මාළු උයල කනවට වඩා බැදල කන්න තමා ගොඩක් වෙලාවට පොඩ්ඩො ආස. හවසකට ස්නැක් එකකට වුණත් මේ විදියට ෆිෂ් ෆින්ගර්ස් හදල දුන්නොත් නම් මාළු කන්න බෑ කියන එකක් නෑ. ඔන්න එහෙනම් මේ රෙසිපි එකට ෆිෂ් ෆින්ගර්ස් හදල දෙන්නකො බලන්න
Fish Fingers
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත් කළ මාළු ග්‍රෑම් 500
- මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- ඉඟුරු හා සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- දෙහි බෑයක යුෂ
පාන්පිටි මිශ්‍රණයට
- පාන්පිටි ග්‍රෑම්120
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔරිගානෝ ටිකක්
- ගාලික් පව්ඩර් තේ හැඳි 1/2
කෝට් කිරීමට
- බිත්තර 2
- බිස්කට් කුඩු කෝප්ප 1
- මාළු ටික දිග අතට කපාගන්න. මේකට මිරිස්කුඩු, ලුණු, ගම්මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ඉඟුරු හා සුදුළූණු පේස්ට් එක්කම දෙහි යුෂ ටිකත් දාලා අනලා පැයක් මැරිනේට් කරගන්න.
- පාන්පිටි මිශ්‍රණයට අවශ්‍ය සියල්ලම දාලා කලවම් කරගන්න. දැන් මැරිනේට් කරගත් මාළු පාන්පිටි වල තවරලා බිත්තර සාරු ගාලා බිස්කට් කුඩු තවරගන්න. ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.