Search here...
TOP
එදිනෙදා ජීවිත​ය පෝෂණ​ය

වෙජිටේරියන් අයට බිත්තර නැතුව කේක් හදමු

ඔන්න අද ගෙනාවා බිත්තර ගෑවිච්ච දෙයක්වත් කන්න කැමති නැති වෙජිටේරියන් අයට රසට හදාගන්න පුළුවන් බටර් කේක් රෙසිපි එකක්. අනිත් හැමෝම රසට කේක් කන කොට වෙජිටේරියන් අයව අමතක කරන්න අපිට කොහොමටවත් බෑනෙ. ඔන්න එහෙනම් මීට පස්සෙ එයාලා වෙනුවෙන් මේ විදියට කේක් හදල බලන්නකො.

එග්ලස් බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩුකරගත් සීනි කෝප්ප 1
  2. එළවළු තෙල් කෝප්ප 1/2
  3. පාන්පිටි කෝප්ප 1
  4. බේකින් සෝඩා තේ හැඳි 1/2
  5. බේකින් පව්ඩර් තේ හැඳි1
  6. ලුණු පින්ච් එකක්
  7. කිරි කෝප්ප 1/2
  8. වැනිලා තේ හැඳි 1

 

  • සීනි වලට එළවළු තෙල් කෝප්ප 1/4ක් දාලා හොඳට විස්ක් කරගන්න.
  • පාන්පිටි, බේකින් සෝඩා, බේකින් පව්ඩර් හා ලුණු එකට හලාගන්න. මේක ටිකෙන් ටික සීනි හා තෙල් මිශ්‍රණයට එකතු කරන්න.
  • ඒකට ඉතිරි තෙල් කෝප්ප 1/4 දාගන්න. ටිකක් විස්ක් කරලා කිරි ටික දාගන්න.
  • දැන් ස්මූත් බැටර් එකක් වෙනකල් විස්ක් කරගන්න. වැනිලා එකතු කරන්න. ස්පැතූලා එකෙන් හොඳට කලවම් කරලා බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.

«

»