ඔබේ සිඟිත්තාට ක්‍රමානුකූලව ආහාර ලබා දීමට කාල සටහනක්

ඔබටත් කුඩා දරු පැටියකු ඉන්නවා නම් මවුකිරි පමණක් ලබාදුන් කාලසීමාව පසුවනවාත් සමගම ඊළගට ආරම්භ වන්නේ දරුවාට ඝන ආහාර ක්රම ක්රමයෙන් හුරු කරවීමේ අභියෝගයයි. මෙය ඇත්තටම අසීරු කාරණාවක් විදියටයි මවුවරුන් සලකනු ලබන්නේ. නමුත් ඉන්පසුව විශේෂයෙන් අවුරුදු 1 සිට 3 දක්වා වයස් ඛාණ්ඩයන්හි දරුවන් සිටින මවුවරුන් බහුතරයක් දරුවාට කෑම කැවීමේදි පුංචි යුද්ධයක් කරනවා. එය එතරම්ම අසීරුයි. ඇතැම් විට මේ පුංචි චන්ඩීන් කිසිදු කෑමක් කෙරෙහි උනන්දු වන්නේ නැහැ. ඔවුන්ගේ රුචිකත්වයන් එක් එක් දරුවාට වෙනස් වෙනවා. ඉතින් මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ අවුරුදු 1 ත් 3 ත් අතර පොඩිත්තකු සිටිනවා නම් දරුවාට ආහාර දීම සඳහා කාල සටහනක් සකස් කර ගන්නා ආකාරයයි. එවිට ඔබට වඩාත් පහසුවෙන් දරුවා සඳහා ආහාර පාන සැකසීමටත් පෝෂණය කිරීමටත් හැකියි

 

ළදරුවන් සඳහා දෛනික පෝෂණ සැලැස්මක් සකස් කරන ආකාරය

වයස අවුරුදු 1 ත් 3 ත් අතර දරුවන් සඳහා ප්රධාන ආහාර වේල් 3ක් සහ කෙටි ආහාර වේල් 2ක් ලබාදීමයි සාමාන් ක්රමවේදය වන්නේ. නමුත් මෙම වයසේ දරුවන් බොහෝ විට අධි ක්රියාශීලීයි. ඒ නිසා ඔවුන්ගේ කුඩා බන්ඩියට ආහාර වැඩි වශයෙන් අවශ් වෙනවා. ඔවුන්ගේ දෛනික ක්රියාකාරීත්වය නිසා ඔවුන් හට පැ 2 න් හෝ 3න් ආහාරපාන අවශ් වෙනවා. 

ඒ නිසා ඔබට උදෑසන ආහාරය සහ දිවා ආහාරය යම් නියමිත වේලාවක් තුළ දෙන අතරම පළමු කෙටි කෑම උදෑසන ආහාරයත් දිවා ආහාරයත් අතර දීත් දෙවන කෙටි ආහාරය දිවා ආහාරයෙන් පසු සවස් යාමයේදීත් දිය හැකියි

දෙවන කෙටි ආහාරය දීමෙන් පසු ඊළඟ ප්රධාන ආහාර වේල සඳහා දිගු වේලාවක් ගත්වන්නේ නම් තුන්වන කෙටි ආහාර වේලකුත් දරුවා වෙත ලබාදීමට ඔබට හැකියි. නැතිනම් දරුවා උදෑසන අවදි වීමෙන් පසු උදෑසන ආහාරය සූදානම් වන තුරු අතර කාලය තුලදී කෙටි ආහාරයක් දීමට ඔබට හැකියි. සෑම විටම මෙම තුන්වන කෙටි ආහාරය ප්රධාන ආහාරවේල සඳහා දිගු වේලාවක් තිබෙන විටදී ලබාදීමට ඔබට හැකියි

සෑම විටම ප්රධාන ආහාර වේල් නියමිත වේලාවක් තුළ ලබාදීමෙන් දරුවා තුළ සම්බන්ධයෙන් උනන්දුවක් සහ පුරුද්දක් ඇතිවනවා. ආහාර ලැබෙන වේලාවන් ගැන අවබෝධයක් දරුවා තුළ ඇතිවන බැවින් ඔවුන් නිතර නිතර කෑමට යමක් ඉල්ලා ඔබට කරදර කිරීමෙන් වළකිනවා. දරුවන් සඳහා නියමිත වේලාවක් තුළ ආහාර ලබාදීම යනු ඔවුන් සෑමවිටම එකම ප්රමාණයක් ආහාරයට ගැනීම නොවේ. ඇතැම් විට ඔවුන් ඇතැම් ආහාරවේල් ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්. ඒ නිසා මවක් විදියට ඔබට කළ හැක්කේ නිසි වේලාවන් තුළ දරුවාට ආහාර ලබාදීම සහ දරුවාගේ කුසගින්නේ ප්රමාණය මත සහ දරුවාගේ අවශ්යතාවයට ආහාර ලබාදීමයි

 

දරුවා දිනකට කොපමණ කිරි ප්රමාණයක් පානය කළ යුතු වනවාද?

කිරි යනු කැල්සියම් සහ විටමින් D අඩංගු ආහාරයක් වන අතර නමුත් නියමිත ප්රමාණයට වඩා ලබාදීමෙන් දරුවාගේ සිරුර තුළ යකඩ අවශෝෂණය අපහසු වීමෙන් යකඩ ඌණතාවයක් ඇති වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම වැඩිපුර කිරි ලබාදීමෙන් අනිකුත් ආහාර ගැනීමට කුස තුළ ඉඩ අඩු වීමටද හැකියි. ඒ නිසා දිනකට කිරි කෝප්ප 2 ක් හෝ 3ක් ( දිනකට අවුන්ස 16 ත් 24ත් අතර) දීම ප්රමාණවත් වෙනවා. නමුත් ඔබ මවුකිරි ලබාදෙනවා නම් සම්බන්ධයෙන් නිශ්චිත ප්රමාණයක් සහ වාර ගණනක් නැහැ

 

එක්වේලක් සඳහා කොපමණ ආහාර ප්රමාණයක් ලබාදිය යුතු වෙනවා?

සාමාන්යයෙන් මවුවරුන් විශ්වාස කරනවා දරුවන් තමන් සාදන සියලුමදේ ආහාරයට ගත යුතුයි කියලා. නමුත් ඔබ දන්නවාද දරුවාගේ උදරය ඉතාමත් කුඩායි. දරුවා ආහාරයට ගන්නේ ඔහුගේ හෝ ඇයගේ උදරයට සෑහෙන ප්රමාණයි. ඒ නිසා දරුවාගේ පිඟානට ආහාර ගොඩ ගසනවා වෙනුවට ඔහුගේ හෝ ඇයගේ වයසට ගැලපෙන ආහාර ප්රමාණය ලබාදිය යුතු වෙනවා. පහත අප ඉදිරිපත් කරන ආහාර ප්රමාණයන් අධ්යනය කිරීමෙන් ඔබට යම් අවබෝධයක් ලබාගත හැකියි

 

ධාන් වර්ග

පාන් පෙති 1/4 හෝ 1/2

මෆින් 1/2 

පැස්ටා හෝ ධාන් කෝප්ප 1/4

ධාන් සීරියල් කෝප්ප 1/4

ක්රැකර්ස් 1 -3 ප්රමාණයක්

 

පළතුරු

සාමාන් ප්රමානයේ කැබැල්ලක් හෝ සූරා

 

එළවළු

අවුරුදු 1 ක් වයසැති දරුවන් සඳහා පිසින ලද එළවලු මේස හැඳි 1

අමු එළවළු හෝ සලාද දෙනවා නම් කුඩා කැබලි විදියට කෝප්ප 1/4

 

කිරි හෝ ආශ්රිත ආහාර

වරකට කිරි කෝප්ප 1/2

යෝගට් කොප්ප 1/3

ගාන ලද චීස් නම් මේස හැඳි 1ක් හෝ අගළක කැබැල්ලක්

 

ප්රෝටීන් ආහාර

ටෝෆු හෝ මස් වර්ග මේස හැඳි 2ත් 4ත් අතර ප්රමාණයක්

බිත්තර 1/2 ක් හෝ 1ක්

බෝංචි හෝ වෙනත් ප්රෝටීන් මේස හැඳි 2 ත් අතරත්

 

මෙම ප්රමාණයන් ඇතැම් විට ඔබට ප්රමාණයෙන් ඉතා කුඩා කියා ඔබට සිතෙයි. නමුත් දරුවාගේ කුඩා උදරයට මෙවැනි ප්රමාණයන් සෑහෙනවා. නමුත් දරුවා ඉතා ක්රියාශීලි නම් දරුවාගේ ඉල්ලීමට අනුව තවත් ආහාර ලබාදිය යුතු වෙනවා. 

 

දරුවාට ආහාර දීම සඳහා භාවිතා කළ හැකි සරල කාලසටහනක්

මෙම කාලසටහන සඳහා ප්රධාන ආහාර වේල් 3ක් සහ කෙටි ආහාර වේල් 2ක් අඩංගු වෙනවා. දරුවා ඉතා උදෑසනින් අවදි වෙනවා නම් හෝ නැතිනම් ප්රමාද වී නින්දට යනවා නම් තවත් කෙටි ආහාර වේලක් එක් කිරීමට ඔබට හැකියි. එක් එක් පවුල් වල ආහාර ගැනීම් සහ ආහාරයට ගනු ලබන දේ වෙනස් නමුත් ඔබ ක්රමාණුකූල රටාවකට ආහාර දීමෙන් දරුවාගේ පෝෂණය සහ බර වැඩිවීම ක්රමාණුකූලව පවත්වා ගත හැකියි

 

කුඩා දරුවකුට සුදුසු ආහාර සටහනක්

 

පෙ. . 7:00 : අවදි වීම

පෙ. . 7:30 : උදෑසන ආහාරය

පෙ. . 10:00 : උදෑසන කෙටි ආහාරය

දහවල්12:30 : දිවා ආහාරය

. . 1:30  : නින්දට යැවීම 

. . 3:30  : සවස කෙටි ආහාරය

. . 5:30  : රාත්රී ආහාරය

. . 7:00  : නින්දට යැවීම

 

ඇතැම් කුඩා දරුවන් උදෑසනින්ම අවදිවනවා. රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් බොහෝ වේලාවකට පසු උදෑසන ආහාරය ගන්නා නිසා දරුවා උදෑසන ආහාර වේල සකසන තුරු කෙටි ආහාරයක් ලබාදීමට ඔබට හැකියි. කිරි වීදුරුවක්, කෙසෙල් ගෙඩියක්, ධාන් සීරියල් හෝ පෝශ්යදායි බිස්කට්ටුවක් මෙසේ ඔබට ලබාදිය හැකි කෙටි ආහාරයි. එසේම උදෑසනින් අවදි වන කුඩා දරුවකු සඳහා ඔබට භාවිතා කළ හැකි කාලසටහනක්ද පහත ඉදිරිපත් කර තිබෙනවා

 

පෙ. .  6:00 : සහ උදෑසන ආහාරයට පෙර කෙටි ආහාරය

පෙ. .  7:30 : උදෑසන ආහාරය

පෙ. .  10:00 : උදෑසන කෙටි ආහාරය

. .   12:30 : දිවා ආහාරය

. .   1:30 : නින්දට යොමු කිරීම

. .   3:30: සවස කෙටි ආහාරය

. .   5:30: රාත්රී ආහාරය

. .   7:00 : නින්දට යොමු කිරීම

 

වගේම ඇතැම් කුඩා දරුවන් උදෑසන වැඩි වේලාවක් නිදා ගන්නා අතර රාත්රී කාලයේ පමා වී නින්දට යනවා. රාත්රී ආහාරයත් නින්දට යන වේලාවත් අතර දිගු කාලයක් ඇති අතර දරුවාට කුසගිනි ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවා නින්දට යැවීමට පෙර කුඩා ආහාරයක් ඔහුට හෝ ඇයට ලබාදීමට ඔබට හැකියි. කෙසෙල් ගෙඩියක් නැතිනම් පාන් ටෝස්ට් එකක් හෝ කිරි වීදුරුවක් මෙසේ ඔබට දීමට හැකි කෙටි ආහාර වර්ග අතර වෙනවා. එමෙන්ම රාත්රියේ ප්රමාද වී නින්දට යන දරුවකුට උචිත කාල සටහනක් පහත දැක්වෙනවා.  

 

පෙ. . 7:00 : උදෑසන අවදි වීම 

පෙ. . 7:30 : උදෑසන ආහාරය

පෙ. . 10:00 : උදෑසන කෙටි ආහාරය

. . 12:30 : දිවා ආහාරය

. . 1:30 : නින්දට යොමු කිරීම

. . 3:30 : සවස කෙටි ආහාරය

. . 5:30 : රාත්රී ආහාරය

. . 7:30 : රාත්රී නින්දට පෙර කෙටි ආහාරය

. . 8:00 : නින්දට යොමු කිරීම

 

ඔබගෙ කුඩා දරුවන් ඔබ රැකියාවට යන විට දිවා සුරැකුම් මධ්යස්ථානයක් වෙත යොමු කරනවා නම් ඔබට ඉහත පරිදි කාල සටහනක් දරුවාගේ ආහාර ගැනීම සහ දවස ගත කරවීම සම්බන්ධයෙන් දිවා සුරැකුම් මධ්යස්ථානයේ පාලිකාවට ලබාදිය හැකියි. එවිට ඔබට අවශ් පරිදි දරුවාගෙ ආහාර දීමේ වේලාවන් දිගටම පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා. එතකොට දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඇතිව අවශ් වන්නේ නැහැ. එවැනි දරුවකු සම්බන්ධවයෙන් ඔබට පහත කළ කාලසටහන අනුගමනය කිරීමට හැකියාව තිබෙනවා

 

පෙ. . 7:00 : උදෑසන අවදි වීම 

පෙ. . 7:30 : උදෑසන ආහාරය

පෙ. . 10:00 : උදෑසන කෙටි ආහාරය

. . 12:30 : දිවා ආහාරය

. . 1:30 : නින්දට යොමු කිරීම

. . 3:30 : සවස කෙටි ආහාරය

. . 6:00 : රාත්රී ආහාරය

. . 7:00 : නින්දට යොමු කිරීම

 

දරුවන්ට නිසි පෝෂණය ලැබෙන පරිදි ආහාරපාන ලබාදීම ඇතැම් විට ඉතාමත් අසීරු කාරණයක්. විශේෂයෙන් අවුරුදු 1 ත් 3ත් අතර දරුවන් පෝෂණය කිරීම ඇතැම් විට ඉතා වෙහෙසකාරී වෙනවා . දරුවන්ආ හාර ප්රතික්ෂේප කරන බවත් ඔවුන්ට පෝෂදායී ආහාර ලබාදීම ඉතාමත් ගැටලුවක් වී ඇති බවත් මව්වරුන් පවසනවා. නමුත් යම් කාලසටහනකට අනුව ආහාර පාන ලබා ගැනීමට හුරු කිරීමෙන් දරුවා තුළ ආහාර රුචිය ඇති කරවීමට ඔබට හැකියාව ලැබෙනවා. සඳහා උත්සාහ කිරීම වැදගත් වෙනවා.  ඉදිරි ලිපියකින් දරුවාට ලබාදිය යුතු පෝෂදායී ආහාර වර්ග සහ ආහාර ලබා දීමේදී අනුගමනය කළ හැකි සරල පියවර ඔබ වෙත අපි ඉදිරිපත් කිරීමට බලා බලාපොරොත්තු වෙනවා.