විජලනය ගැන ඔබ දන්නෙ මොනවද?

විජලනය කියන්නේ ගොඩක් වෙලාවට දරුවන් තුළින් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. ඔබේ දරුවාටත් විජලනය ඇති වෙලාද කියලා හඳුනාගන්න පුළුවන් සලකුණු සහ රෝග ලක්ෂණ තියනවා. දරුවාට දින තුනක් තිස්සේ වමනය හෝ පාචනය තියනවා නම්, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, බොන්නේත් ජූස් ටිකක් විතරයි නම් ඒක විජලනයේ සලකුණු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගෙන් ක්‍රියාශීලී බවක් නොපෙනීම සහ වෙනදාට වඩා අඩු වාර ගණනක් මුත්‍රා කිරීමත් විජලන රෝග ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්. මේවා හඳුනාගත්තාට පස්සේ විජලනය ගැන ඔබ බිය වෙන්න අවශ්‍ය නෑ. කරන්න ඕනේ මොකක්ද යන්න තීරණය කිරීමට ඔබට උපදෙස් කිහිපයක් මෙන්න.

 

ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ බොහොමයක් හෝ සියල්ලම තිබෙනවා නම් දරුවා සැලකිය යුතු ලෙස විජලනය වෙලා නෑ කියලා බව ඔබට විශ්වාස කරන්න පුළුවන්:

 

  • තෙතමනය තිබීම
  • මුඛයේ කෙළ වල දිලිසෙන ස්වභාවය දිවේ හෝ තොල් යට කෙළ තිබීම
  • ඇස්වල තෙතමනය තිබීම 
  • අඬනකොට හොඳින් කඳුළු ගලා යාම
  • අවම වශයෙන් සෑම පැය 4 කට වරක් මුත්‍රා කිරීම
  • සෙල්ලම් කිරීමට ක්‍රියාකාරී වීම

 

මෘදු විජලනය

බොහෝ දරුවන් සුපුරුදු පරිදි ජලය පානය නොකිරීම නිසා ඕනෑම රෝගයක් අතරතුර මෘදු මට්ටමකින් විජලනය වෙන්න පුළුවන්. මේක භයානක නෑ. දරුවන්ගේ මෘදු විජලනයේ පොදු සලකුණු අතර පහත ලක්ෂණ හඳුන්වන්න පුළුවන්. 

 

  • වෙනදාට වඩා අඩු ක්‍රියාකාරී වීම. නමුත් තවමත් සෙල්ලම් ගැන සෝදිසියෙන් හා ආසාවෙන් ඉඳීම 
  • තොල් තරමක් වියලි වීම
  • මුත්‍රා කිරීමේ වාර ගණන තරමක් අඩු වීම

 

මධ්‍යස්ථ විජලනය

ආමාශ ආන්ත්‍රයික රෝගයක් වැළඳීමේදී බොහෝ දරුවන් මෙම අදියර දක්වා ඉදිරියට යනවා. පොදුවේ ගත්තම මෙම අදියර ද භයානක නෑ. එම තත්ත්වයට අදාළ ලක්ෂණ වලට ඇතුළත් වන්නේ:

  • වෙනදාට වඩා අඩුව ක්‍රියාකාරී වීම. නමුත් තවමත් සෙල්ලම් ගැන සෝදිසියෙන් හා ආසාවෙන් ඉඳීම.
  • ඇස් වලින් ඔබට ප්‍රතිචාර දක්වයි
  • තොල් වියළි හා තැළුණු ස්වභාවයක් ගැනීම, මුඛයේ ඇතුළත තරමක් වියලි වීම
  • අඬනකොට කඳුළු නොගැළීම, නමුත් ඇස් වල තවමත් තෙතමනයක් පෙනීම
  • සුපුරුදු පරිදි අඩක් පමණක් මුත්‍රා කිරීම
  • ඇපල් යුෂ වගේ මුත්‍රා සාන්ද්‍රණයක් තිබීම 

 

දරුණු විජලනය

ඔබේ දරුවා මේ වගේ සලකුණු පෙන්වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න:

 

  • කොර ගැසීම, ක්‍රියාකාරී නොවීම, අක්ෂි සම්බන්ධතා අවම වීම සහ ඔබේ කටහඬට හෝ ස්පර්ශයට ප්‍රතිචාර නොදැක්වීම. 
  • තොල් වියළී තිබීම, මුඛය ඇතුළත වියළි හා ඇලෙන සුළු වීම
  • කඳුළු රහිත වීම, ඇස් වියළී ගිලීමට ලක් වී තිබීම 
  • පැය 12 – 18 අතර කාලයක් පුරා මුත්‍රා නොකිරීම
  • අනෙක් රෝග ලක්ෂණ සමඟ අතිශය අසාමාන්‍ය තත්ත්වයක් පෙන්වීම
  • සුදුමැලි වීම
  • ඉතා වේගවත් හෘද ස්පන්දනයක් හට ගැනීම

 

සටහන: දරුවෙකු වමනය හා පාචනය සමඟ ද දැඩි ලෙස විජලනය වීමට ඉඩ තියනවා. ඒක “double-ender” ලෙස හැඳින්වෙනවා.

මෘදු හෝ මධ්‍යස්ථ විජලනය සහිත දරුවන්ට සවස් වරුවේ සහ රාත්‍රිය පුරා කුඩා ප්‍රමාණයෙන්, නිතර නිතර මේ වගේ පැහැදිලි දියර වර්ග ලබා දීමෙන් ඒක සමනය කරන්න පුළුවන්:

 

  • මව්කිරි
  • ජීවනී
  • ශීත කළ පළතුරු යුෂ 

 

දරුණු විජලනයට නම් නිවසේදී ප්‍රතිකාර කරනවාට වඩා වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ගන්න.

ඒ සියල්ලටත් වඩා ඔබේ දරුවා කෙතරම් විජලනය වෙලාද කියලා ඔබට විශ්වාස නැත්නම් ඔබ අනිවාර්‍යෙන්ම ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.