විලාසිතාවන්ට කැමති මව්වරුන් මේ වැරදි කවදාවත් කරන්න එපා

 

විලාසිතාවන් වේගයෙන් වෙනස් වන අතර ඒ ඒ විලාසිතාවන්ට හැඩගැසෙන එක අභියෝගයක් වුණත් කළ නොහැකි දෙයක් නෙමෙයි. තරුණ කාලයේ පවත්වාගෙන ආපු මනා හැඩය මාතෘත්වයෙන් පසු වෙනස් වෙලා මව්වරුන්ගේ ශරීරය අවලස්සන වෙනවා. ඊට හේතුව ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියෙන් පසු සිරුරේ හැඩය ගැන සැළකිලිමත් වෙන්නේ නැති නිසයි. නැතිවී ගිය හැඩය නැවත ලබාගන්නකම් ඇඳුමකින් ඇඟේ අඩුපාඩු වහගන්න අපිට පුළුවන්. හැබැයි ඒ මෙන්න මේ විලාසිතා වැරදි නොකරනවා නම් විතරයි.

 

නොගැළපෙන බ්‍රා ඇඳීම

ඔබ බ්‍රා එකක් අවසන් වරට මිලදී ගත්තේ කවදාද? බොහෝ විට වැරදි ප්‍රමාණයේ යට ඇඳුම් ඇදීමෙන් ඔබේ පිට ඇඳුමේ ලස්සන පවා අවලස්සනව පෙනෙන්න ඉඩ තිබෙනවා. මෙය කාන්තාවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු පොදුවේ කරන වැරැද්දක්. එයට හේතුව ඔබ තවමත් ගැලපේ යැයි සිතා පැරණි යට ඇඳුම් ඇඳීමයි. ඔබ ඔබේ සිරුර ගැන වැඩි අවධානයක් දෙන්න. ගැළපෙන බ්‍රා සයිස් එකක් ඇඳීමෙන් ඔබේ පපුව අඩු කර සිහින් පෙනුමක් ලබාගන්න පුළුවන් අතර ඔබේ ඇඳුම් වලට ගැලපෙන ආකාරයට වෙනස් කරගන්නත් පුළුවන්.

 

ආකර්ෂ​ණ​යක් නැති සපත්තු

ඔබේ සපත්තු ආකර්ශණීය නොවන තරමට, ඔබ කුමක් ඇඳගෙන සිටියත් ඔබේ පෙනුම වයසින් වැඩි කර පෙන්වනවා.

මෙයින් අදහස් කරන්නේ ඔබට අපහසු සපත්තු පළඳින්න කියලා නෙමෙයි, අඩිය චුට්ටක් උස හෝ උල් ඉදිරිපසක් ඇති සපත්තු දෙකක් සුවපහසුව ලබා දෙනව වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කරනවා.

 

පැරණි විලාසිතාවේ කණ්ණාඩි

ඔබට කණ්ණාඩි යුගලය කරදරයක් විදියට නැතුව විලාසිතා අංගයක් විශියට හිතන්න. යල්පැනගිය, උපැස් යුගලයකින් ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමට උත්සාහ කරනවද? ඔබේ සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සඳහා වෛද්‍යවරයා හමුවන්න. ඉතින් පැරණි රාමු වලට සමුදී නවිනපන්නයේ විලාසිතාවක් ඇති කණ්ණාඩි දෙකක් පළඳින්න.

 

අධික Make-Up සහ ආභරණ

ඔබ තරුණ හා ස්වාභාවික පෙනුමක් ලබා ගැනීමට උත්සාහ කරන අතර උදාසීන රූපලාවණ්‍ය වර්ණ, ලිප් ග්ලොස් සහ සැහැල්ලු ආභරණ ඔබට උපකාරී වේවී.

අඳුරු ලිප්ස්ටික් සහ අධික ලෙස Make-Up ගැල්වීමෙන් වයසක බව මතු කරනවා. ඒ නිසා සාමාන්‍ය විදිහට Make-Up කිරීමට මතක තබා ගන්න.

 

කළු පැහැය

ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ කළු පැහැති ඇඳුම් ඕනෑ තරම් ඇති. නමුත් ඕනෑවට වඩා කළු පැහැයෙන් සැරසී සිටීම ඔබට සුදුමැලි පෙනුමක් ලබා දෙනවා. ඔබේ සම 40 ගණන්වලදී සුදුමැලි හා තුනී වන අතර ඔබ අඳුරු වර්ණ ඇඳීමෙන් සුදුමැලි බව වැඩියෙන් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ අඳුරු වර්ණ වෙනුවට පැහැපත් සහ එළිය වර්ණ තෝරාගන්න. ඔබේ තරුණ පෙනුම එයින් ඉස්මතු වෙනවා.