Search here...
TOP
පෝෂණ​ය මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේදී හතු ආහාරයට ගැනීම ආරක්ෂිතද?

ගර්භණී සමයේ ඔබ නිවැරදි ආහාර රටාවක් අනුගමනය ඔබගේ සහ දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. හතු පෝෂණයෙන් ඉහළ ආහාරයක් වුවත් බොහෝ මවුවරුන් තුළ ගර්භණී සමයේදි හතු ආහාරයට ගැනීම ආරක්ෂාකාරිද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක් පවතිනවා. ඇතැමුන් ගර්භණී සමයේදි හතු ආහාරයට සුදුසු යැයි පැවසුවත් ඇතැමුන් එය නුසුදුසු යැයි පවසනවා

 

ගර්භණී සමයේ හතු ආහාරයට ගැනීම සුදුසුද? නුසුදුසුද?

හතු යනු ආහාරයට සුදුසු දිලීරයක් වන අතර අඩු කැලරි දර්ශකයකින් යුතු ප්රෝටීන් සහ තන්තු බහුල ආහාරයක්. සුදුපැහැති බට්න් මෂ්රූම් ග්රෑම් 100 විටමින්, ඛණි ලවණ සහ අත්යවශ් මූලද්රව් සහ කැලරි 22ක් අඩංගු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට හතු ආහාරයට ගත හැකි නමුත් ඇතැම් පුද්ගලයන්ට ආසාත්මිකතා ඇති කරනවා. එමෙන්ම ඇතැම් හතුවර්ග ආහාරයට ගැනීමෙන් ඇතැම් පුද්ගලයන් හට ඔක්කාරය, වමනය සහ පාචනය වැනි ආමාශයේ ආබාධ ඇතිවෙනවා. ඒ නිසා ඔබ ගර්භණී කාන්තාවක් නම් ඔබ හතු කෑමට ප්රිය කරනවා නම් ප්රවේශමින් එය සිදුකළ යුතුයි

 

ගර්භණී සමයේ ආහාරයට ගත හැකි හතු

ඔබ ගර්භණී වීමට පෙර සිටම හතු ආහාරයට ගත්තා නම් සහ එමගින් කිසිදු ආසාත්මිකතාවයක් ඇති නොවුණා නම් ඔබට ගර්භණී සමයේදීත් හතු ආහාරයට ගත හැකියි. ඔයිස්ටර්, බට්න් ආදි සාමාන්යයෙන් වෙළඳපොළේ ඇති හතු වර්ග ඔබට ආහාරයට ගැනීමට සුදුසුයි. විශේෂයෙන් වෙළඳපොලේ ඇති ශීත කළ හතු මිලට ගන්නා විට කල් ඉකුත් වීමේ දිනය ගැන සැලකිලිමත් විය යුතුයි

 

ගර්භණී සමයේදි හතු ආහාරයට ගැනීම අනාරක්ෂිත විය හැකි ආකාර කිහිපයක්

හතු අමුවෙන් ආහාරයට ගැනීම

හතු ආහාරයට ගැනීමට පෙර හොඳින් තම්බාගත යුතු අතර හතු වල අඩංගු පිළිකා කාරක විෂ සමහරක් හොඳින් පිසීමෙන් ඉවත් කළ හැකියි. ගර්භණී සමයේදී කෑමට පෙර හතු හොඳින් පිසීමටද ඔබ මතක තබාගත යුතුයි. 

කැලෑ හතු ආහාරයට ගැනීම

ඇතැම් කැලෑ හතුවර්ග ආහාරයට ගැනීම ජීවිතයටද තර්ජනයක් වන බැවින් ගැන දැනුවත් වී ආහාරයට සුදුසු හතු පමණක් තෝරා ගැනීමත් ගර්භණී සමයේදි මෙම හතුවර්ග ආහාරයට ගැනීමෙන් වැළකීමත් සුදුසුයි

 

හතුවල අඩංගු පෝෂ් පදාර්ථ

 

ශක්තියකැලරි 27.49

ප්රෝටීන්ග්රෑම් 3.68

කාබෝහයිඩ්රේට් – 1.98

කැල්සියම් – 18.38 mg

යකඩ – 0.29 mg

මැග්නීසියම් – 18.3 mg

පොස්පරස් – 87.11 mg

පොටෑසියම් – 318 mg

සෝඩියම් – 7.72 mg

සින්ක් – 0.17 mg

තඹ – 0.09 mcg

විටමින් ඩී – 0.2 mg

ෆෝලේට් – 8.28 mcg DFE

නියාසින් – 0.68 mg

 

ගර්භණී සමයේ හතු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්රතිලාභ

1. ඉහළ විටමින් B ප්රභවයක්

හතු යනු විටමින් B කුලකයට අයත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් සහිත ආහාරයක්. විශේෂයෙන් හතුවල riboflavin (B2), thiamine (B1), niacin (B3) සහ pantothenic acid (B5) යන සංකීර්ණ විටමින් වර්ග සහිත ප්රභවක්. දරුවාගේ ස්නායු වර්ධනයට, සම වර්ධනයට සහ ශක්තිමත් මාංශපේශි වර්ධනයට riboflavin (B2) උපකාරි වෙනවා. කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට උපකාරී වන අතර niacin (B3) මවගේ සහ දරුවාගේ හෘදයේ සහ රුධිර සංසරණ පද්ධතිය පවත්වාගෙන යාමට උපකාරි වෙනවා. thiamine (B1) දරුවාගේ මොළයේ වර්ධනයට ගර්භණී සමයේ ඇතිවන විඩාව සමනයඋපකාරි වෙනවා. එමෙන්ම pantothenic acid (B5) ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්රියාකාරිත්වයට පරිවෘත්තීය ක්රියාවලිය වේගවත් කිරීමට උපකාරි වෙනවා

 

2. මාංශ පේශීන් ශක්තිමත් කිරීමට සහ ආහාර ජීර්ණයට උපකාරි වීම

නිර්මාංශ ඉහළ ප්රෝටීන් ප්රභවයක් ලෙසයි හතු ආහාරවේදීන් හඳුන්වනු ලබන්නේ. හතු වල ඉහළ තන්තු අන්තර්ගතයක් ඇති අතර එමඟින් ආහාර ජීර්ණයට උපකාරි වෙනවා. එමෙන්ම වැදෑමහ වර්ධනයට සහ ගර්භාශයේ භ්රෑණ උපකාරක පද්ධතිය ශක්තිමත් කිරීමටද උපකාරි වෙනවා

 

3. ඉහළ ප්රතිඔක්සිකාරක සහ පෝෂ්‍ය අංශු සහිතවීම

ප්රතිඔක්සිකාරක සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු බැවින් ගර්භණී සමයේදි ඔබට අවශ් ප්රතිශක්තිය ලබාදෙන අතර රෝග වලින් ආරක්ෂාව සැලසෙනවා. දරුවාගේ නිසි වර්ධනය සඳහා අත්යවශ් පොටෑසියම් සහ සින්ක් සහිත ප්රභවයක්

 

හතු ආහාරට ගැනීමේදි ගත යුතු ආරක්ෂක පියවර

 

  • සෑමවිටම නැවුම් හතු පරිභෝජනයට ගත යුතුයි
  • අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැළකී හොඳින් පිස ආහාරයට එක්කරගන්න
  • හතුවල තැලීම් සහ ලප නොවිය යුතුයි
  • හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි
  • පෙර පිසින ලද හතු (processed mushrooms) ආහාරයට ගැනීමෙන් වළකින්න
  • ඖෂධීය හතුවර්ග ගර්භණී සමයේදි ආහාරයට ගැනීමට පෙර වෛද් උපදෙස් ලබාගන්න
  • මැජික් හතු සහ වෙනත් කැළෑ හතුවර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න
  • හතු ආහාරයට ගැනීමට යම් සැකයක් තිබේ නම් ස්වල්පයක් ආහාරයට ගෙන ආසාත්මිකතාවයක් ඇති නොවන්නේ නම් ආහාරයට එක්කරගත හැකියි

 

ගර්භණී සමය තුළ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරපාන ලබාගැනීම ඉතා වැදගත් වුවත් ගර්භණී සමය නොයෙකුත් ආහාර වර්ග අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවේ. ඒ නිසා ඔබට සුදුසු ආරක්ෂාකාරි ආහාර පමණක් ආහාරයට එක්කරගත යුතුයි. ප්රෝටීන් සහිත ඉහළ පෝෂ්‍ය පදාර්ථ සහිත නිර්මාංශ ආහාරයක් වන හතුවර්ග ගර්භණී සමයේ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් තිබේනම් වෛද් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා

«

»