දරුවා ඔබට ගරු කරන්නේ නැද්ද? ඒකට මේ හේතු බලපාන්න පුළුවන්

දරුවෙකු තම දෙමව්පියන්ට අගෞරව කරන විට, මුලින්ම මතකයට එන්නේ පොඩ්ඩාව හදා වඩා ගැනීමේ විලාසය සහ වටපිටාවයි. ළමයින් හිතුවක්කාර ලෙස හැසිරීම පිටුපස බොහෝ සාධක තිබෙනවා. අද baby and me අපි දරුවන් දෙමාපියන්ට අගෞරව කිරීමට හේතු ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුවා. 

 

ඔබේ දරුවා ඔබට අගෞරව කරන්නේ නම්, ඔබේ හිතේ අනිවාර්යයෙන්ම වේදනාව, කම්පනය හා ලැජ්ජාව සම්මිශ්‍රණය උන හැඟීමක් දනවනව. බොහෝ විට ඔබට තම දරුවා හදා වඩා ගැනීමේදී යම්කිසි වැරැද්දක් සිදුවී ඇතැයි සැකයක් මතු වෙනවා. තම දරුවන් හදාවඩා ගැනීමේ හැකියාව සැක කිරීමට පටන් ගන්නවා. එවැනි හැඟීම් සිතට දැනීම තරමක් ස්වාභාවිකය.

 

ළමයින් දෙමාපියන්ට අගෞරව කිරීමට පටන් ගැනීමට හේතු 7ක් මෙන්න

 

බොරු පොරොන්දු

වර්තමානයේදී සාමාන්‍යයෙන් දෙමව්පියන් තර්ක කිරීමෙන් වැළකී සිටීම සඳහා දරුවන් හට බොරු පොරොන්දු ලබා දෙනවා. ළමයින්ට දුන් පොරොන්දු ඔවුන් අමතක නොකරන අතර දෙමව්පියන් විසින්ම පොරොන්දුව අමතක කළහොත් හෝ නොසලකා හැරියහොත්, දරුවන් තම දෙමාපියන් කෙරෙහි අවිශ්වාසයක් ඇති කරගැනීමෙ අගෞරව කිරීමට පෙළඹෙනවා.

 

විනය

දෙමව්පියන් සාමාන්‍යයෙන් විනය යන වචනය වරදවා වටහාගෙන ඇති අතර දරුවා පරිණත වූ පසුව ඉබේම වැරදි නිවැරදි වේ යැයි උපකල්පනය කරනවා. නිවසේදී, පාසැලේදී, අමුත්තන් සහ මිතුරන් අතර පොඩ්ඩාගෙන් අපේක්ෂා කරන දේ ඔබේ දරුවාට ඉගැන්විය යුතුය. සරල ආචාර විධි මගින් දරුවාගේ සමස්ත පෞරුෂය වර්ධනයක් ඇති කරනවා.

 

දරුවන් සමඟ ඕනෑවට වඩා මිත්‍ර වීම

වර්තමානයේ දෙමාපියන් තම මිතුරන් බව තම දරුවන්ට පැවසීමෙන් ආඩම්බර වෙනවා. එයට ප්‍රධාන හේතුව නම්, දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ සහ ඔවුන්ගේ මනසෙහි සිදුවන සෑම දෙයක්ම විවෘතව බෙදා ගැනීමට අවශ්‍ය නිසා දෙපාර්ශවය අතර මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නවා. නමුත් මෙය දරුවා වරදවා වටහා ගන්නව. ළමයින් දෙමව්පියන්ව සුළු කොට සලකන අතර අවසානයේදී අගෞරවයක් ඉස්මතු වෙනවා. දරුවන් සමඟ මිතුරු වීම හොඳ නමුත් සීමාවන් පිළිබඳව දරුවා දැනුවත් කිරීම වැදගත්.

 

නුසුදුසු වටපිටාව

ඔබගේ දරුවා වැඩි කාලයක් ගත කරන්නේ නිවස තුල හෝ නිවාස අවට නිසා දරුවාගේ හැසිරීමෙහි කිසියම් ආකාරයක වෙනසක් ඔබ දුටුවහොත් ඔබ දරුවාගේ වටපිටාව සහ ඇසුරු කරන යහළුවන්, ඔබේ නිවසේ අමුත්තන්, පාසලේ පරිසරය, ක්‍රීඩා පිටිය සහ තවත් වැඩිපුර කාලය ගත කරන පුද්ගලයින් ගැන විශ්ලේෂණය කරන්න. පසුව ඔහුට ගැළපෙන වටපිටාවක් සාදන්න.

 

අවධානය යොමු කර ගැනීමට 

සමහර ළමයින් දෙමාපියන්ට අගෞරව කරන්නේ දරුවන්ට විශේෂ අවධානයක් අවශ්‍ය නිසාය. සමහර විට ළමයින් තමන්ට දෙමවුපියන් ඇහුම්කන් නොදුන් බවත්, නිසි ලෙස සලකනු නොලබන බවත් සිතන නිසා එය අගෞරවණීය හැසිරීමට හේතුවක් වෙනවා.

 

දෙමාපියන්ගේ අගෞරවණීය ආකල්පය

සමහර විට දෙමව්පියන්ට අමතක වෙනවා තම දරුවන් ඔවුන් දෙස සමීපව බලා සිටින බව. ළමයින් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ දෙමව්පියන් අනුකරණය කිරීමෙනි. එබැවින්, ඔබේ දරුවා අන් අයට ගරු කිරීමට ඔබට අවශ්‍ය නම් ආදර්ශයක් වන්න.

 

වඩා ස්වාධීන වීමට ඇති ආශාව

ළමයින් නාඹර වියට හෝ දහඅට හැවිරිදි වියට පා තබන විට ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්වාධීනව ජීවත් වීමටයි. දෙමව්පියන් යම් ඉඩක් හා නිදහසක් ලබා දුන්නද ඔවුන් සීමාවන්ට කැමති නැත. මෙම නිසා දරුවන් දෙමාපියන්ට අගෞරව කිරීමට හේතු වේ. යම් යම් සීමාවන් යටතේ දරුවන්ගේ ස්වාධීනත්වය ඔවුන්ට ලබාදෙන්න. ඒ ස්වාධීනත්වය ඔබ දරුවා කෙරෙහි තබා ඇති විශ්වාසය බව ඔවුන්ට අඟවන්න.