Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේ ඔබ විසින් සිදුකළ යුතු මේ දේවල් ගැන දන්නවාද?

සාමාන්යයෙන් අප ගර්භණී සමයේදී නොකළ යුතු දේ ගැන ඉතාමත් සැලකිලිමත් වෙනවා. නමුත් අතරට ගර්භණී සමයේද් ඔබ විසින් අනුගමනය කල යුතු වැදගත් කරුණුද තිබෙනවා. එසේ නම් මෙන්න ගර්භණී සමයේදි ඔබ විසින් කළ යුතු දේ කිහිපයක්

 

හිතකර මේදය ලබාගැනීම

අධික ලෙස මේදය අඩංගු ආහාර පරිභෝජනය නුසුදුසු වුවත් ඔබ සාමාන් බරකින් යුතු ගර්භණී කාන්තාවක් නම් මේදය අඩංගු ආහාර දෛනික ආහාර වේලට එක්කර ගත යුතුයි. දරුවාගේ මොළයේ වර්ධනයට මේදය අත්යවශ්යවන බැවින් මේදට අඩංගු ආහාර ගත යුතුයි. නමුත් ඔබ ශරීර ස්කන්ධය වැඩි කාන්තාවක් නම් වෛද් නිර්දේශය මත මේදය අඩංගු ආහාර ලබාගත යුතුයි. විශේෂයෙන් ඔමෙගා 3 අඩංගු මේද අම්ල දරුවාගේ මොළයේ වර්ධනයට උපකාරී වන බැවින් ගර්භණී සමයේ පළමු සති 20න් පසු ඔමෙගා 3 මේද අම්ල අතිරේකයක් වෛද්යවරු විසින් නියම කරනු ලබනවා

 

පෝෂණ අතිරේකයන් ලබාගැනීම

 

ගර්භණී සමයේදි ඇතිවන යම් යම් පෝෂණ ඌණතා ඇතිවීමෙන් වැළැක්වීමවෛද්යවරු විවිධ පෝෂණ අතිරේකයන් නියම කරනු ලබනවා. එය දරුවාගේ වර්ධනය කෙරෙහි ඍජුවම බලපානු ලබන බැවින් නිසි පරිදි පෝෂණ අතිරේකයන් ලබාගැනීම වැදගත් වෙනවා. 

 

 පිරිසිදු වාතය ආශ්වාසය

ඔබගේ නිවසේ අලංකාරයට පැළෑටි තබා තිබෙනවාද? එසේ නොමැති නම් ගර්භණී සමයේ සිටින කාන්තාවක නම් පැලෑටි කිහිපයක් මිලට ගැනීම වඩාත් සුදුසුවනවා. දරුවාගේ පෙණහලු වර්ධනයට ප්රමාණවත් පිරිසිදු ඔක්සිජන් ආශ්වාස කිරීම වඩාත් සුදුසු වෙනවා. අප නොදැනුවත්වම අපගේ නිවාසවල විවිධ රසායන ද්රව් අඩංගු වාතාශ්රය තිබෙන බැවින් සෑම කාමරයකම පැලෑටියක් තැබීමෙන් වාතය පිරිසුදුවීමත් පිරිසිදු වාතය ලබාදීමත් සිදුවනවා. නමුත් ඔබ පැලෑටි තෝරා ගැනීමේදි නිවාස අභ්යන්තරයේ තැබිය යුතු පැලෑටි පමණක් තෝරාගත යුතු වෙනවා. 

 

ව්‍යායාම් හි නිරත වීම

ශරීරය අධික ලෙස වෙහෙසවීම ගර්භණී සමයේදී නුසුදුසු වුවත් හිතකර ව්යායාම් හි නිරත වීම නීරෝගී දරු ප්රසූතියකට වැදගත් වෙනවා. සෙමෙන් ඇවිදීම හෝ වෙනත් සුදුසු ව්යායාමයක නිරත වීම වඩාත් සුදුසුවනවා. උදාහරණයක් ලෙස ඔබ ගර්භණී වීමට පෙර පැය භාගයක් වේගයෙන් ඇවිද්දා නම් ගර්භණී සමයෙදී එම දුර පැයක් පමණ ගෙන සෙමින් ඇවිදිය හැකියි

 

ක්රියාශීලි දිවියක් ගත ගත කිරීම

 

ඔබ ගර්භණී කාන්තාවක් නම් සහ ඔබ ප්රමාණවත් පරිදි ව්යායාම් හි නිරත නොවෙනවා යැයි කියා ඔබට සිතෙනවා නම් සෑම පැයකට හෝ දෙකකට වරක් වතුර වීදුරුවක් රැගෙන ඒමට යාම, හැකිනම් සැලකිය යුතු දුරක් පයින් ගමන් කිරීමට උත්සාහ කිරීම, විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම වැනි දේ සිදුකළ හැකියි. ඊට අමතරව දිනපතා ගර්භණී සමයේ නිරත විය යුතු ව්යායාම් (Kegel exercises) හි නිරත වීමද අනිවාර්යෙන් කළයුතු බව මතක තබාගත යුතුයි

 

ගර්භණී සමය විටක ඉතා දැඩි ශාරීරික අපහසුතා රැසක් ගෙන එනු ලබනවා. නමුත් අනවශ් පරිදි මානසික පීඩනයට ලක්නොවී ඉහත පියවරයන් අනුගමනය කරමින් සතුටින් සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් එම කාලසීමාවට මුහුණදීමයි වඩාත් වැදගත් වන්නේ

 

«

»