බිත්තර පකෝරා කියන්නේ හවස තේ වෙලාවට කියාපු කෑමක්. එග් රෝල්ස් හදන්න වගේ ලොකු වැඩකට කාලය නොයවා ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් බලාගන්න රෙසිපි එක….
එග් පකෝරා
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3-4
- කඩල පිටි කප් 1
- හාල් පිටි මේස හැඳි 1
- පාන් පිටි මේස හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- කහ තේ හැඳි 1/4
- පෙරුම්කායම් පින්ච් එකක්
- මහදුරු තේ හැඳි 1/4
- තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැන්දක්
- බේකින් සෝඩා/ ආප්ප සෝඩා පින්ච් එකක්
- රස අනුව ලුණු
- බිත්තර හොඳින් තම්බලා, කටු ඉවත් කරල, දෙකට කපාගන්න.
- ඉතිරි ද්‍රව්‍ය සේරම එකට මිශ්‍ර කරගෙන, ඒකට වතුර එක් කරගෙන ඝණ බැටර් එකක් හදාගන්න.
- ඒකට කපා ගත්තු බිත්තර පළු එක ගානෙ දාලා, හොඳින් බැටර් එක දවටලා ගැඹුරු තෙලේ මද ගින්නේ බැදගන්න.
- මිංචි චට්නි එක්ක හරි තක්කලි සෝස් ටිකක් එක්ක හරි උණු උණුවෙම පිළිගන්වන්න.