අම්මල ගුණ දේවල් හොය හොයා පොඩ්ඩොන්ට දෙනවනෙ. ඔන්න ඉතින් අපි අද අරන් ආවෙ රස වගේම ගුණ දෙන මාළු බිත්තර රසට උයන හැටි අරගෙනයි.
මාළු බිත්තර කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු බිත්තර ග්‍රෑම් 200
- විනාකිරි ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහ ටිකක්
- චොප්කරගත් සුදුළූණු බික් 2-3
- කපාගත් ළූණු
- රම්පේ හා කරපිංචා
- මිටිකිරි අවශ්‍ය පමණ
- මුලින්ම මාළු බිත්තර ටික හොඳින් සෝදා ගෙන පරිස්සමට පෑන් එකේ අතුරන්න. ඒකට විනාකිරි ලුණු, ගම්මිරිස්, වතුර චුට්ටක් දාලා ඒ වතුර හිඳෙනකන් තම්බාගන්න. ගොඩක් වතුර දාන්න එපා.
- වෙනම වළඳක තෙල් ටිකක් රත් කරගෙන ඒකට ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, ලුණු, ගම්මිරිස් සහ කහ දාලා තෙම්පරාදු කරගන්න.
- මේකට තම්බගත්ත මාළු බිත්තර එකතු කරගෙන මිටිකිරි හොද්ද අවශ්‍ය පමණට එකතු කරන් උතුරවාගන්න.