් ප්‍රසිද්ධ ස්ථාන වල සිටින විට මිනිසුන්ගෙන් මීටර් 1.5 කට වඩා දුරින් සිටින්න.

ඔබ දැනට වැඩ කරනවා නම් කාර්‍යාලයේ කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කරගන්නට කරන්න පුළුවන් මොනවාද කියලා ඔබේ ආයතන ප්‍රධානීන්ගෙන් විමසන්න. බොහෝ ආයතන විසින් සේවා ස්ථානයේදී සේවකයින් හැසිරිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සපයනවා. නිදසුනක් වශයෙන් හොඳ සනීපාරක්ෂාක පුරුදු දිරිගැන්වීම, රැස්වීම් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලයට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දීම.

 

භෞතික දුරස්ථභාවය

මීට අමතරව ඔබ ‘භෞතික දුරස්ථභාවය’ ද පුහුණු කළ යුතුයි. ඒ අතරට පහත කරුණු ඇතුළත් :

සංවෘත අවකාශයන් වල කුඩා රැස්වීම් වළක්වා ගැනීම.

ඔබ සහ අනෙක් පුද්ගලයින් අතර හැකි තාක් දුරට මීටර් 1.5 ක් තබා ගැනීමට උත්සාහ කිරීම (නිදසුනක් ලෙස, ප්‍රසිද්ධ ස්ථාන වල සිටින විට).

අතට අත දීම, බදා ගැනීම හෝ සිපගන්න එපා.

වයස්ගත පුද්ගලයින්, සත්කාරක පහසුකම් සපයන ස්ථාන හෝ රෝහල්, ළදරුවන් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් ඈත් වෙලා සිටින්න.

හුදෙකලා කිරීම් වලින් පස්සේ ඔබ ගැන බලා ගැනීම

මේ වෙද්දී බොහෝ ප්‍රදේශ වල සංචරණ සීමාවන් ලිහිල් කරලා තිබ්බාත් තාමත් ඔබ ඇතුළු පවුලේ සෑම කෙනෙක්ම ප්‍රසිද්ධියේ පිටතට යන විට ප්‍රවේශම් වෙන්න ඕනේ. බොහෝ ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරකම් තවමත් සීමා කරලයි තියෙන්නේ. මෙම කාලය තුළ ඔබ හොඳින් ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක් සහතික කිරීම සඳහා යම් ව්‍යායාම ලබා ගැනීම ද වැදගත් වෙනවා.

 

මේක මිනිස්සුන්ට ඉතා ආතති සහගත හා කරදරකාරී කාලයක්. ඒ අතර ඔබ පළමු වරට මවක් හෝ දැනටමත් දෙමාපියන් වුණත් ඔබේ සුපුරුදු උපකාරක පිරිස ඔබ වටා නොසිටීම ඔබටත් දුෂ්කර කාරණයක් වෙන්න ඇති. දුරකථන ඇමතුම් සහ වීඩියෝ මගින් ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වන්න. සහ මෙම කාලය තුළ ඔබට සහාය ගන්න අවශ්‍ය අය සමඟ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වන්න.