ගර්භණී සමයේදි පේර ආහාරයට ගැනීම සුදුසුද?

ඔබ ගර්භණී කාන්තාවක් නම් තම ආහාර වේල ගැන නිසි සැලකිල්ලක් දැක්වීම අත්යවශ්යි. බොහෝ විට ගර්භණී වූ විගස ඔබගේ සහ දරුවාගේ පෝෂණය ගැන සළකා පළතුරු, එළවළු, ධාන් වර්ග සහ අනෙකුත් සෞඛ් සම්පන්න ආහාර ලබා ගැනීම වැඩි කරන ලෙස ඔබේ වෛද්යවරයා ඔබට උපදෙස් ලබාදෙන්නට ඇති. නමුත් ගර්භණී සමයේ දි ඇතැම් පළතුරු වර්ග ආහාරයට ගැනීම ගැන විවිධ මතයන් සමාජයේ පවතිනවා. අතරින් ගර්භණී සමයේදි පේර ආහාරයට ගැනීමෙන් ඇපෙන්ඩිසයිටිස් (appendicitis) ඇතිවීමේ අවධානම ඉහළ නංවන බව ඇතැමුන් විශ්වාස කරනවා

 

ඉතින් ඔබත් ගර්භණී කාන්තාවක් නම් ඔබට පේර ආහාරයට ගත හැකිදැයි සහ ඉන් ඇතිවන බලපෑම් මොනවාද යන්න ගැන සොයා බලමු

 

පේර වල අඩංගු පෝෂණීය ගුණාංග

 

පෝෂණවේදීන්ට අනුව පේර යනු ඉතා පෝෂ්යදායි පළතුරක් වන අතර එහි විටමින්, ඛණිජ ලවණ සහ ෆෝලික් අම්ලය බහුලව අඩංගු වෙනවා. ඊට අමතරව පේර ආහාරයට ගැනීමෙන් ඔබට පහත පෝෂ්‍යදායි ප්රතිලාභ ලබාගත හැකියි

 

  1. පේර වල අත්යවශ් විටමින් වර්ග රාශියක් අඩංගු වෙනවා. විශේෂයෙන් පේර වල දොඩම් සහ ලෙමන්වලට වඩා විටමින් C, A, B2 සහ E වැඩි ප්රමාණයක් අඩංගු වෙනවා. 
  2. ෆෝලික් අම්ලය වැඩි වශයෙන් අඩංගු වන අතර විශේෂයෙන් දරුවාගේ වර්ධනයඇස්කොබික් අම්ලය සහ ෆෝලික් අම්ලය ඉතා අවශ් වන අතර පේර වල එම අම්ලයන් දෙක වැඩි වශයෙන් අඩංගු වෙනවා. 

 

ගර්භණී සමයේ පේර ආහාරයට ගැනීමෙන් අත්වන ප්රතිලාභ

රුධිර පීඩන මට්ටම පාලනය කිරීමට පේර ආහාරයට ගැනීම හේතුවනවා. විශේෂයෙන් පේර වැනි නිවර්තන කලාපයට අයත්වන පළතුරු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය පාලනය සහ රුධිරය කැටි ගැසීම වැළැක්වීම නිසා රුධිරයේ තරලත්වය ආරක්ෂා වීම නිසා ගබ්සා වීම් සහ නොමේරු දරු උපත් ඇතිවීමේ අවදානමෙන් ආරක්ෂාව සැලසෙනවා

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරි වෙනවා. විශේෂයෙන් ගර්භණී සමයේදි රුධිරයේ අඩංගු කොලෙස්ට්රෝල් මට්ටම ඉහළ යාම විවිධ හෘදය ආශ්රිත සංකූලතාවයන්ට හේතුවන අතර තන්තුමය ස්වභාවයෙන් යුක්ත පේර ආහාරයට ගැනීම කොලෙස්ට්රෝල් මට්ටම නියමිත මට්ටමට පවත්වා ගැනීමට උපකාරි වෙනවා. 

රක්තහීනතාවය ඇතිවීමේ අවධානම අඩු කරනවා. ගර්භණී සමයේ බොහෝ කාන්තාවන්රක්තහීනතාවය ඇතිවන අතර එයට හේතුව වන්නේ යකඩ ඌණතාවයයි. එයට තවත් හේතුවක් වන්නේ අප ලබාගන්නා ආහාරයන්හි අඩංගු යකඩ අවශෝෂණයට උපකාරි වන විටමින් C ප්රමාණවත් පරිදි ආහාරයට නොගැනීමයි. නමුත් පේර යනු විටමින් C බහුල ආහාරයක් වන අතර එමගින් යකඩ අවශෝෂණය වේගවත් කරන අතර රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අඩුකරනු ලබනවා

පේර වල අඩංගු මැග්නීසියම් මගින් ගර්භණී සමයේදි මාංශ පේශි සහ ස්නායු ලිහිල් කිරීමට උපකාරි වෙනවා. 

ආසාදන වලින් ආරක්ෂාව ලබාදෙනවා. පේර විටමින් , සී සහ වලින් A, C, සහ E වලින් පොහොසත් අතර එම විටමින් වර්ග සහ පේර වල අඩංගු පොලිෆෙනෝල් සහ කැරොටිනොයිඩ් යන ප්රති ඔක්සිකාරක බැක්ටීරියා ආසාදන වලට එරෙහිව සටන් කර ආසාදන ඇතිවීමෙන් ආරක්ෂාව ලබාදෙනවා

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව සහ රුධිරගත සීනි පාලනයට උපකාරි වෙනවා. 

ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්රියාකාරිත්වයට පේර ඉතා වැදගත් ආහාරයක්

පේර ෆෝලික් ඇසිඩ්, කැල්සියම් සහ විටමින් B9 අඩංගුවන අතර ඒවා දරුවාගේ මොළයේ සහ අස්ථිවල නිසි වර්ධනයඋපකාරි වෙනවා. 

පේර වල කෙඳි සහ ජලය බහුල වීම නිසා ගර්භණී සමයේ නිතර ඇතිවන මළ බද්ධය පාලනය වීම

පේර ආහාරයට ගැනීම මගින් ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ශරීරයේ ශක්ති මට්ටම ඉහළ දැමීම සහ ආතතිය ඉහළ නංවන හෝමෝන ක්රියාකාරිත්වය අඩු කිරීම සිදුකරන අතර පේර වල අඩංගු විටමින් C, lycopene සහ ප්රතිඔක්සිකාරක හිසකෙස් සහ සමපෝෂණය ලබාදෙනවා

 

පේර ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

 

පේර වල ඉතා ඉහළ තන්තු ප්රමාණයක් අඩංගු වන අතර තන්තු මගින් ආහාර ජීර්ණය වේගවත් කර පරිවෘත්තීය ක්රියා නිසි පරිදි සිදුකිරීමට උපකාරි වෙනවා. නමුත් ගර්භණී සමයේදි පේර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් පාචන තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් මතුවිය හැකියි

අනෙකුත් බොහෝ පළතුරු මෙන්ම පේරද කල්තබා ගැනීමවිවිධ රසායන වර්ග භාවිතා කරන අතර එවැනි රසායන ද්රව් ශරීරගත වීමෙන් ගර්භණී සමයේදි විවිධ සංකූලතා ඇතිවිය හැකියි. පේර ආහාරයට ගන්නා විට හොඳින් සෝදා පිරිසිදු කළ යුතුයි

 

ගර්භණී සමයේදි පේර ආහාරයට වඩාත් සුදුසු ආකාර

බොහෝ පළතුරු නැවුම් බවින් යුතුව ආහාරයට ගැනීමෙන් වැඩි ප්රතිලාභයක් අත්වන අතර පේරද ඔබගේ රුචිකත්වය අනුව පළතුරක් ලෙස ආහාරයට ගැනීම, එසේ නොමැති නම් පේර සලාද, පේර ජෙලි, ජෑම්, යුෂ ආදි විවිධ ක්රමයන්ට රස බැලිය හැකියි

නමුත් ඔබ ගර්භණී කාන්තාවක් නම් කාලසීමාවේදි පේර යුෂ, සහ කල්තබාගන්නා රසායන එක්කර ඇති පෙර ජෑම් හෝ ජෙලි ආදි ලෙස පේර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි

 

ගර්භණී සමයේදි වඩාත් සුදුසු අමු පේරද? ඉදුණු පේරද?

 

බොහෝ අය ඉදුණු පේර ආහාරයට ගැනීමට වඩා අමු පේර ආහාරයට ගැනීමට ප්රිය කරනවා. නමුත් ඔබ ගර්භණී කාන්තාවක් නම් හොඳින් ඉදුණු පේර ආහාරයට ගැනීමෙන් වඩා ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්රමාණයක් ලබාගත හැකියි. එමෙන්ම දන්ත ගැටළු ඇතිවිට නොමේරු පේර ආහාරයට ගැනීමෙන් එහි තද ස්වභාවය නිසා දත් වලට හානි සිදුවීමේ අවදානමක්ද ඇත

 

ගර්භණී සමයේදි වඩාත් වැදගත් වන්නේ ඔබටත් දරුවාටත් වඩා ආරක්ෂිත ආහාර රටාවක් අනුගමනය කිරීමයි. කෙසේ නමුත් පේර යනු ඉතා පෝෂ්යදායී පළතුරක් වන අතර ගර්භණී සමයේදි ආහාරයට ගැනීමෙන් ඔබටත් දරුවාටත් කිසිදු අහිතකර බලපෑමක් එල්ල වන්නේ නැත. නමුත් ඔබට අවශ් නම් පේර කොපමණ ප්රමාණයක් ආහාරයට ගැනීමට සුදුසුද යන්න සම්බන්ධයෙන් වෛද්යවරයාගෙන් හෝ පෝෂණවේදියකුගෙන් විමසා දැනගැනීමටද හැකියි