Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේදි කුකුළු මස් ආහාරයට එක්කර ගැනීම සුදුසුද?

ගර්භණී සමය ගතකරන කාන්තාවක් නම් ඔබ දෛනිකව සමබර ආහාර වේලක් ගත යුතු වෙනවා. විශේෂයෙන් එය ඔබගේ සහ දරුවාගේ පෝෂණයඉතා වැදගත් කාරණාවක්. සාමාන්යයෙන් ගර්භණී සමයේදී ඔබගේ සිරුර තුළ ශාරීරික වෙනස්කම් රාශියක් සිදුවන අතර ඔබ ආහාරය ගත යුතු සහ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු ආහාර පාන ගැන අවබෝධයක් ඔබ සතුවීම සහ විශේෂයෙන් ඔබගේ දෛනික පෝෂණ අවශ්යතාවය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒ නිසා බොහෝ විට ගර්භණී සමය තුළ කුකුළු මස් ආහාරයට ගැනීම වෛද්යවරුන් සහ පෝෂණවේදීන් නිර්දේශ කරන අතර එමගින් දෛනිකව අවශ්යවන ප්රෝටීන් සහ ඛණිජලවණ වැඩි ප්රමාණයක් ලබාදීම සිදුවනවා. 

 

ගර්භණී සමය තුළ කුකුළු මස් ආහාරයට ගැනීම ආරක්ෂිතද?

 

කුකුළු මස් ප්රෝටීන් සහ අත්යවශ් ඇමයිනෝ අම්ල නවයකින් යුතු ඉතා පෝෂ්යදායී ආහාරයක් ලෙස සැලකෙන අතර මාංශ පේශි වර්ධනයප්රෝටීන් සහ ඇමයිනෝ අම්ල අත්යවශ් වෙනවා. එමෙන්ම අඩු මේද ප්රමාණයක් අන්තර්ගත බැවින් ගර්භණී සමය තුළ තරබාරුව ඇතිවීම වළක්වා ගැනීමත් එමගින් හැකිවනවා

 

නමුත් ඔබ ගර්භණී කාන්තාවක් නම් කුකුළු මස් ආහාරයට ගන්නා විට පහත කරුණු ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. බාගෙට පිසගත් හෝ අමු කුකුළු මස් තුළ Listeria නමැති බැක්ටීරියාවක් අඩංගු වන බැවින් කුකුළු මස් හොඳින් පිස ගත යුතුයි. සාමාන්යයෙන් ෆැරන්හයිට් අංශක 160 රත් කිරීමේදි මෙම බැක්ටීරියාව විනාශ වන අතර එසේ රත්කළ පසු ආහාරයට ගැනීමෙන් ඔබට සහ දරුවාට බලපෑමක් ඇති නොවේ

 

ගර්භණී සමයේදි කුකුළු මස් පරිභෝජනයෙන් ලැබෙන ප්රතිලාභ

කුකුළු මස්වල ප්රෝටීන් සහ අත්යවශ් විටමින්, ඛණිජලවණ අඩංගු බැවින් ගර්භණී සමයේ මුල් අවධියේ සිට ආහාරයට ගැනීමෙන් කුස තුළ සිටින දරුවාගේ සෞඛ් සම්පන්න වර්ධනයට අවශ් පෝෂණය අඛණ්ඩව ලබාගත හැකියි. ඊට අමතරව කුකුළු මස් ආහාරයට ගැනීමෙන් පහත ප්රතිලාභයන් ඔබට ලැබෙනවා

 

  • කුකුළු මස්වල අඩංගු විටමින් B3 සහ niacin මගින් මොළය වර්ධනය කරන අතර මොළය සෞඛ් සම්පන්නව තබාගැනීමට උපකාරි වෙනවා. 
  • මාංශ පේශීන් වර්ධනයට සහ ශක්තිමත් කිරීමට උපකාරි වන ඇමයිනෝ අම්ලයන් 9ක් අන්තර්ගත වීම
  • සම නොමැතිව කුකුළු මස් ආහාරයට ගැනීමෙන් අනවශ් මේදය ශරීරයට ලැබීම පාලනය කරගත හැකිය
  • දිනකට කුකුළු මස් ග්රෑම් 100 ක් පරිභෝජනය කිරීමෙන් ගර්භණී සමය තුළ ඔබට අවශ් ප්රෝටීන් අවශ්යතාවයෙන් 50% ක් සපුරාගත හැකියි
  • ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල වලින් පොහොසත් ප්රභවයක් වන අතර එහි කොලෙස්ටරෝල් ප්රමාණය ඉතා අඩුය
  • කුකුළු මස් අක්මාවේ විටමින් කොලීන් අඩංගු වන අතර ඉන් උපතින් පසු මුල් අවධියේදී ළදරුවන්ගේ මොළයේ හා මතක ශක්තිය වර්ධනයට උපකාරි වෙනවා. 
  • විටමින් A සහ E, සෙලේනියම් (selenium) සහ තයමින් ( thiamine) අඩංගු වන අතර මෙම විටමින් වල අඩංගු ප්රති ඔක්සිකාරක හේතුවෙන් පරිවෘත්තීය ක්රියාවලිය වැඩි දියුණු වීමත් ශක්තිය ජනනය කිරීමත් සිදුවනවා
  • කුකුළු මස් අක්මාවේ අඩංගු ෆෝලේට් මගින් ස්නායු නාල වල ආබාධයන් ඇතිවීම වළක්වාලනවා
  • යකඩ හා සින්ක් ලබා දෙන අතර එමඟින් නව සෛල වර්ධනය වීම සිදුවනවා. එමෙන්ම කුකුළු මස් වල අඩංගු යකඩ ඉක්මනින් සිරුරට අවශෝෂණය වීම සිදුවනවා
  • කුකුළු මස් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ හෘද රෝග වැනි නිදන්ගත රෝග වලින් ආරක්ෂාව සපයයි

 

කුකුළු මස් ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි බලපෑම්

සාමාන්යයෙන් කුකුලු මස් ගර්භණී සමය තුළ ආහාරයට ගත හැකි ආරක්ෂාකාරි ආහාරයක් ලෙස හැඳින්වෙන අතර එහි හානිකර ද්රව්යයක් හෝ ඛණිජ වර්ගයන් අඩංගු නොවේ

 

කුකුළු මස්වල අඩංගු එකම සිරුරට බලපෑම් කළ හැකි දෙය වන්නේ එහි ඇති ලිස්ටීරියා නම් බැක්ටීරියාව වන අතර එය ශරීරගත වීමෙන් ලිස්ටීරියෝසිස් (Listeriosis) නමැති ආසාදනය ඇතිකරනු ලබනවා. එමගින් නොමේරූ දරු ප්රසූතිය, ගබ්සා වීම, අලුත උපන් බිළිඳාට ආසාදනය වීම හෝ නොමේරූ ළදරු මරණ වැනි සංකූලතා ඇතිකරන අතර ගැබිණි කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට වඩා මෙම ආසාදනයගොදුරුවීමේ අවධානම වැඩි බැවින් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. 

 

එම බැක්ටීරියාව ෆැරන්හයිඩ් අංශක 160 වඩා වැඩි උෂ්ණත්වයකදී විනාශ වන අතර ඔබ ගර්භණී කාන්තාවක් නම් කුකුළු මස් හොඳින් පිස ආහාරයට ගත යුතුයි. හොඳින් තම්බා ගත් කුකුළු මස් පමණක් ආහාරයට ගත යුතු අතර අර්ධ වශයෙන් පිසින ලද කුකුළු මස් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි

 

ගර්භණී සමය තුළ ඔබට ආහාර සම්බන්ධ‍යෙන් ඇතිවන ගැටළු වලට වෛද්‍ය අදහස් විමසීම ඉතා වැදගත් වන අතර එමගින් ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත් ආරක්ෂාව තහවුරු කරගත හැකියි. 

 

 

«

»