Search here...
TOP
පෝෂණ​ය

වෙජිටේරියන් අයට රසට කන්න ටෝෆු ඩෙවල් එකක් හදමුද?

අපි කලිනුත් දවසක කිව්වනෙ, ගෙදර ඉන්න වෙජිටේරියන් අයට කන්න රසට දේවල් හදන එක අම්මලාට පොඩි පහේ අභියෝගයක් කියල. ඉතින් මේ ගෙනාවෙ වෙජිටේරියන් අයගෙ දිව පිනවන්න රසට හදන්න පුළුවන් ටෝෆු ඩෙවල් එකක් හදන හැටි. 

 

ටෝෆු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ටෝෆු පැකට් 1
  2. කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2
  3. මාළු මිරිස් කරල් 3
  4. කපාගත් ලීක්ස් බඩ කොටස
  5. තක්කාලි ගෙඩි 1
  6. ඉඟුරු සුදු ළූණු පේස්ට් එක
  7. කුරුඳු පොත්තක්
  8. තක්කාලි සෝස්
  9. ස්වීට් සෝයා සෝස්
  10. නෝමල් සෝයා සෝස්
  11. ගම්මිරිස් කුඩු
  12. කහ තේ හැඳි බාගයක්
  13. මිරිස්කුඩු තේ හැන්දක්
  14. ලෙමන් යුෂ ටිකක්
  15. ලුණු  
  16. සීනි ටිකක්
  17. තල ඇට
  18. තෙල් හා විනාකිරි

 

 

  • භාජනයක් අරගෙන සෝයා සෝස් ජාති දෙක එක්ක කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ලෙමන්‍ යුෂ හා ලුණු එකතු කරලා කලවම් කරන්න. ටෝෆු ටික කෑලි අරන් මේ සෝස් මිශ්‍රණයට දාලා පැය භාගයක් මැරිනේට් කරගන්න.
  • භාජනයකට තෙල් දාලා රත්වෙනකොට ටෝෆු ටික දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. තෙල් බේරෙන්​න තියන්න.
  • ඒ භාජනයේම වැඩිපුර තෙල් භාජනයෙන් අයින් කරලා ඒකට කුරුඳු පොතු, ඉඟුරු සුදු ළූණු පේස්ට් එක එකතු කරන්න.  මේකට තක්කාලි සෝස් එකත් දාගන්න. කැමති නම් කෑලි මිරිස් ටිකක් එකතු කරන්න.
  • ටෝෆු මැරිනේට් කරපු භාජනයේ ඉතුරු සෝස් එකත් එකතු කරන්න. හොඳට කලවම් කරන්න. දැන් සීනි හා විනාකිරි එකතු කරන්න. 
  • මේකට ටෝෆු ටික දාලා අඩු ගින්දරේ පිසගන්න. දැන් කපාගත් තක්කාලි හා කපාගත් ළූණු, මාළුමිරිස්, ලීක්ස් එකතු කරන්න. හොඳින් කලවම් කරගෙන විනාඩියක් දෙකක් පිසගෙන තල ඇට ඉහලා ලිප නිවාගන්න.

 

«

»