ඔබත් දරුවන්ට නිතර කෑගසනවාද? එහෙනම් එහි අහිතක​ර ප්‍රතිඵල ගැන දැනගන්න

ඔයා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් සමහර අවස්ථා වලදී කේන්තිය වැනි හැඟීම් උපරිමයෙන් අත් විඳිනවා ඇති. දරුවා අතින් වෙන වැරදි වලට ඔයා නිතර කෑගසනවා නම් දෙමව්පියන් ගැන දරුවාගේ සිත තුළ කලකිරීමක් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඔයාට දරුවන් සමඟ කතා කරන ආකාරය වෙනස් කළ හැකි අතර, කෑගැසීමේ සිට ගෞරවනීය සංවාදයකට මාරු වෙන්න. අද baby and me අපි ඔයාට දරුවන්ට නිතර කෑ ගසන විට ඇති වන අහිතකර ප්‍රතිඵල ගැන තමයි කියන්න හිතුවේ.

 

දෙමව්පියන් කෑගසන්නේ ඇයි?

කෙටියෙන් කියනවා නම් ඔයාට අධික ලෙස කෝපයක් දැනෙන නිසා, ස්වාභාවිකවම ඔයාගේ හඬ ඉහල නැංවීමට හේතු වෙනවා. එසේ කෑගැසීම ළමයින්ව නිශ්ශබ්ද කර ටික වේලාවක් ඔවුන්ව කීකරුව සිටීමට පෙළඹෙව්වත් ඔවුන් ඔවුන්ගේ වැරදි නිවැරදි කරගන්න පෙළඹෙන්නෙ නෑ.

 

දරුවන් ඔයා දෙස බලා ඔයාව ආදර්ශයට ගන්නා නිසා කල්පනාකාරීව හැසිරෙන්න. ඔයා කෝප වී දරුවට නිතරම කෑ ගසන්නේ නම්, දරුවාගේ හැසිරීමද ආක්‍රමණශීලී බවක් ගන්නවා. ඉතිං දෙමාපියෙකු ලෙස ඔයාගේ අංක එකේ වගකීම වන්නේ ඔයාගේම හැඟීම් කළමනාකරණය කිරීමයි.

 

කෑගැසීමේ ප්‍රතිඵල

  • ඔයා දරුවාගේ වැරැද්දකට උස් හඬින් කෑගැසුවේ නම්, දරුවට ඔයා කියන්න යන පණිවිඩය පැහැදිලි වෙන්නේ නැහැ. ඉතිං දරුවා වැරැද්ද හදා ගන්නේ නැහැ. ඔයාගේ උස් හඬින් කෑගසන සෑම අවස්ථාවකම ඔවුන්ගේ පිළිගැනීම අඩු වෙනවා.
  • කෑගැසීම නිසා ළමයින් වඩාත් ආක්‍රමණශීලී සහ බිය ගැන්වෙන අතර ඔවුන්ට ඔයා ළඟදි අනාරක්ෂිත බවක් දැනෙනවා. සන්සුන්කම සැනසිල්ලක් ගෙන දෙන අතර, නරක හැසිරීම් තිබියදීත් දරුවන්ට ආදරය පෙන්වන්න.
  • ළමයින්ට කෑගැසීම හොඳ දෙයක් නෙමෙයි. වාචිකව පහත් කොට සැලකීම හා අපහාස කිරීම වැනි දෑ කෑගැසීම මගින් පෙන්නුම් කරනවා. දරුවා තුළ  කාංසාව, අඩු ආත්ම අභිමානය සහ ආක්‍රමණශීලී බව වැනි දිගු කාලීන බලපෑම් ඇති බව පෙන්නුම් කරනවා.
  • දරුවාගේ ආත්ම ගෞරවය අඩු වෙනවා.

 

කෑ ගසන්නේ නැතිව ධනාත්මක විනයක් පුහුණු කළ හැකි ආකාරය මෙන්න.

 

  1. ඔයාවම පාලනය කරගන්න

තරහ පිටකිරීමට පෙර ඔයාවම පාලනය කරගන්න. ගැටුම් කලාපයෙන් මොහොතකට ඈත්ව සිටින්න. ඔයා ගැඹුරින් හුස්ම ගෙන සන්සුන් වෙන්න. එමගින් ඔයාගේ දරුවන්ට සීමාවන් ගැනත්, ශක්තිමත් හැඟීම් සෞඛ්‍ය සම්පන්න ලෙස කළමනාකරණය කිරීම ගැන පණිවිඩයක් ගෙන දෙනවා.

 

  1. හැඟීම් ගැන කතා කරන්න

කේන්තිය නිසි ලෙස කළමනාකරණය කළහොත් කෙනෙකුට එමගින් ඉගෙන ගත හැකි හුඟාක් දේ තියෙනවා. දුක, කෝපය, ඊර්ෂ්‍යාව සහ කලකිරීම වැනි සියලු හැඟීම් වලට මුහුණ දීමට දරුවන්ට ඉගෙන ගන්නවා. ඔයාට හැඟෙන ආකාරය ගැන කතා කරන්න සහ දරුවන්ටද එසේ හැඟීම් බෙදා ගැනීමට දිරිගන්වන්න. එමගින් ඔවුන්ට සහ අන් අය කෙරෙහි ගෞරවණීය ආකල්පයක් වර්ධනය කර ගැනීමට සහ ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න සබඳතා ඇති කර ගැනීමට උපකාරී වෙනවා.

 

  1. නරක හැසිරීම් ගැන කතා කරන්න

ළමයින් ඉඳහිට වැරදි ලෙස හැසිරෙනවා ඇති. එය වර්ධනයේ කොටසක්. ඒ නිසා බැන වදින්නේ නැතුව ගෞරවණීය ලෙස කතා කරන්න. ඉහළ සිට හෝ දුර සිට ඔවුන් සමඟ කතා කරනවාට වඩා දරුවාගේ ඇස් මට්ටමට එන්න. ඒ අතරම, එකිනෙකා අතර ගෞරවණීය හැසිරීම, ගැටළු විසඳීම සහ පිළිගැනීමට මතක තබා ගන්න.

 

  1. ප්‍රතිවිපාක භාවිතා කරන්න, නමුත් තර්ජන අත්හරින්න

තර්ජන සහ දඬුවම් භාවිතා කිරීමෙන් දරුවා වඩාත් කේන්තියක් සහ ඔයා සමග අමනාපය ඇති කර ගන්නවා. කාලයත් සමග දරුවාගේ අභ්‍යන්තර විනය වර්ධනය වීම වළක්වනවා. තවද තර්ජන සහ දඬුවම් ළමයින්ට අනාරක්ෂිත බවක් හා ලැජ්ජාවක් ඇති කරනවා. ඔයා කළ යුත්තේ සාධාරණ අනතුරු ඇඟවීමක් පමණයි.

 

මූලික අවශ්‍යතා පිළිබඳ වචනයක්

නින්ද හා කුසගින්න වැනි මූලික අවශ්‍යතා සපුරාලීම මගින් දරුවන්ව සතුටින් තබන අතර වඩා හොඳ හැසිරීමක් ඇති කරනවා. එසේම,දරුවන්ගේ කනස්සල්ල අඩු කිරීමට උපකාරී වෙනවා.

 

ඔයා කෑගැසුවොත් කුමක් කළ යුතුද?

ඔයාගේ කෑගැසීම වැළැක්වීමේ උපාය කොතරම් හොඳ වුවත්, සමහර අවස්ථා වලදී පාලනයෙන් තොර වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒ සඳහා සමාව ඉල්ලන්න, එවිටදී පවා දරුවන් වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා. හැමකෙනෙක් අතින්ම වැරදි සිදු වෙන්න පුළුවන් අතර අප සමාව ගන්න ඕනේ කියන පාඩම දරුවන් ඉගෙන ගන්නවා.