කියවීමට හුරු පරිසරයක් ඔබේ නිවස තුළ ගොඩනගන්නෙ මේ විදියටයි

ඔබත් කුඩා දරුවන් සිටින මවක් නම් දරුවන්ට කුඩා කල සිටම කියවීම හුරු කරන්නේ කොහොමද කියා කල්පනා කරනවා ඇති. ඇත්ත වශයෙන්ම කියවීමපොත්පත් ආදිය පිරුණු නිවසක් දරුවාට කියවීමේ උද්යෝගිමත්භාවයක් ගෙන දෙන අතර කුඩා කල සිටම කියවීම හුරු කිරීමෙන් දරුවා පරිපූර්ණ මිනිසකු බවට පත් වනවා

Baby and Me අපි මෙම ලිපිය මගින් ඔබගේ නිවස කියවීමට හුරු නිවසක් බවට පත් කරන්නේ කෙසේද සහ දරුවා කුඩා කල සිටම කියවීමට හුරු කරන්නේ කෙසේද යන කරුණු ඉදිරිපත් කරනවා

 

විවිධ කියවීම් මෙවලම් නිවස තුළ තබාගන්න

දරුවාගේ ඇස ගැටෙන පරිදි විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුත් කුඩා පොත් වර්ග එක් කරන්න. දරුවා ළදරු පාසල් යන වියේ පසුවනවා නම් හෝඩි පොත්, ළමා ගී පොත්, කුඩා කවි පොත් ආදිය පෙරළා බැලීමට ප්රිය කරනවා. ප්රාථමික ඛාණ්ඩයේ ළමුන්බොහෝ විට කුඩා ප්රබන්ධ කතා, කවි පොත්, ළමා ශබ්දකෝශ ආදිය සුදුසු වනවා

දරුවාට තනිව කියවා තේරුම් ගත නොහැකි පොත් ඔබට දරුවා සමග එක්ව කියවීම මගින් දරුවා පොත් කියවීමහුරු කරවීමටද රූප සටහන් පෙන්වා දරුවාට සිතෙන දේ විමසීම, ප්රශ්ණ ඇසීම වැනි දේ මගින් උනන්දුව ඇති කළ හැකියි

එමෙන්ම පොත්වලට අමතරව පහත පරිදි කියවීමට හැකි දේ එකතුවක් තබා ගැනීම මගින් දරුවාට විවිධත්වයක් එක්කළ හැකියි

  • කුඩා ළමුන්ට සුදුසු සඟරා
  • ශ්රව් පොත් (audio books)
  • තැපැල්පත්, මුද්රිත ඊමේල් සහ ඥාතීන්ගෙන් කෙටි පණිවිඩ
  • ඡායාරූප ඇල්බම සහ රූප පොත්
  • පුවත්පත්
  • විකට පොත්
  • අන්තර්ජාලය
  • පරිගණකයක්/ටැබ්ලටයක් මගින් කියවීම
  • e-readers හෝ e-books

 

කියවීමට හැකි දේ අත මානයේ තබන්න

දරුවාට පහසුවෙන් ලබාගත හැකි ආකාරයට පොත්පත් වැනි කියවීම ප්රිය කරන දෑ තබන්න. විශේෂයෙන් දරුවාගේ කාමරයේ හෝ දරුවා නිතර ගැවසෙන සෙල්ලම් කාමරයේ හෝ දරුවා ප්රිය කරන ක්රීඩා භාණ්ඩ සමග පහසුවෙන් ඇසගැටෙන පරිදි තැබීමෙන් නොදැනුවත්වම දරුවා ඒවා පරිශීලනයට හුරුවනවා. එසේ නොමැතිනම් විසිත්ත කාමරයේ සෝෆාව සමීපයේ කුඩා පොත් රාක්කයක් තබන්න. එසේ නොමැතිනම් දරුවා නින්දට යාමට පෙර පොතක් කියවන්න

 

දරුවා ක්රමයෙන් වැඩෙන විට කියවීමනිශ්චිත ස්ථානයක් සකසන්න

  • නිවසේ වෙනම නිදහස් ස්ථානයක් කියවීම් කාමරයක් සේ සකසන්න. එයට ඔවුන්ට පහසුවෙන් ළඟාවිය හැකි ආකාරයේ රාක්ක සහ කබඩ් වැනි දේ යොදා ගන්න. දරුවා ප්රිය කරන පැහැයක් ආලේප කර, කියවීම් කාමරයේ පොත් පත් තැන්පත් කරන විට එයට දරුවාගේ සහය සහ සැරසිලි වලට දරුවාගේ අදහස්ද එක්කර ගන්න
  • දරුවාට පරිශීලණය පහසු ආකාරයට පොත් තැන්පත් කරන්න
  • නැතිනම් දරුවා වැඩි වේලාවක් වාඩිවී සිටීමට ප්රියකරන ස්ථානයේ දරුවාට සුදුසු ඔහු හෝ ඇය ප්රිය කරන පොත් සඟරා හෝ කාඩ් වැනි දේ අඩංගු කූඩයක් තබන්න
  • සුවපහසු පුටුවක් හෝ සෝෆාවක් හෝ හැමොක් එකක් වැනි දෙයක් තබා කියවීම් මුල්ලක් (reading corner) සාදා දෙන්න. එය භාවිතා කිරීමට උනන්දු කරන්න

 

කියවීම් ස්ථානය මනහර ලෙසට සකස් කරන්න

ඔබ දරුවාට සකසන කියවීම් ස්ථානය හෝ නිවසේ පොදු කියවීම් කාමරයප්රමාණවත් පරිදි ආලෝකය ලැබෙනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එහි බාහිර ස්වභාවය කාලයෙන් කාලයට වෙනස් කරන්න. කාලීන පොත්පත් සඟරා වැනි දේ එකතු කරන්න. විශේෂයෙන් දරුවන් ප්රිය කරන මාසික පුවත්පත් සඟරා වැනි දේ. දරුවන් උනන්දුවක් දක්වන හෝ පාසැලේ ඉගෙන ගන්නා මාතෘකා ගැන පොත් ඇතුළත් කරන්න. එහි බිත්ති දරුවාගේ චිත් හෝ කවි නිර්මාණ ආදියෙන් සැරසීමටද ඔබට හැකියි

 

දරුවාගේ නිර්මාණශීලිත්වයට දිරිගන්වන්න

දරුවා ලිවීමට හෝ වෙනත් නිර්මාණයන් වලට දක්ශතාවයක් දක්වනවා නම් එයට දරුවාට අවශ් ධෛර් ලබාදිය යුතුයි. පොත් ලිවීම, කවි නිර්මාණ, නිසඳැස් ආදියදරුවා උනන්දු කරන්න. බොහෝ කුඩා දරුවන් තම නිර්මාණ පවුලේ අය සහ මිතුරන් සමග බෙදා ගැනීමට ප්රියකරනවා

 

දරුවා කියවීමට දිරිගැන්විය හැකි වෙනත් ක්රම

  • කියවීමප්රමාණවත් කාලයක් ලබාදීමරූපවාහිනිය, පරිඝණක ක්රීඩා සහ ජංගම දුරකතන ආශ්රිතව ගතකරන කාලය සීමා කිරීම
  • දරුවාට නිතර කියවීමේ වැදගත්කමප්රායෝගික උදාහරණ සපයන්න. පවුලේ කියවීම් වේලාවක් වෙන්කරන්න. පුවත්පත් සඟරා ආදිය දරුවා සමග කියවන්න. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ඇති මුද්රිත සහ අන්තර්ජාලය ආශ්රිත රීඩින් සංකල්පය දරුවා සමග බෙදාගන්න. දරුවා ප්රිය කරන කතන්දර පොත් කියවීම වැනි උපක්රම භාවිතා කරන්න
  • ඔබට ඇසෙන සේ පොත් කියවීමට දරුවාට පවසන්න. නැතහොත් දෙදෙනා එක්ව පොත් කියවන්න
  • දරුවන් සෑමවිටම වැඩිහිටියන් අනුකරණය කරන බැවින් පවුලේ වැඩිහිටියන් දරුවන්ට පෙනෙන පරිදි පොත් පත්තර සඟරා වැනි දේ කියවන්න