Search here...
TOP
පෝෂණ​ය

පාන් කන්න, නූඩ්ල්ස් කන්න රසම රස ක්‍රීමි එග් කරි එකක් හදමු

බිත්තර වලට පොඩ්ඩො හරිම ආසයි. ඒ වගේම මිල අඩුවෙන් දරුවන්ට ප්‍රෝටීන් ලබා දෙන්න පුළුවන් හොඳ මාර්ගයක් තමා බිත්තර කියන්නෙ. ඔන්න හැමදාම එකම විදියට බිත්තර කන්න බැරි හින්දා අපි ගෙනාව වෙනස් විදියෙ බිත්තර කරියක්.

 

ක්‍රීමි එග් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තක්කාලි ගෙඩි 2
  2. සුදුළූණු බික් 5
  3. කරදමුංගු 2
  4. කරාබු නැටි 3
  5. කජු මද 10-12
  6. තම්බාගත් බිත්තර 5
  7. තෙල් ස්වල්පයක් 
  8. චොප්කරගත් ළූණු ගෙඩි 2
  9. බේ ලීව් 1
  10. කහකුඩු තේ හැඳි1/4
  11. තුනපහකුඩු තේ හැඳි 1
  12. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  13. ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 1
  14. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

 

 

  • වතුර භාජනයක් ලිපේ තියලා තක්කාලි, සුදුළූණු, කරදමුංගු, කරාබු නැටි හා කජු ටික දාගන්න. මේක විනාඩි 5ක් තම්බගෙන පෙරාගන්න. 
  • තැම්බුනාම තක්කාලි වල පොතු ඇරලා කපාගන්න. දැන් තක්කාලි ටිකයි තම්බගත්තු අනික් සියල්ලමයි දාලා ග්‍රයින්ඩ් කරගන්න. ස්මූත් පේස්ට් එකක් හදාගන්න. 
  • බිත්තර 4ක් දෙකට කපාගෙන පැත්තකින් තියන්න. පෑන් එකට තෙල් ටිකක් දාගන්න. බේ ලීව් එක දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවෙන කොට කහකුඩු, කොත්තමල්ලි කුඩු, තුනපහකුඩු එකතුකරන්න. හොඳට කලවම් කරලා ක්‍රීමි පේස්ට් එකක් දාගන්න. හොඳට කලවම් කරන්න. 
  • මේකට වතුර කෝප්ප 1/2ක් වගේ දාල හැඳි ගගා පිසගන්න. උතුරන කොට කපාගත්තු බිත්තර ටික අතුරගන්න. බිත්තර කෑලි වැහෙන්න හොදි උඩින් දාලා ගම්මිරිස්කුඩු ටිකක් ඉහගන්න. 
  • ටිකකින් ෆ්‍රෙශ්ක්‍රීම් ටික දාගන්න. චොප්කරගත් කොත්තමල්ලි කොළ දාලා ඉතිරි බිත්තරය ග්‍රේට් කරලා උඩින් දාගන්න. පරෙස්සමට කලවම් කරගන්න.

 

«

»