Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ගැහැණු ඩිම්බය තමන් කැමති ශුක්‍රාණුව තෝරා ගන්න බව දැනන් හිටියාද?

ශුක්‍රාණු ඩිම්බය හමු වෙලා, සංසේචනය සිදු වෙලා, ළදරුවන් හැදෙනවා. මේ ක්‍රියාවලිය සරලයි කියලා ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ! ගැහැණු ඩිම්බ ඇත්ත වශයෙන්ම තේරීම් කරනවා. බොහෝ පර්යේෂණයන්ගෙන් පසුව ඔප්පු වෙලා තියෙන්නෙ ඩිම්බ විසින් විශේෂිත ශුක්‍රාණුවක් ආකර්ෂණය කර ගන්නා බවයි. 

 

ජනප්‍රිය මතය – ශුක්‍රාණු තරඟය

අපි හැමෝම දන්නෙ ශුක්‍රාණු ඩිම්බය දෙසට දිව යනවා කියලයි. පාසැලේදී අපට උගන්වා ඇති විදිහට ද, ශුක්‍රාණු මිලියන ගණනක් එක් ඩිම්බ සෛලයක් දෙසට ගමන් කරනවා. X ට X හමු වූ විට, එය ගැහැණු ළමයෙක් වන අතර, X ට Y එකක් හමු වූ විට, එය පිරිමි ළමයෙකි.

ඉතින්, දැන් අපි නොදැන සිටි කාරණා දිහා බලමු.

ගැහැණු ඩිම්බ යටත් වීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් එහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර ඔවුන් විසින්ම කැමති ශුක්‍රාණු තෝරා ගන්නවා.

විද්‍යාඥ ආචාර්ය Joseph H. Nadeau විසින් පර්යේෂණය කර පැහැදිලි කරන ලද පරිදි ඩිම්බ කියන්නේ යටහත් පහත් සෛල නෙමෙයි. ඩිම්බ කියන්නේ ද ප්‍රජනන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රීඩකයෙක්. ශුක්‍රාණුව ඩිම්බය දෙසට දිව යයි යන ජනප්‍රිය මතයට එරෙහිව, එය ඇත්ත වශයෙන්ම අනෙක් පැත්තටත් සිදු වන බව මෙහිදී ඔහු සඳහන් කරනවා.

පර්යේෂණ වලින් පැහැදිලි කරන විදිහට, ඩිම්බය ශුක්‍රාණුවකට කැමති වෙනවා හෝ එය ඉවතලනවා. ඒ අතර සෛලීය මට්ටමින් ලිංගිකත්වය තේරීම වඩාත් සංකීර්ණ කරනවා.

මෙවන් පැහැදිලි ක්‍රියාවලියක් මේ කාලය පුරාම වැරදි ලෙස තක්සේරු කර තිබීම අමුතු නමුත් එය සත්‍යයක්.

 

මෙන්ඩල්ගේ නීතිය නිර්වචනය කළේ කොහොමද?

මෙන්ඩල්ගේ නියමය කියන්නේ, වෙන් කිරීමේ නීතියයි. එය එක් එක් දෙමව්පියන් එක් එක් ජානයේ පිටපත් 2 ක් රැගෙන යන උරුමය පිළිබඳ නීතිය ලෙස ද හැඳින්වෙනවා. මීළඟ පියවර වන්නේ මෙම ජාන අහඹු ලෙස එක් පිටපතක් පමණක් රැගෙන යන ජන්මාණු වලට බෙදා ඇති ‘අහඹු සාඵල්‍යතාව’ නැමැති ක්‍රියාවලියයි. කොහොම වුණත්, මෑත කාලයේ අධ්‍යනයන්ගෙන් මෙම විශ්වාසය මුළුමනින්ම බැහැර කරලා තියනවා.

ආචාර්ය Nadeau නම් විද්‍යාඥයා වෙනම න්‍යායන් 2 ක් සඳහා වෙන වෙනම අත්හදා බැලීම් 2 ක් සිදු කළා. ඔහුගේ අභිප්‍රාය වූයේ දරුවන් තුළ නිශ්චිත පුරෝකථනය කරන්න පුළුවන් ජාන සංයෝජන අනුපාතයන් නිෂ්පාදනය කිරීමයි (මෙන්ඩෙල්ගේ නීති මත පදනම්ව). කෙසේ වෙතත්, ඔහුට එය සාක්ෂාත් කරගන්න බැරි වුණා.

අළුතින් සොයාගත් මෙම සිද්ධාන්තයට වෛද්‍ය Nadeau හේතු ඉදිරිපත් කළා. මේ සඳහා හැකියාවන් දෙකක් තිබිය හැකි බව ඔහු විශ්වාස කරනවා.

 

  1. ශුක්‍රාණු හා ඩිම්බ අතර ආකර්ෂණය බොහෝ දුරට ෆෝලික් අම්ලයේ අණුවට සම්බන්ධ වෙනවා. බී විටමින් වල හෝ ෆෝලික් අම්ලයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඩිම්බයක සහ ශුක්‍රාණුවකදී වෙනස් වෙනවා. මෙම වෙනස්කම් ශුක්‍රාණු හා ඩිම්බ අතර ආකර්ෂණය සඳහා තීරණාත්මක සාධකය වෙන්න පුළුවන්.
  2. ඩිම්බය දෙසට ගමන් කරන විට ගැහැණු ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණු දැනටමත් පවතිනවා. මෙම කාලය තුළ ඩිම්බය සම්පූර්ණයෙන් වර්ධනය නොවෙන්න පුළුවන්. ඩිම්බයට මෙම සෛල බෙදීමට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති අතර එමඟින් එහි ජාන ද ශුක්‍රාණුවට හොඳින් ගැලපෙනවා.

 

මෙතෙක් අපි දැනගෙන හිටිය ශුක්‍රාණු තරඟය ඒ විදියටම සිද්ධ වෙන්නෙ නැති බව ඔබට දැන් වැටහෙන්න ඇති නේද?

«

»