Search here...
TOP
පෝෂණ​ය

උදේ කෑමට, උත්සව මේසෙට ඕනම දේකට ගැලපෙන බේකන් රෙසිපි එකක් මෙන්න

ඔන්න ගෙනාවා උදේ කෑමකට ගන්න වගේම උත්සව වෙලාවක මේසෙට තියන්න සුදුසු රස රෙසිපි එකක්. හදන්නත් හරිම ලේසි මේ කෑමට එච්චර වෙලාවක් ගත වෙන්නෙත් නෑ. බලන්නකො රෙසිපි එක කියවලාම.

 

එග් ඉන් බේකන් බාස්කට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 5
  2. හෙවි ක්‍රීම් 200ml
  3. බේකන් තීරැ 24
  4. පාමසන් චීස් මේස හැඳි 3
  5. බේසිල් කොළ කිහිපයක් 
  6. ලුණු කුඩු ටිකක් 
  7. ගම්මිරිස් කුඩු ටිකක් 

 

 

  • භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමසන් චීස් දාලා හොඳින් මික්ස් වෙනකන් බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු කුඩු, ගම්මිරිස්කුඩු, බේසිල් කොළ එක් කරන්න. හොඳින් මික්ස් කරන්න. 
  • දැන් මෆින් ට්‍රේ එකක් ගන්න. ඒකට බේකන් තීරු අතුරා ගන්න. (බේකන් තීරු අතුරා ගැනීමේදී දෙකක් එකට එකක් හරස් අතට අතුරා ගන්න) ඊළඟට කලින් සදා ගත් බැටර් එක බේකන් තීරු කප් එකට පුරවගන්න. දැන් සෙල්සියස් 180°C ට විනාඩි 12 -15 ක් අතර වේලාවක් බේක් කරගන්න.

 

«

»