ගැබිණි සමයේ වැටීම් වැනි අනතුරු සම්බන්ධව ඔබ දැනුවත් විය යුතු කාරණා

ගර්භණී සමය ඔබ අනතුරු සිදුවීම වළක්වා ගත යුතු අතර සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වෙනවා. ඕනෑම ගර්භණී කාන්තාවක් ගර්භණී සමයේ දී ඇද වැටීමක් සිදුවුවහොත් සම්බන්ධයෙන් දැඩිව කලබල වෙනවා. නමුත් ඔබගේ ශරීරය ස්වභාවයෙන්ම සැකසී ඇත්තේ දරුවා එවැනි අනතුරුවලින් ආරක්ෂා වන ආකාරයටයි. ගර්භාෂ බිත්ති ඉතාමත් ඝනව පිහිටන අතර එතුළ කළලය ඉතාමත් ආරක්ෂාකාරීව රඳවා ගනු ලබන අතර Amniotic තරලය මගින් දරුවාට අවශ් සුවපහසුව ලබාදෙනවා. ඒ නිසා ඔබගේ හදිසි ඇදවැටීමකින් දරුවාට අනතුරක් සිදුවන්නේ ඉතාම කළාතුරකින්. නමුත් ගර්භණී සමයේ සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම වැදගත්

 

ගර්භණී සමයේ ඔබ හදිසි අනතුරකට ලක්වුවහොත් ඔබ අවධානය යොමුකළ යුතු කාරණා වෙන්නේ

ගර්භණී සමයේදි ඔබගේ කුසට කෙලින්ම එල්ලවන තද පහරක් වැනි අවස්ථාවකදී ඔබ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ගර්භාෂය හැකිළීම, යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, උදරයේ මොලොක් ස්වභාවය හෝ amniotic තරලය පිටවනවා නම් ඔබ වෛද් උපදෙස් ලබාගත යුතුයි. ඊට අමතරව පහත අවස්ථා වලදීද ඔබ ඉක්මන් වෛද් උපදෙස් ලබා ගැනීම වැදගත්

 

  • වැටීමෙන් පසු දැඩි වේදනාවක් හෝ ලේ ගැලීමක් ඇති වුවහොත්
  • උදරයට තද පහරක් එල්ල වූ අවස්ථාවක
  • යෝනි මාර්ගයෙන් ලේ හෝ ඇම්නියොටික් තරලය පිටවනවා නම්
  • යටි බඩ ආශ්රිතව ඇතිවන තද වේදනාව
  • ඔබගේ ඇද වැටීමෙන් පසු දරුවාගේ චලනයන් අඩුව ඇති බවක් දැනෙනවා නම්

 

ගර්භණී සමයේ හදිසි ඇදවැටීම් වලට බලපානු ලබන හේතූ

 

  • ගර්භණී සමයේ පළමු ත්රෛමාසිකය තුල බොහෝ කාන්තාවන්ට කරකැවිලි සහ ක්ලාන්ත ස්වභාවයක් දැනෙන අතර එමගින් සිරුරේ සමබරතාවය අහිමිවිය හැකියි
  • සිරුරේ බර වැඩීවීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඇදවැටීමට ඉඩ තිබෙනවා.
  • පාදයේ අස්ථිබන්ධය හේතුවෙන් ඇතැම් විට ඇද වැටීමට හෝ පාද ඉදිමීම සිදුවිය හැකියි

 

ගර්භණී සමයේ ඇද වැටීමෙන් ආරක්ෂා විය හැකි වැළකීමට පියවර

  • උස් අඩි සහිත ලිස්සන සුලු අඩි සහිත පාවහන් පැළඳීමෙන් වළකින්න
  • මාර්ගයේ ගමන් කරද්දී ප්රවේශම් වන්න. විශේෂයෙන් ඔබ ගම්බද මාර්ගයක ඇවිදිනවා නම් වලවල් සහිත විය හැකි බැවින් සහ ලිස්සා යා හැකි බැවින් ප්රවේශම් විය යුතුයි
  • එස්කැලේටර් හෙවත් විදුලි පඩිපෙළවල් භාවිතයේදී වෙනත් අයකුගේ සහ ලබා ගන්න
  • ව්යායාම් හි නිරත වීමේදි ප්රවේශම් වන්න

 

ගර්භණී සමයේදි වැටීම් වැනි අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වුවත් සම්බන්ධයෙන් අනවශ් බියක් ඇතිකරගත යුතු නැහැ. සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයන් තිබේ නම් ඔබගේ වෛද්යවරයාගේ උපදෙස් ලබාගත යුතුයි. එවිට ඔහු ඔබගේ වයස, ගර්භණී කාලසීමාව, අනතුරේ ස්වභාවය ආදි කරුණු සියල්ල සලකා බලා අවශ් නම් අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාවක් කර හෝ දරුවා ආරක්ෂාකාරිව සිටින බව තහවුරු කරනු ඇත

 

ගර්භණී සමයේදි ඔබගේ මානසික තත්ත්වය දරුවාට බලපෑම් එල්ල කරන බැවින් අනවශ්‍ය බියකින් තොරව සතුටින් සහ ආරක්ෂාකාරීව සිටීමයි වඩාත් වැදගත් වෙන්නේ.