ජලය පානය කිරීම මගින් සිරුරේ උෂ්ණත්වය නියාමනය, සෛල ක්රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ප්රවාහනය සහ ශරීරයේ ක්රියාකාරිත්වයට වැදගත්. හුස්ම ගැනීමේදි, මළ, මුත්රා, දහදිය සමග සැලකිය යුතු දියර ප්රමාණයක් ශරීරයෙන් අහිමි වන අතර එය නැවත සිරුරට ලබා ගැනීමට නම් ප්රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි.
දරුවන් දිනපතා ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්යයෙන් දරුවකුගේ දෛනික ජලය අවශ්යතාවය ඔවුන්ගේ ස්ත්රී පුරුෂභාවය, වයස වැනි සාධක අනුව වෙනස්.
ඔබේ දරුවා දිනකට ප්රමාණවත් තරම් ජලය පානය කරනවාද?
කුඩා දරුවන් සිටින මවක් නම් ඔබත් දිනපතා මෙම අභියෝගයට මුහුණදෙනවා ඇති. එසේනම් මෙන්න ඔබගේ දරුවා ජලය පානය කිරීමට උනන්දු කිරීමට ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් තමා මේ.
දරුවකු කොපමණ ජලය ප්රමාණයක් පානය කළ යුතුද?
දරුවන්ගේ වයස අනුව දිනකට අවශ්‍ය ජල පරිමාව වෙනස් වන අතර ප්රමාණයට වඩා ජලය ලබා ගැනීම සහ ශරීරය විජලනයට ලක්වීම දරුවාට අහිතකර බලපෑම් ගෙනඑනු ලබනවා. ඒ නිසා දරුවකුගේ ස්ත්රී පුරුෂ භාවය සහ වයස මත පදනම් ව දිනකට ලබාගත යුතු ජලය ප්රමාණය පහත පරිදියි.
වයස | ස්ත්‍රී / පුරුෂ | මුලු ජල අවශ්‍යතාවය (ලීටර්) |
අවුරුදු 4 – අවුරුදු 8ත් අතර | ගැහැණු / පිරිමි | 1. 7 |
අවුරුදු 9 – අවුරුදු 13ත් අතර | ගැහැණු | 2. 1 |
පිරිමි | 2. 4 | |
අවුරුදු 14 – අවුරුදු 18ත් අතර | ගැහැණු | 2. 3 |
පිරිමි | 3. 3 |
පිරිසිදු පානීය ජලයට අමතරව සෞඛ්යයට හිතකර පාන වර්ග, එළවළු සහ පළතුරු ආදිය දරුවාට ලබාදිය යුතු වනවා. එමෙන්ම ඔබගේ දරුවා එළිමහනේ, හිරු එළියට නිරාවරණය වනලෙස කාලය ගතකරනවා නම් ඔවුන්ගේ සිරුරෙන් වැඩිපුර දහඩිය පිටවනවා. ඒ නිසා දරුවාට වැඩිපුර ජලය ලබාදිය යුතු අතර එළිමහනට යාමට පෙර, ක්රියාකාරකම් අතරතුර සහ ඉන්පසුව ජලය ලබාදීම වැදගත්.
දරුවා හට ප්රමාණවත් පරිදි ජලය ලැබී ඇතිබව හඳුනාගන්නේ කෙසේද?
දරුවන් විජලනයට ලක්වන්නේ ඔවුන්ගේ ශරීරයෙන් අධික ලෙස ජලය සහ ලවණ පිටවීම හේතුවෙන්. ඒ නිස දරුවාට නියමිත පරිදි ජලය ලැබී ඇත්දැයි පරික්ෂාවට පහත ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්.
– දරුවා කොපමණ වාර ගණනක් මුත්රා පිටකරනවාද සහ එහි වර්ණය සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න. මුත්රාවල වර්ණය ලා පැහැති සහ නියමිත වාර ගණනක් මුත්රා කරනවා නම් දරුවා විජලනයට ලක්ව නොමැති අතර මුත්රාවල පැහැය තද වර්ණයක් ගනී නම් හෝ අසීරුවෙන් මුත්රා පිටකරනවා නම් දරුවා ප්රමාණවත් පරිදි ජලය ලබා නොගෙන ඇති බව නිගමනය කළ හැකියි.
– දරුවාගෙ අත හෝ මැණික් කටුව ආශ්රිත සම මෘදුව මිරිකා බලන්න. කෙනිත්තීමෙන් පසු සම නැවතත් ඉක්මණින් යථා තත්ත්වයට පත්වනවා නම් ප්රමාණවත් පරිදි ජලය ලැබී ඇතැයි සහ සම ඉක්මණින් යථා තත්ත්වයට පත් නොවන්නේ නම් විජලන ලක්ෂණ ඇති බවටද අනුමාන කළ හැකියි.
– දරුවාගේ දිව සහ මුඛය වියළීම, හඬන විට කදුළු පිට නොවීම වැනි සාධක මගින්ද දරුවන් විජලනයට ලක්ව ඇත්දැයි සොයාගත හැකියි.
– අධික උණ
– අසාමාන්‍ය ලෙස නිදා ගැනීම සහ අලසවීම
– මුත්රා පිට නොකිරීම
– ඇස් ගිලුණු ස්වභාවයක් ගැනීම
ජලය පානය කිරීමට දරුවන් පෙළඹවිය හැකි ක්රම
- දරුවා සමග පිටතට යන විට වතුර බෝතල් කිහිපයක් ගෙන යන්න. එක් බෝතලයක් අනිවාර්යෙන් දරුවාගේ බෑගයට දමන්න. එවිට දරුවාට පිපාසය දැනෙන ඕනෑම අවස්තාවක ජලය පානය කළ හැකියි.
- දරුවාට කුඩා කල සිටම ජලය පානය කිරීමේ පුරුද්දක් ඇති කරන්න. එවිට ඔවුන් වයසින් වැඩුණ විටද එය දිගටම පවත්වාගෙන යාවි.
- සෞඛ්යයට අහිතකර ඉහළ සීනි සංයුතියක් සහිත පාන වර්ග ලබාදීම සීමා කරන්න. පිපාසය දැනෙන සෑම විටම ජලය පානය කිරීමට හුරු කරන්න.
- නිවසේදි දරුවාට ජලය පානයට බෝතලයක් වෙන්කරන්න. එය අවසන්වන සෑම විටකම ප්රශංසා කර නැවත නැවතත් එය පුරවාදෙන්න.
- දරුවාගේ වතුර බෝතලයට වර්ණවත් බෙරි වර්ග, ලෙමන් පෙති දමා දෙන්න.
- විසිතුරු වතුර බෝතලයක්, කෝප්පයක් වැනි දෙයක් ජලය පුරවා දරුවාගේ ඇස නිතර යොමුවන ස්ථානයක තබන්න. එවිට නිතර ජලය පානයට ඔවුන්ට මතක් වේවි.
- ඔවුන්ගේ වතුර බෝතලයට විසිතුරු වර්ණ එක්කරන්න. දොඩම් යුෂ, මින්චි යුෂ , විවිධ වර්ණ වලින් යුතු බෙරි යුෂ අයිස් කැට ලෙස සකසා ජල බෝතලයට එක්කිරීමට ඔබට පුළුවන්.
- ජලය පානයට පවුලටම දෛනික පානීය ජල ඉලක්කයක් හඳුන්වාදෙන්න. සතිය අවසානයේ ඉලක්කය සපුරන්නාට සුළු ත්යාගයන් ලබාදෙන්න.
- ජලය පානය කිරීමට වර්ණවත් බට (straw) ලබාදෙන්න. එවිට ඔවුන් විනෝදයෙන් යුතුව එයට එක්වේවි.
- ජලය පානයට එතරම් ප්රිය නොකරන දරුවන්ට ජලය අඩංගු එළවලු සහ පළතුරු වැඩිවශයෙන් ලබාදෙන්න.
- දරුවාට ජලය පානය සිහි කිරීමට එළාම් එකක් වැනි දෙයක් හඳුන්වාදෙන්න. දැන් ස්මාර්ට් ෆෝන් වලට දාගන්න පුළුවන් ඇප් වර්ගත් තියෙනවා.
- දරුවාට ආදර්ශයක් වන ලෙස ඔබ ජලය පානය කරන්න. එවිට දරුවා ඔබ දෙස බලා එය අනුගමනය කරාවි.
ජලය පානය කිරීමේ වැදගත්කම සහ නිසි පරිදි ජලය පානය නොකිරීමෙන් සිරුරට වන හානි ගැන දරුවා දැනුවත් කරන්න. එයට සැකසූ වීඩියෝ, පුවත් පත් වාර්ථා ආදිය දරුවාට පෙන්වන්න. සෑමවිටම ප්රමාණවත් ජලය ප්රමාණයක් ඔවුන් ලබා ගන්නවාදැයි විමසිලිමත් වෙන්න.