ළමුන් සඳහා ධනාත්මක නිවසක් ගොඩනගන්න මේ දේවල් දැනගන්න

ධනාත්මක පරිසරයක් තුළ දරුවන්ගේ වර්ධනය හා අනාගතය සාර්ථක වීමට ධනාත්මක නිවසක් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ධනාත්මක උත්තේජනය දරුවන්ට ජීවිතයේ ධනාත්මක ආකල්පයක් ඇති කර ගැනීමට සහ උපරිම ලෙස සමෘද්ධිමත් වීමට උපකාරී වෙනවා. ඇත්ත වශයෙන්ම දරුවන් තුළ පමණක් නෙමෙයි පවුලේ අනෙකුත් සාමාජිකයන් තුළද ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට නම් මුලින්ම අවශ්‍ය වෙන්නේ ධනාත්මක නිවසක්. නිවස තුළට ධනාත්මක බව ගෙන ඒම දරුවන් ධනාත්මකව සවිබල ගැන්වීමට ඔබට උපකාරී වෙනවා. ධනාත්මක නිවසක් සැබවින්ම සන්තෝෂවත් දරුවන් ඇති දැඩි කිරීමට උපකාරී කරනවා. ළමයින් සඳහා ධනාත්මක නිවසක් තැනීම සඳහා දෙමාපියන්ට කළ හැකි දේවල් ගැනයි අපි අද කතා කරන්න හිතුවෙ.

 

ඔබේ දරුවන් වෙනුවෙන් නිරතුරුවම ඉන්න 

ඔබේ දරුවන් නිවසේ සිටින විට ඔබ ඔවුන් සඳහා පුළුවන් හැම වෙලාවේම ඉන්න බවට වග බලා ගන්න. ඔබේ රැඳී සිටීම ඔවුන්ගේ ජීවිතයට ඉතා වැදගත් වෙනවා. ඔබේ දරුවන් කිසි විටෙකත් නිවසේ තනි කරන්න එපා. ඔබේ දරුවන් නිවසේදී කරන විවිධ ක්‍රියාකාරකම්වල කොටස්කරුවන් වන්න. නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ ගෙදර වැඩ ආදිය සඳහා ඔවුන්ට උදව් කරන්න.

 

ඔවුන් ඉදිරියේ රණ්ඩු කිරීමෙන් වළකින්න

ඇතැම් අවස්ථාවල එය දුෂ්කර වුණත් ඔබේ දරුවන් ඉදිරියේ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ රණ්ඩු වීම වළක්වා ගන්නම ඕනේ. රණ්ඩු කිරීම නිවසේ ඍණාත්මක බවක් ඇති කරන්න පුළුවන්. එය අවසානයේ දරුවන්ට බලපානවා. එමනිසා, ගෙදර රණ්ඩු අවම කිරීමට සහතික කර ගන්න. ඒවා අහම්බෙන් සිදු වුණත්, හැකි ඉක්මණින් නැවත ඔබ දෙදෙනා සම්බන්ධ වීමට උත්සාහ කරන්න. දීර්ඝ කාලයක් තිස්සේ දෙමාපියන් අතර ඇති වන ගැටුම් දරුවන්ගේ මනසෙ ගැඹුරු කැළලක් ඇති කරනවා.

 

ඔබේ දරුවන්ට කරදර කිරීමෙන් වළකින්න

ළමයින් නොකඩවා රැවටීම ඔවුන් තුළ කළකිරීමට හේතු වෙන අතර නිවසේ ඍණාත්මක බව ද වැඩි කරනවා. ඒ නිසා, පාසලෙන් ආපසු නිවසට පැමිණෙන විට දරුවන්ට නිදහස් කාලයක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලදී “me time” එකක් එයාලාට ලබා දීමට ඔබ වග බලා ගන්න. ළමයින්ට දිගින් දිගටම කරදර කිරීමෙන් පසුබෑමට ලක් වෙන්න පුළුවන් අතර ඔවුන් තුළ අකාර්යක්ෂම බවක් ඇති කරවනවා. ඒකෙන් දරුවන්ට ඍණාත්මක චිත්තවේගයක් ඇති වෙනවා. ඔබට වගේම දරුවන්ටත් තනියම ගත කිරීමට මොහොතක් තිබීම වැදගත් බව වටහාගන්න.

 

ඔබේ දරුවන්ට කෑගැසීමෙන් හෝ දොස් පැවරීමෙන් වළකින්න

ඔබේ දරුවන් ඔබට ඇහුම්කන් නොදෙන්නේ නම්, ඔබේ කටහඬ දැඩිව අවදි කර ඔවුන්ට කෑගැසීමට හෝ දොස් පැවරීමට පටන් ගන්න එපා. ඒ වෙනුවට,  ඔවුන්ගේ ඇස් දෙස කෙලින් බලාගෙන ඔවුන් සමඟ සන්සුන්ව කතා කරලා ඔබට ඔවුන්ට පැවසීමට අවශ්‍ය දේ නිවැරදිව තේරුම් කරවන්න.

 

Family Time එකක් ගත කරන්න

ධනාත්මක නිවසක් තැනීම සඳහා, Family Time එකක් තිබීම අත්‍යවශ්‍යයි. සෑම දිනකම ඔබේ පවුලට එකම වෙලාවට එක්රැස් වීමට බැරි නම්, අවම වශයෙන් සතියකට වරක්වත් Family Time එකක් ගත කිරීමට දෙමව්පියන් උත්සාහ කරන්න ඕනේ.

 

ගෙදර දොරේ වැඩ සෑම කෙනෙකුටම පවරන්න

සියළුම පවුලේ සාමාජිකයින්ට යම් ගෙදර දොරේ වැඩක් හෝ වෙනත් වැඩක් පවරන්න ඕනේ. එය ළමයින් ද ඇතුළුව සියලු දෙනා තුළ වගකීම පිළිබඳ හැඟීමක් වර්ධනය කරන අතර තමන්ට වගකීම් ලබා දීමෙන් දරුවන් තුළ තමන් ද නිවසේ වගකීම් දරන කෙනෙක් කියලා තේරෙන්න පටන් ගන්නවා. එම වැදගත් යැයි හැඟීම ඔවුන් තුළ ආත්ම අභිමානය ඉහළ නැංවීමට මෙන්ම ඔවුන් තුළ ධනාත්මක හැඟීමක් ඇති කිරීමට ද හේතු වෙනවා.

 

එකට Family Show එකක් නරඹන්න

ළමයින් සඳහා ධනාත්මක නිවසක් ගොඩනැගීම සඳහා පවුලේ සාමාජිකයන් අතර බැඳීම ඉතා වැදගත් වෙනවා. Family Show එකක් හැමෝම එකට ඉඳගෙන නැරඹීම කියන්නේ පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම වැඩි දියුණු කිරීම සඳහා හොඳ ක්‍රමයක්.