දරුවාගේ කුඩා මස්පිඩු චලන කුසලතා (Fine Motor Skills) වර්ධනය කළ හැකි ක්‍රියාකාරකම් (2 කොට​ස)

ඇඳුම් වල බොත්තම් දැමීම, කෑමට භාජන භාවිතා කිරීම, සපත්තු ගැටගැසීම, කතුරෙන් කැපීම සහ ලිවීම වගේ අපේ ඇඟිලි භාවිතා කරමින් එදිනෙදා සාමාන්‍යයෙන් කරන කටයුතු වලට අපි වැඩිපුර අවධානයක් නොදැක්වූවත් ඒවා පුංචි කාලේ ඉඳන් හරිහැටි පුහුණු වෙන්න නම් අපිට ඉතාම හොඳ කුඩා මස්පිඩු චලන කුසලතා හෙවත්  (Fine Motor Skills) අත්‍යවශ්‍ය වෙනවා. ඒ ගැන හඳුන්වාදීමක් අපි පළමු ලිපියෙන් කළා. ඇත්තටම අපේ දරුවන්ට Fine Motor Skills වැදගත් වන්නේ ඇයි? දරුවන් වයසින් වැඩෙද්දී බොහෝ විට දෛනික ජීවිතයේදී Fine Motor Skills භාවිතා කරන්න වෙන නිසා දරුවන් විසින් සම්පූර්ණ කරන කාර්යයට නිශ්චිත කුසලතා කට්ටලයක් සහ ඇතැම් මාංශ පේශි භාවිතා කිරීමට අවශ්‍ය වෙනවා.

 

විශේෂයෙන්ම කුඩා දරුවෙකුට මෙම එදිනෙදා කාර්යයන් තනිවම කර ගන්න බැරි නම් ඒක ඔවුන්ගේ ආත්ම විශ්වාසය, ස්වයං රැකවරණය සහ ස්වාධීන කුසලතා වර්ධනය කර ගැනීමේ හැකියාවට සහ ඔවුන්ගේ අධ්‍යාපන කාර්ය සාධනයට බලපානවා. ඒ නිසා ඔබේ දරුවාගේ Fine Motor Skills වැඩි දියුණු කිරීමට සුදුසු කරුණු 05ක් අපි ඔබට කිව්වා. මේ තියෙන්නේ ඒකේ දෙවෙනි කොටසයි. දෙමවුපියන් වශයෙන් ඔබ මෙම ක්‍රම ඉගෙන ගත්තාට පස්සේ දරුවන්ට වගේම ඔබටත් ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා දැනගන්න පුළුවන් වෙයි. 

 

පෙර පාසල් හෝ බාලාංශ දරුවන්ට Fine Motor Skills ඉගැන්වීම සඳහා මෙම ක්‍රම විශේෂයෙන් ඵලදායී වනවා. ඒ වගේම තරුණ හා වැඩිහිටි දරුවන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ද ප්‍රයෝජනවත්.

දරුවාගේ කුඩා මස්පිඬු චලන කුසලතා (Fine Motor Skills) වර්ධනය කළ හැකි ක්‍රියාකාරකම් 1 – කොට​ස

1. නාන සෙල්ලම්

 

දරුවන් බාත් ටබ් එකේ නාන වෙලාවට මිරිකීම සහ පිරවීම සඳහා ප්ලාස්ටික් කෝප්ප භාවිතා කරමින් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. නාද්දී දරුවන්ගේ අත් වලට ස්පොන්ජ් හෝ රළු සෙල්ලම් බඩු කීපයක් දෙන්න. ඒවා මිරිකමින් හිස් කප් පුරවන්න දෙන්න. එහෙම කරද්දී දරුවන්ගේ අතින් බිමට වතුර හැලෙන එක ගැන කරදර වෙන්න එපා. ඔබට පස්සේ ඒවා පිස දාන්න පුළුවන්.

 

2. වැලි සෙල්ලම්

නාන වේලාවෙදී වතුර පිරවීම සහ වත් කිරීමට කෝප්ප භාවිතා කිරීම දරුවන්ට අතිශය විනෝදජනක වන අතර ඔවුන්ගේ සංවේදක සංවර්ධනය දිරි ගන්වනවා. ඒ වගේම දරුවන්ට හැඳි සමග වැලි හාරන්නත් ඉඩ දෙන්න. ඒකට අච්චු ද භාවිතා කරන්න. වැලි මත පින්තූර අඳින්න කියන්න. ගේ ඇතුළේ දී මැජික් හෝ චාලක වැලි (magic or kinetic sand) ඒ සඳහා යොදා ගැනීම හොඳ විකල්පයක්.

 

3. blocks සහ Lego සමඟ ගොඩනඟන්න

 

 blocks සහ Lego සමඟ දේවල් ගොඩ ගසන්න, සම්බන්ධ කරන්න සහ ගොඩනඟන්න. මෙම ක්‍රියාකාරකම් දරුවාගේ තල්ලු කිරීමේ හා ඇදගෙන යාමේ දක්ෂතා දිරිමත් කරයි. නිර්මාණශීලිත්වය පෝෂණය කිරීම සඳහා Lego ඉතාම හොඳයි. Lego සමඟ ගොඩනැගීම ඔබේ දරුවාගේ Fine Motor Skills වැඩ කිරීමට සහ වර්ධනය කිරීමට ඵලදායී ක්‍රමයක්. දරුවන් විසින් Lego කොටස් ගොඩනඟනකොට ඔවුන්ගේ අත්වල ශක්තිමත් මාංශ පේශි ගොඩනැඟෙනවා. එම කොටස් සම්බන්ධීකරණය කරනකොට පැන්සලක් ඇල්ලීමට ඉගෙනීම සහ ලිවීමට ඉගෙනීම වගේ වෙනත් කුසලතා සමඟ දියුණු වෙන්න මෙය උපකාරී වෙනවා.

 

Lego සමඟ සෙල්ලම් කිරීමෙන් දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනත් කුසලතා අතර නොපසුබට උත්සාහය, සාධනය පිළිබඳ හැඟීමක් සහ ප්‍රහේලිකා විසඳීමට අවශ්‍ය ඥානය වැඩි දියුණු වෙනවා.

 

4. අයි ඩ්‍රොපර් (Eye dropper) පරීක්ෂණ

 

වීදුරු කිහිපයක් අරන් ඒවාට වතුර ටිකක් දමන්න. එක් එක් වීදුරු තුළ විවිධ වර්ණ වලින් ජලය පෙනෙන විදිහට එක් එක් වීදුරු තුළට ආහාර වලට යොදා ගන්න වර්ණක බින්දු කිහිපයක් වත් කරන්න. ඊට පස්සේ දරුවාට අයි ඩ්‍රොපර් එකකින් විවිධ පාට ජලය එකට මිශ්‍ර කරමින් අත්හදා බැලීම් කරන්න හිස් භාජන සහ වීදුරු කිහිපයකුත් තබා ගන්න. 

 

5. නූල් වල ඇමිණීම

පාස්ටා හෝ විවිධ ප්‍රමාණ වල පබළු නූල් වල අමු​ණන්න. නූල් වලින් ගැට දමන්න, බෝ ගැටගහන්න වගේ දේවල් කරන්න. ඇඟිලි තුඩු භාවිතය ගැන දරුවාට මනා අවබෝධයක් මේ ක්‍රියාකාරකම් වලින් ලැබෙනව. 

 

6. තනිවම දත් මැදීම

 

ඔබේ දරුවාගේ  Fine Motor Skills සංවර්ධනය සඳහා තනිවම දත් මදින්න පුරුදු කරන එකත් ඉතාම හොඳයි. කුඩා දරුවන්ට දත් මදින්නට ඉගැන්වීම මුලදී දුෂ්කර වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔවුන්ට නිසි ලෙස දත් මදින්න පුරුදු කිරීමේදී. නමුත් පුංචි කාලේ ඉඳන් එහෙම කිරීමෙන් ඔවුන්ගේ  Fine Motor Skills වර්ධනය කරගන්න උපකාරී වෙනවා වගේම ඔබේ දරුවාගේ දත් වල සනීපාරක්ෂාව වැඩි දියුණු වෙනවා.

 

විශේෂයෙන්ම දරුවන් පාසල් වයසට පැමිණෙනකල් ම ඔවුන්ගේ සම්බන්ධීකරණ හා සමබරතාවය පිළිබඳ ගැටළු ගැන දෙමවුපියන් කරදර වෙන්න ඕනේ නෑ. නමුත් ඔබේ දරුවා තුළ gross motor skills නොමැතිවීම ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් ළමා වෘත්තීය චිකිත්සකයෙකුගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. 

 

දරුවාගේ කුඩා මස්පිඬු චලන කුසලතා (Fine Motor Skills) වර්ධනය කළ හැකි ක්‍රියාකාරකම් 1 – කොට​ස