ඔබේ දරුවා නින්දෙන් ඇවිදිනවාද? එහෙනම් මේ ලිපිය ඔයාට වැදගත්

නින්දෙන් ඇවිදීම දරුවන්ට තරමක් පොදුයි. ළමයින් සාමාන්‍යයෙන් වයස අවුරුදු 2 ත් 7 ත් අතර වන විට හෝ නව යොවුන් වියට පෙර නින්දෙන් ඇවිදීමේ පුරුද්ද තනිවම අත් හරිනවා.

සෑම මසකම කිහිප වතාවක් ඇඳෙන් නැගිට කාමරය හෝ නිවස වටා ඇවිදීම සාමාන්‍ය දෙයක්. එය සාමාන්‍යයෙන් සිදුවන්නේ රාත්‍රියේ මුල් භාගයේදීය. ඔවුන් විනාඩි 20 ක් පමණ ඇවිද පසුව නැවත ඇඳට යෑම හෝ වෙනත් තැනක වැතිර සිටිම දැක ගන්න පුළුවන්.

ඔවුන්ගේ ඇස් සාමාන්‍යයෙන් විවෘතව පවතියි. ඔවුන් විවෘත දොරවල්, ඇඳුම් මාරු කිරීම, කෑම, බීම හෝ වැසිකිළියට යාම වැනි දේවල් සිදු කරයි. සමහර විට දරුවා තනිවම කතා කරයි. උදේ අවදි වීමෙන් පසූ ඔවුන් නින්දෙන් ඇවිදීම ගැන මතකයේ රැඳෙන්නේ කලාතුරකිනි.

 

නින්දෙන් ඇවිදීමට හේතුව කුමක්ද?

සමහර ළමයින් නින්දෙන් ඇවිදීමට හේතුව සම වයසේ සිටින අනෙක් දරුවන්ට වඩා කණස්සල්ලට හා ලැජ්ජාවට පත්ව සිටින නිසයි. කොහොම වුණත්, නින්දෙන් ඇවිදින බොහෝ දරුවන්ට චිත්තවේගීය හෝ චර්යාත්මක ගැටළු නැහැ. දරුවන් අධික වෙහෙස නිසා හෝ මානසික ආතතිය නිසා හෝ ප්‍රමාද වී නින්දට යාම එවැනි රාත්‍රියක නින්දෙන් ඇවිදීම සිදුවීමට වැඩි ඉඩක් ඇත.

 

නින්දෙන් ඇවිදින දරුවන් සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එය සිදුවන වාර ගණන අඩු කර ගැනීමට උත්සාහ කළ හැක:

 

  • දරුවා දවස පුරා අධික ලෙස වෙහෙසට පත් නොවන ලෙසට වග බලාගන්න.
  • දරුවා නිතිපතා වේලාසන නින්දට යොමු කරන්න

 

නින්දේ ඇවිදීම ආරක්ෂිතව කළමනාකරණය කිරීමට:

 

  • නින්දෙන් ඇවිදින දරුවන්ව අවදි කිරීමට උත්සාහ නොකරන්න. සන්සුන්ව සිටින්න, දරුවා ඔවුන් කරන ක්‍රියාව අවසන් වූ පසු ඔවුන්ව නැවත ඇඳ දෙසට හරවන්න.
  • පසුදා උදෑසන නින්දෙන් ඇවිදීම ගැන කතා කිරීමෙන් වළකින්න, මන්ද එය ඔවුන්ට මතක නැහැ.
  • පරිසරය ආරක්ෂිත කරන්න. දරුවාට පඩිපෙලෙන් බැස යා නොහැකි ලෙස පඩි පෙළ හරහා ගේට්ටුවක් දමන්න. දොරවල් සහ ජනෙල් අගුළු දමන්න.

 

වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද?

 

ළමුන් තුළ නින්දෙන් ඇවිදීම සාමාන්‍ය‍යයෙන් අසනීපයක් හෝ වෛද්‍යමය තත්ත්වයක් නිසා ඇති වූවක් නෙමෙයි, නමුත් නින්දෙන් ඇවිදීම දරුවා ඊළඟ දවසේ වෙහෙසට පත් කරන්නේ නම් ඒ ගැන වෛද්‍යවරයා සමඟ කතා කරන්න.