ළමයින්ට වෙළඳ දැන්වීම්වලින් සිදුවන බලපෑම

වෙළඳ දැන්වීම් ළමයින්ට ඍජුවම බලපානවා. රූපවාහිනිය තුලින් ප්‍රචාරය කරන නිෂ්පාදන දරුවන්ගේ නිරන්තර ඉල්ලීම් වල දැක ගන්න පුළුවන්. දෙමාපියන් පරිස්සම් නොවන්නේ නම් තව තවත් ළමයින්ට වෙළඳ දැන්වීම් වලින් බොහෝ අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.

වෙළඳපලේ ඇති නිෂ්පාදන පිළිබඳව දැනුවත් වීමට වෙළඳ දැන්වීම් අපට උපකාර කළත්, ඒවායේ ඍණාත්මක බලපෑම් ද තියෙනවා. වර්තමානයේ ළමයින් රූපවාහිනිය, මුද්‍රිත මාධ්‍ය සහ අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍යවල සියලුම ආකාරයේ දැන්වීම් වලට නිරාවරණය වෙනවා. ඇත්ත වශයෙන්ම, වර්තමානයේ සෑම තැනකම වෙළඳ දැන්වීම් මගින් සෑම කෙනෙකුවම ආකර්ෂණය කර ගන්නවා. පොදුවේ ගත්තහම ළමයින්ට වැඩි අවදානමක් තියෙනවා. වෙළඳ දැන්වීම් වලින් දරුවන්ට පහසුවෙන් බලපෑම් ඇති කරනවා.

 

ළමයින් අනාරක්‍ෂිතයි

දරුවන් අහිංසකයි වගේම එතරම් පරිණත නැහැ. අලෙවිකරුවෙකු රූපවාහිනියෙන් නිෂ්පාදනයක් ප්‍රචාරය කරන විට, එය ව්‍යාපාරයක් බව ඔවුන්ට තේරෙන්නෙ නැහැ. අලෙවිකරුවන්ගේ ප්‍රධාන අරමුණ විකිණීමයි. ළමයින්ට එය මිලදී ගැනීමට අවශ්‍ය වන පරිදි වෙළඳ දැන්වීම් සකස් කර තම නිෂ්පාදන ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනවා. ළමයින් සෑම දෙයක්ම මුහුණත වටිනාකමෙන් සලකන නිසා වෙළඳ දැන්වීම්වල පණිවිඩ සැකයකින් තොරව විශ්වාස කරනවා. දරුවන්ගේ අවධානය, ආකර්ෂණය දැන්වීම් වලට ලැබෙනවා. අලෙවිකරණ උපාය මාර්ගයන් දරුවන්ට වැටහෙන්නේ නැහැ. ළමයින් අතිශයින්ම අවදානමට ලක්විය හැකි ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන අතර දෙමව්පියන් මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ.

 

මේද අධික ආහාර ප්‍රචාරණය 

මෙම ආහාර වෙළඳ දැන්වීම් ළමයින්ට විශාල වශයෙන් බලපාන බවත්, මේ නිසා ළමයින්ගෙන් මේද අධික ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩි වන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී තියෙනවා. ළමයින්, තරුණ වැඩිහිටියන් වෙළඳ දැන්වීම්වල මේද අධික ආහාර අනුභව කරන අයුරු දකින විට ඔවුන් සිතන්නේ ඒවා සෞඛ්‍යයට යහපත් බවයි. මේද අධික ආහාර සෞඛ්‍යයට යහපත් නොවන බව දරුවන් දන්නේ නැහැ. 

 

පරීක්ෂණයකින් හෙළි වූ සත්‍ය

පර්‍යේෂකයන් අධ්‍යයනයක දී ළමයින්ව පැණිරස කෑම වෙළඳ දැන්වීම්වලට නිරාවරණය කළා. පැණිරස කෑම වෙළඳ දැන්වීම්වලට නිරාවරණය වූ එම දරුවන්ට එම ආහාර වලින් ඉහළ බලපෑමක් ඇති වූ බව පෙනෙන්නට තිබුණි. ඇත්ත වශයෙන්ම, මෙම දරුවන් පළතුරු වලට වඩා පැණිරස ආහාරයක් ලෙස තෝරා ගත්තා. පළතුරු වැනි සෞඛ්‍ය සම්පන්න ආහාරයකට වඩා ඔවුන් පැණිරස කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්න පටන් ගත්තා.

වෙළඳ දැන්වීම් වලින් ඈත් කර තැබීමෙන් දරුවන්ට ධනාත්මක බලපෑමක් ලැබුණා. එහිදී පැණිරස කෑම වෙනුවට පළතුරු තෝරා ගැනීමට ඔවුන් දිරිමත් වුණා.

 

අධික තරබාරුවීම සහ ළමා දියවැඩියාව

ළමා තරබාරුකම ඉහළ යමින් පවතින අතර මේ සඳහා එක් ප්‍රධාන හේතුවක් වන්නේ ක්ෂණික ආහාර හා මේද අධික ආහාර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමයි. ළමා දියවැඩියාව ද ඉහළ යන බව දැකීම පුදුමයක් නෙමෙයි.

 

වෙළඳ දැන්වීම්වල දකින නිෂ්පාදන ලබා ගැනීමට ළමයින් තම දෙමාපියන්ගෙන් අධික ඉල්ලීම් කළ හැක. සමහර අවස්ථාවලදී, ඔවුන් අඬනවා, ගහනවා, ඇඳුම් වලින් අදිනවා වැනි හැසිරීම් පළ කරනවා. දෙමව්පියන් එම නිෂ්පාදන මිලදී ගන්නා තුරු නිහඬව ඉන්නෙ නැහැ. තම දරුවන් පාලනය කළ නොහැකි සමහර දෙමව්පියන්ට වෙනත් විකල්පයක් නොමැති නිසා මෙම නිෂ්පාදන මිලදී ගෙන දෙනවා.

 

දෙමව්පියන්ට කළ හැකි දේ

සමහර රටවල වයස අවුරුදු දොළහට අඩු දරුවන් ඉලක්ක කරගෙන වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම්. දැන් දැන් වෙළඳ දැන්වීම් වලින් කෙලින්ම දරුවන් ඉලක්ක කරගන්නා නිසා දෙමවුපියන් විසින් මෙම දැන්වීම් වල බලපෑම ගැන දරුවන් දැනුවත් කළ යුතුයි.

දැන්වීම් වල පෙන්වන දේ වල ඇති අහිතකර බලපෑම සහ දැන්වීම් වලින් බලපෑමට ලක් නොවී සිටීමට දෙමාපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුයි. මුදල්වල වැදගත්කම හා වටිනාකම ගැන දරුවන්ට ඉගැන්විය යුතුයි.