දරුවාට සෙල්ලම් බඩු අඩුවෙන් තිබෙන තරමට ඔවුන්ට වාසි අත්වන බව දන්නවද?

අපි අතර තිබෙන සෙල්ලම් බඩු හුදෙක් සෙල්ලම් බඩු නෙමෙයි. සෙල්ලම් බඩු කියන්නේ අපේ දරුවාගේ අනාගතය සඳහා අස්වැසිල්ලක් වනවා. සෙල්ලම් බඩු අපේ දරුවන්ට ලෝකය ගැනත් තමන් ගැනත් උගන්වන අතර වටිනාකමක් සන්නිවේදනය කරනවා. මේ අනුව, බුද්ධිමත් දෙමව්පියන් තම දරුවන්ට ලබා දෙන සෙල්ලම් බඩු මගින් දරුවාගේ අනාගත අත්තිවාරම දමා ගන්නේ කොහොමද කියලා හිතනවා ඇති.

බුද්ධිමත් දෙමව්පියන් දරුවන්ට ලබා දෙන සෙල්ලම් බඩු ගණන ගැන හැම විටම තීරණය කරන්න වෙනවා. අද බොහෝ සෙල්ලම් කාමර සහ නිදන කාමර සෙල්ලම් බඩු වලින් පුරවා තිබුණත් සමහර දෙමව්පියන් හිතාමතාම සෙල්ලම් කිරීමට දෙන සෙල්ලම් බඩු ගණන සීමා කරනවා.

සෙල්ලම් බඩු අඩු වීම කිරීමෙන් දිගු කාලීනව තම දරුවන්ට ප්‍රයෝජනවත් වන බව දෙමව්පියන්ට මේ ලිපියෙන් කියල දෙනවා. 

 

ළමයින් වඩාත් නිර්මාණශීලී වීමට ඉගෙන ගන්නවා

සෙල්ලම් බඩු ඕනෑවට වඩා තිබීමෙන් ළමයින්ගේ පරිකල්පන ශක්තිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වීම වළක්වයි. ජර්මානු මහජන සෞඛ්‍ය සේවකයින් අත්හදා බැලීමක් අතරතුර බාලාංශ පන්ති කාමරයක මාස තුනක් තිස්සේ ඔවුන්ගේ සෙල්ලම් බඩු සියල්ල ඉවත් කරා. අත්හදා බැලීමේ ආරම්භක අවධියේදී කම්මැලිකමක් ඇති වුවද, දරුවන් ඉක්මණින් ඔවුන්ගේ මූලික වටපිටාව ක්‍රීඩාවට, නව නිපැයුම් කිරීමට සහ ඔවුන්ගේ ක්‍රීඩාවේ පරිකල්පනය භාවිතා කිරීමට පටන් ගත්තා.

 

ළමයින්ට වැඩි අවධානයක් ඇති වේ

දරුවෙකුගේ ජීවිතයට ඕනෑවට වඩා සෙල්ලම් බඩු අරන් දුන් විට, ඔවුන්ගේ අවධානයට ලක්වන කාලය අඩු වෙන්න පටන් ගන්නවා. සෙල්ලම්බඩු අඩුවෙන් තිබෙන තරමට කුඩා දරුවන තමන් ඉදිරිපිට ඇති සෙල්ලම් බඩු අගය කිරීමට ඉගෙන ගන්නවා.

 

ළමයින් වඩා හොඳ සමාජ කුසලතා ඇති කරයි

 

සෙල්ලම් බඩු අඩු දරුවන් අනෙක් ළමයින් හා වැඩිහිටියන් සමඟ අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කර ගන්නවා. ඒ වගේම හොඳ සංවාදයක් ලබා දීම සහ ගැනීමට ඔවුන් ඉගෙන ගන්නවා. වැඩිහිටි අවධියේදී අධ්‍යාපනික හා සමාජ තත්ත්වයන් තුළින් සාර්ථකත්වයට යාමේදී ළමා කාලයේ ඇති කර ගත් මිත්‍රත්ත්වයන් බලපානවා. දරුවෙකු ලෙස වඩා හොඳ සබඳතා ඇති කර ගැනීමෙන් වැඩිහිටි වියේදී සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න පුළුවන්.

 

ළමයින් දේවල් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට ඉගෙන ගන්නවා

ළමයින්ට ඕනෑවට වඩා සෙල්ලම් බඩු ඇති විට, ඔවුන් ස්වභාවයෙන්ම ඒවා ගැන අඩු සැලකිල්ලක් දක්වනවා. ඕනෑ තරම් සෙල්ලම් බඩු අතේ තිබේ නම් ඒවා අගය කිරීමට ඔවුන් ඉගෙන ගන්නේ නැහැ. දරුවන් තමන්ගේම සෙල්ලම් බඩු වලට නිරන්තරයෙන් හානි කරනවා නම්, සෙල්ලම් බඩු කිහිපයක් ඉවතට ගන්න. එමගින් ඔහු ඉක්මණින් තමන් සතු දේවල වටිනාකම ඉගෙන ගනියි.

 

ළමයින්ට කියවීම, ලිවීම සහ කලාව කෙරෙහි වැඩි ඇල්මක් ඇති වෙයි

සෙල්ලම් බඩු අඩු ප්‍රමාණයක් තිබීමෙන් දරුවන්ට පොත්, සංගීතය, වර්ණ ගැන්වීම සහ පින්තාරු කිරීමට ආදරය කරයි. කලාවට ඇති ඇල්ම ඔවුන්ගේ ලෝකයේ අලංකාරය, චිත්තවේගයන් සහ සන්නිවේදනය වඩාත් හොඳින් අගය කිරීමට උපකාරී වෙයි. එය සෞඛ්‍යයට අහිතකර ස්ක්‍රීන් ටයිම් එකකට හුරු වීමෙන් වළක්වයි.

 

ළමයින් ආත්මාර්ථකාමී බවට පත් වෙන්නේ නැහැ

දරුවන් තමන්ට අවශ්‍ය සියලු දේ ඇත යන සිතුවිල්ල සමග තමන්ට අවශ්‍ය සියළු දේ ලබා ගත හැක යන ආකල්පය ඇති කරගන්නව. මෙම ආකල්පය අහිතකර ජීවන රටාවකට මග පාදනවා. සෙල්ලම් බඩු අඩුවෙන් ලබාදීම තුළ දරුවන්ට ආත්මාර්ථකාමී සිතුවිලි ඇති වීම වළක්වනව. 

 

ළමයින්ට ස්වභාව ධර්මය වැඩියෙන් අත්විඳිය හැක

සෙල්ලම් බඩු වලින් පිරුණු ළමයින්ට පිටතින් සෙල්ලම් කිරීමට සහ සොබාදහම කෙරෙහි ගැඹුරු ඇගයීමක් ඇති කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනෙකුත් දරුවන් ශාරීරික ව්‍යායාමවල යෙදීමට වැඩි ඉඩක් ඇති අතර එමඟින් සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතියෙන් ගත කරයි.