රසම රස ක්‍රීමි එග් සැලඩ් එකකට රෙසිපි එකක් ඕනෙද?

මේක පාන් එක්ක කන්න කියාපු සැලඩ් එකක්. ඩයට් කරන කෙනෙක්ට නම් මේක විතරක්ම කන්න පුළුවන් පාන් නැතුව. පොඩ්ඩොන්ට සැන්ඩ්විච් එකක් මැදට දාලා දෙන්නත් නියමයි. බලන්නකො එහෙනම් හදන හැටි.

 

ක්‍රීමි එග් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

  1. තම්බාගත් බිත්තර 4
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් පාස්ලි ස්වල්පයක් 
  4. මස්ටඩ් ක්‍රීම් මේස හැඳි 
  5. ලෙමන් මේස හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • බිත්තර ටික පොඩියට කපාගන්න. මේකට ළූණු හා පාස්ලි දාගන්න. 
  • මස්ටඩ් ක්‍රීම් ටික දාලා ලෙමන් හා රස අනුව ලුණු ගම්මිරිස්කුඩු ටික දාලා හොඳට ක්‍රීම් වෙනකල් කලවම් කරගන්න.