ගර්භණී සමයේ දි ඇතිවන පාචන තත්ත්වය සාමාන්‍යද? එයට හේතු මොනවාද?

ගර්භණී සමය කාන්තාවකගේ ජීවිතයට සුන්දර සහ කටුක අත්දැකීමක් සමසේ ලබාදෙන කාලසීමාවක්. ඉතින් ගර්භණී කාන්තාවන් බොහෝමයක් තුළ සුලබව දැකිය හැකි රෝග තත්ත්වයක් ලෙස මළබද්ධය සහ පාචන තත්ත්වයන් ඇතිවීම හැඳින්වීමට පුළුවන්. එයිනුත් සුළු පාචන තත්ත්වයන් ගැබිණි කාන්තාවන් 3 න් 1ක් පමණ මුහුණ දෙන ගැටළුවක්. මෙහිදි උදරයේ කැක්කුමක් සහිතව හෝ රහිතව දිනකට තුන්වරක් පමණ මළපහ කිරීමට ඔබට අවශ් වනවා

ගර්භණී සමයේදී ඔබ මුහුණ දෙන මෙම සුලු පාචන තත්ත්වයට බොහෝ විට හේතු වන්නේ වෛරස් හෝ බැක්ටීරියාවක් මගින් ඇතිකරනු ලබන බලපෑමයි. මෙම පාචන තත්ත්වය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද් ප්‍රතිකාර ලබාගත යුතු වනවා. එසේ නොමැති වීමෙන් ශරීරය විජලනය වීමට ඉඩ තිබෙනවා. නමුත් පාචන තත්ත්වයත් සමහ උණ, වමනය, රුධිරය පිටවීම හෝ යෝනිය තුළින් යම් ශ්රාවයක් හෝ රුධිරය පිටවීමක් සිදුවන්නේ නම් වහාම වෛද් ප්රතිකාර ලබාගත යුතු වනවා

 

ගර්භණී සමයේ ඇතිවන පාචන රෝගයේ ලක්ෂණ

ප්රධාන වශයෙන් දිනකට තුන් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් දියරමය ස්වභාවයකින් යුක්තව මළපහ පිටවීම ප්රධාන ලෙස සිදුවන අතර ඊට අමතරව පහත රෝග ලක්ෂණ දැකිය හැකියි

 

වමනය හෝ ඔක්කාරය

බඩේ කැක්කුම සහ වේදනාව

බඩ පිපුම

ශරීර අප්රාණිකත්වය

නිතර මළපහ කිරීමට අවශ් වීම

ආහාර අරුචිය

 

ගර්භණී සමයේදි පාචනය ඇතිවීමට බලපාන හේතු

ගර්භණී සමයේ සිරැරේ prostaglandins මට්ටම ඉහළ යාම හේතුවෙන් ආහාර ජීර්ණයට බලපෑම් එල්ල කරන අතර එමගින් පාචන තත්ත්වයන් ඇතිවනවා

ගර්භණීභාවයත් සමග ඇතැම් කාන්තාවන්ගේ ආහාර රටාව වෙනස් වන අතර එම හේතුව නිසාද ගර්භණී සමයේ මුල් මාස තුන තුළ පාචන තත්ත්වයන් ඇතිවීමට හේතු වනවා

ගර්භණීභාවයත් සමග ඇතැම් කාන්තාවන්ගේ ආහාර රුචිය ඉහළ යන අතර විශාල ආහාර ප්රමාණයක් ගැනීමට පෙළඹෙනවා. එසේ ආහාර විශාල වශයෙන් ගැනීමත් පාචනය ඇතිවීමට හේතුවක්

ගර්භණී සමයේදී ඇතැම් කාන්තාවන් තුළ කුසතුළ සිටින දරුවා සම්බන්ධයෙන් යම් මානසික ආතතියකින් පසුවන අතර මෙයද පාචනය ඇතිවීමට හේතුකාරක වනවා

යම් යම් සෞඛ් හේතුන් මත ඇතැම් ගර්භණී කාන්තවන් හට ඇඳ විවේකය වෛද්යවරුන් විසින් නියම කරන අතර එසේ උදාසීනව කාලය ගත කිරීමත් ආහාර ජීරණයට බාධා ඇතිකරනු ලබන අතර පාචනය ඇතිවීමට හේතු වනවා

-ගර්භණී සමයේදි ගනු ලබන ඇතැම් විටමින් වර්ග වල බලපෑම හේතුවෙන්

ගර්භණී සමයේ මුල් මාස තුන තුළ ඇතැම් කාන්තාවන්ට ආම්ලිකතාවය වැනි තත්ත්වයන් ඇතිවන අතර මෙයට ප්රතිකාර ලෙස වෛද්යවරුන් ප්රති අම්ලයක් (antacids) නියම කරන අතර ඒවායේ අන්තර්ගත මැග්නීසියම් හේතුවෙන්ද පාචන තත්ත්වයන් ඇතිවිය හැකියි

දරු ප්රසූතියට සති දෙකක් හෝ 3ක් අතර කාලය තුළදීත් පාචන තත්ත්වයන් ඇතිවන අතර එයින් අදහස් වන්නේ ඔබ දරු ප්රසූතියට ආසන්න වී ඇති බවයි. එමනිසා වඩාත් සැලකිලිමත් විය යුතු වනවා

 

ගර්භණීභාවය හා සම්බන්ධ නොවන පහත හේතු නිසාද පාචන තත්ත්වයන් ඇතිවනවා

ආහාර විෂවීම

බැක්ටීරියා සහ වෛරස් ආසාදන

බඩවැල්වල සිටින පරපෝෂිතයන්ගේ බලපෑම

සෙලියාක් රෝගය සහ Crohn’s disease, irritable bowel syndrome

 

ගර්භණී සමයේදී ඇතිවන පාචන තත්ත්වය සඳහා පිළියම්

  • දියර වර්ගවිජලනය වීමෙන් වැළකීමට ප්රමාණවත් පරිදි ජලය, සුප් වැනි පානවර්ග පානය කරන්න
  • ආහාරජීර්ණයට පහසුවන තන්තු බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට එක්කර ගන්න. සෑමවිට පිරිසිදු සෞඛ්යාරක්ෂිත ආහාර ලබා ගන්න. නිවසින් පිටතදී ආහාර සහ ජලය මිලදී ගෙන ආහාරයට ගැනීමෙන් වළකින්න
  • ව්යායාමඔබගේ ප්රසව සහ නාරිවේද වෛද්යවරයාගේ උපදෙස් පරිදි දෛනික ව්යායාම් හි නිරත වන්න. එමගින් නිසි පරිදි ආහාර ජීරණය වී පාචන තත්ත්වයන් ඇතිවීම පාලනය වනවා
  • ඖෂධපාචන තත්ත්වය දින දෙකකට වඩා පවතිනවා නම් හෝ ඉහත සඳහන් සංකූලතා තිබේනම් වහාම වෛද් උපදෙස් ලබාගත යුතුයි. එවිට වෛද්යවරයා ඔබට සුදුසු ආරක්ෂිත මාත්රාවකින් යුතු ඖෂධ නියම කරනු ඇති

 

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම

පහත ලක්ෂණ ඇතිනම් වහාම වෛද් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි

 

දරුණු උදරයේ වේදනාව

ගුදය ආශ්රිත වේදනාව

යටිබඩෙහි වේදනාව

ශරීරය විජලනය වී ඇති බවට වන සංඥා තිබේ නම් (තිබහව, ක්ලාන්තය, තෙහෙට්ටුව, තද පැහැති ස්වභාවයකින් යුතුව මුත්රා පිටවීම, නිතර නිතර මුත්රා පිටවීම)

මළපහ සමග රුධිරය පිටවීම

උණ

සිරැරේ බර අඩුවීම

යෝනි මාර්ගයෙන් රුධිරය හෝ තරලයක් පිටවීම

– භ්‍රෑණ චලනයන් අඩු වීම

 

මෙම ලිපිය මගින් Baby and Me අපේ බලාපොරොත්තුව වූයේ ගර්භණී සමයේ සුලබව ඇතිවන පාචන තත්ත්වයන් ගැන ඔබ දැනුවත් කිරීමයි

නමුත් ගර්භණී සමයේදී පාචන තත්ත්වයන් ඇතිවීම සාමාන් වුවත් එය සෑම විටම එසේ නොවීමට ඉඩ තිබෙනවා. එමනිසා ඔබ හෝ පවුලේ සාමාජිකයන් රෝග තත්ත්වය ගැන පූර්ව නිගමනයන්ට එළඹීමෙන් වැළකී නිසි වෛද් උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්