Search here...
TOP
පෝෂණ​ය

වෙජිටේරියන් පොඩ්ඩන්ට එග්ලස් චොකෝ කේක් එකක් හදල දෙමු

අපි හැමදාමත් කියනවනෙ වෙජිටේරියන් අය ගැන අපිට වැඩියෙන් හිතන්න වෙනවා. ඔන්න ඔයාලගෙ ගෙදර අයත් වෙජිටේරියන් නම් මේ කේක් රෙසිපි එක ගොඩාක් වැදගත් වෙයි. උපන්දිනේකට, පාටි එකකට මේ විදියට එග්ලස් කේක් එකක් හැදුවොත් වෙජිටේරියන් නොවෙන අයත් රස කර කර කයි. 

 

එග්ලස් චොකලට් කේක්

බිත්තර රස, සුවඳ එන නිසා කේක් නොකන වෙජිටේරියන් කට්ටියට තමා මේ කේක් එක. බිත්තර නොදා හදන නිසා බිත්තර නොකන කෙනෙක්ට හිතේ අවුලක් නැතුව කන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි මෙශරින් කප් 1 1/2
  2. කොකෝවා පව්ඩර් මේස හැඳි 3
  3. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  4. බේකින් සෝඩා තේ හැඳි 3/4
  5. මිල්ක්මේඩ් කප් 1
  6. දිය කරගත් බටර් කප් 3/4
  7. වැනිලා තේ හැඳි 1 1/2
  8. වතුර කප් ¾

 

  • පිටි, කොකෝවා පව්ඩර්, බේකින් පව්ඩර් සහ බේකින් සෝඩා බෝල් එකකට දමා එකට මිශ්‍ර කරගන්න.
  • දියකරගත් බටර් වලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොඳින් බීට් කරගන්න. වැනිලා එක් කර මිශ්‍ර කරගන්න.
  • මේ මිශ්‍රණයට පිටි වලින් භාගයක් එක් කර වින්ස් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතිරි පිටි ටිකත් ටික ටික එක් කරමින් මිශ්‍ර කරගන්න.
  • බටර් තවරා තෙල් කඩදාසි දමාගත් අඟල් 9ක රවුම් තැටියකට මිශ්‍රණය එක් කර සෙල්සියස් 180°ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.

 

«

»